" මොකද බන් මේ "
"........."
" ඒයී... ශාක්‍ය... මොකද... මේ ලෝකේ නෙමේද උබ.. කොහෙද බන් යන්නෙ මෙහෙ වරෙන්.... "
"මුකුත් නෑ මෙවී....මගේ ටිකක් ඔලුව රිදෙනවා... "
"තව ටික වෙලාවයි බන් ඔහොම ටිකක් ඉදපන්... මෙ මොකක් උනත් කමක් නෑ හෙට නම් ලෙඩ කියලා නෑවිත් ඉදපන් බලන්න... ලෙඩ දෙපිටින් ගියත් කමක් නෑ වරෙන් "
"ඇයි ඇයි මොකෝ සීන් එක බබා.. කවුද ලෙඩ වෙලා තියෙන්නෙ... "
"ඔහොම අහන්නෙපා හිරු....නිකම් මූ ලොකු ලමයෙක් වෙලා මාසෙන් මාසෙට ලෙඩ වෙනවා වගේනෙ ඔයා අහන්නෙ"
"මොනාද බන් කියවන්නෙ.. උබේ කට නම් තනි ටොයිලට් එකක් යකෝ "
"ඇයි උබ රීලා බැලුවද ලැට් එකක්ද කියලා "
"ඕක ඇරියම පේනවා මොකක් වගේද කියලා "
"මන් ඇරියොත් උබ කොහොමත් නොන්ඩි ගහනෝ අන්න ඒක නිසා අහකට පල... ශාක්‍ය මේක බීපන් ආ...
නැගිටපන් බීපන් මේක ""අනේ එපා බන් මන් බො-"
"දැන් මන් උබේ පුකට බුලත් අල්ලන්න ඕනෙද බීපිය මේක "
මට අර කෙල්ලව දිල්හාර අයියා එක්ක දැක්ක වෙලේ ඉදන් හිතට අවුල්... අර කෙල්ලට කිස් එකක් දීලා ආවත් හරි මන් දිව්වා.. හැබැයි දිව්වට රියසල් වෙලාවෙත් මන් නිකම් වලෙන් නැගිටලා ආපු එකා වගේ...
කමක් නෑ... මමමයි බෑ කිව්වෙත් එයාට එයා එයාගෙ සතුට හොයන් යන්න ඇති... අනික එයාගෙ මමීත් දන්නවනෙ... එයා මන් ගැන ඇත්ත දැන ගත්තොත් මට කැමති වෙන එකක් නෑ... මට අම්මෙක් තාත්තෙක් වත් නෑ ඒක නිසා එයාට මාව එපා වෙයි කියලා බයයි... ඒත් මට මතක් වෙද්දි සමහර වෙලාවට ඇස් වල කදුලු පිරෙනවා... අනේ දුකයි දෙවියනේ... ඇයි මට පිලිගන්න බැරි මන් එයාට ආදරෙයි කියලා...මම දන්නෙත් නෑ මගේ හිතට කොහොම රින්ගගත්තද්ද කියලා... හැබැයි වෙනදා වගේ හිනාවක් නැති මාව මගාරිනකොට මට මාරම දුකයි.....
මොනා උනත් ඒ ගෑනු ලමයා හරි ලස්සනයි... මට මෙවීන් ඉන්ස්ටන් අප්ලෝඩ් කරපු පොටෝ එකක් පෙන්නුව වෙලෙත් එයාලගෙ අත් එකට බැදිලා තිබ්බෙ... කලාතුරකින් දකින අව්‍යාජ හිනාවක් ඒ දෙන්නගෙම මූනු වල තිබ්බා...