🏍️16

859 86 82
                                    

" ආ බේසිකයෝ.. රූම් එකේ දොර ලොක් කරගෙන උබ මොන මඟුලක්ද කරේ.. "

යාෂ් එයාගෙ රූම් එක පැත්තට යනකොට මිගාර සාක්කුවටත් අත් දෙක දාගෙන රූම් එකේ දොරට හේත්තු වෙලා ඉන්න අනුජ ලඟට ගියේ ඈත තියාම බැනගෙන..

" නාන ගමන් හිටියේ මැණික.. කතා කරාට ඇහුන්නෑ.. "

මිගාර කෑගහගෙන එද්දීම අනුජ මිගාරව ෂේප් කර ගන්න මැණික කියලම කතා කරා.

" ලොක් කරේ මොකකටද කියපන්කෝ.. "

" මං වෙනදටත් ලොක් කරනවා ඉතිං.. කවුරුහරි කතා කරයි කියලා හිතුවෙ නෑ.. "

" එතකොට උබට ෆෝන් එක රිං වෙනවවත් ඇහුන්නැද්ද මං කීපාරක් නම් ගත්තද.. "

මිගාර ෆෝන් එක රිං වෙන එකවත් ඇහුනේ නැද්ද කියලා ඇහුවේ මිගාර තුන් හතර පාරක්ම අනුජට කෝල් ගත්ත නිසා

" මේ.. jbl එකෙන් සිංදු දාලා තිබ්බේ.. ඇහුන්නෑ ඒ නිසා.. "

" ඈ... උබ දැන් අතන නටන්න තියන හැම දහඅට වන්නමම නටලා.. අඬලා වැලපිලා ගෙදර ඇවිත් සින්දු අහ අහා නෑවද.. "

" ඕනවට වඩා දුක් වෙලා මං මොකක් හරි පිස්සුවක් කෙලී කියලා බයයි මැණික.. අපි ඒ වෙලාවට එන ආවේගේ පිට කරා වගේ නෙවෙයි ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න.. මට ඕන උබත් එක්ක ජීවත් වෙන්න හේෂූ.. මෝඩෙක් වගේ හැසිරිලා මට මගේ හීන ලෝකේ නැතිකර ගන්න ඕන නෑ.. යේෂ් කැමති කිව්වා දැන් මොකද කියන්නේ.. ඊළඟ විනාඩියේම කැමැත්ත කියන්නම් කිව්වනේ.. වචනෙනන් වචනෙ මැණික.. "

අනුජ jbl එකේ සිංදු දාලා තිබ්බ නිසා ෆෝන් එක රිං වෙනවා ඇහුනේ නෑ කියලා කිව්වම මිගාර කේන්තියෙන් වගේ ඇහුවේ ගරාජ් එකේදී අඬලා වැලපිලා ගෙදර ඇවිත් සිංදු අහ අහා නෑවද කියලා.. අනුජ එයාට දුක දරා ගන්න බැරුව මොනා හරි පිස්සුවක් නටයි කියලා හිතලයි එහෙම කරේ කියලා මිගාරගෙන් ඇහුවේ යාෂ් කැමැත්ත දුන්න නිසා මොකද කියන්නේ කියලා..

" මේක හරියන එකක් නෙවෙයි අනුජ උබට තේරෙන්නැද්ද.. මේකෙන් වෙන්නේ උබ බොරුවට දුක් වෙන එක විතරයි.. "

" කමක්නෑ.. දුක් වෙන්න හරි කැමති වෙයන්කෝ.. උබ මට ආදරේ නොකර මේ සම්බන්දේ දිහා බලන නිසයි උබට ඔහොම හිතෙන්නේ.. උබටත් ආදරේ හිතුන දවසට දැන් උබ මාව එපා කිව්වත් එදාට මට යන්න ඕන උනත් උබ යන්න දෙන එකක් නෑ.. "

RaCe || සිංහල BL Story || Ongoing Where stories live. Discover now