🏍️06.

1K 103 36
                                    

ඇනපු එකා මාව බිමට තල්ලු කරලා දාලා බයික් එකේ නැගලා යන්න ගියා. ඇනිච්ච තැන් වලින් හොදටම ලේ ගලනවා. මම නැගිටින්න ට්‍රයි කරත් නැගිට ගන්න බෑ.. වෙන කරන්න දෙයක් නැති නිසා කොහොම හරි ෆෝන් එක සාක්කුවෙන් ගත්තේ මිගාරයටවත් කෝල් එකක් දෙනවා කියලා හිතාගෙන. ඒත් ෆෝන් එක අතට ගන්නවත් එක්කම මට ඇහුනේ ආයෙත් බයික් එකක සද්දයක්.

" ඒ.. නුරාග්. මොකද යකෝ මේ කරගත්තේ.. හොදටම ලේ ගලනවනේ.. නුරාග්  "

හරිම අගෙයි හරිම අගෙයි අලි මදිවට කොටි කිව්වලූ.. වෙන එකෙක් හිටියෙම නැද්ද දෙවියනේ මෙතනට එවන්න. දැන් ඉතිං හරිනේ.. ඔච්චරයි අඩුවට තිබුනේ.. ඇහිච්ච බයික් එකේ සද්දේ වේත්ගේ.. මූ මාව දැක්කා විතරයි බයික් එකෙන් බැහැලා මගේ ලඟට දුවගෙන ආවා..  මූ මොනාද මෙච්චර රෑ වෙලා එලියේ ඉදන් කරන්නේ.. මූත් රේස් පදින්න ගිහින්ද කොහෙද.. මේ වෙලාවට තමයි නාරද අංකල්වයි අපෙ තාත්තවයි මාරුකරගන්න හිතෙන්නේ..

"යාෂු යාෂු.. මාව ඇහෙනවද.. යාෂු "

ඇත්තමයි තුවාලේ පැත්තකින් තියලා මූට දෙක තුනක් ඇනගෙන ඇනගෙන යන්න හිතෙනවා. කවුද යකෝ යාෂු.. පිස්සු පකා.. අනේ මෙන්න මූට මොකෙක් හරි මතක් කරලා දීපන්කෝ මේ වගේ වෙලාවට ඉස්සෙල්ලම කරන්න ඕනේ ඇම්බියුලන්ස් එකකට කතා කරන එක කියලා.. මූ මොකාද වගේ දඟල දඟල එහාටයි මෙහාටයි කැරකෙනවා. මගේ ඇගේ ලේටික යකෝ මේ යන්නේ ලේටික.

" යාෂූ අනේ බං ලේ ගොඩක් යනවනේ.. කතා කරපන්කෝ යාෂු.. "

" හුත්තෝ අහ්... ඇම්බියුලන්ස් එක..කට කතා කරපන්.. කිරිපණුවා වගේ දඟල දඟල ඉන්නෙ නැතිව.. "

" අහ් හරි හරි.. "

මනුස්සෙක්ට උදව්වක් ඕන උනාම ඒකට මොලේ තියන එකෙක් එවන්න දෙවියොත් දැන ගන්න ඕන.. මං කියනකන්ම මූට ඇම්බියුලන්ස් එකක් මතක් උනේ නෑනේ.. දැන් එහෙටයි මෙහෙටයි ගිහින් ගිහින් කෝල් එක ගන්නවා.. එක තැනක ඉදන් ඕක ගනින් උබ ඇවිද්දයි කියලා ඇම්බියුලන්ස් එක පියාඹලා එන්නේ නෑ..

" හෙලෝ අනුජ.. උබ ගෙදරද.. ඉක්මනට චෙනුකලගෙ ගෙවල් හරියට වරෙන්කෝ.. යාෂුගෙන් ලේ යනවා බං.. "

" ... "

අන්න අන්න ඉතිං පිස්සු කෙළිනවනේ දාගෙන.. දැන් ඉතිං අනුජයා නැන්දට කියයි නැන්දා තාත්තට කියයි.. අනේ එක්කෝ මෙහෙම්මම වලපල්ලට යනවා ඒක සැපක්.. හුස්ම දැන්ම නතර වෙයන්. නැත්තම් තාත්තා හරි සීයා හරි කොහොමත් මගේ හුස්ම නතර කරනවා. ඔක්කොම මූ නිසා තමයි. උබ නිසා තමයි මට මැරෙන්න වෙන්නේ.. මැරිලත් මං එනවා යකෝ උබ පස්සෙන්. මං උබට සැනසීමෙන් ඉන්න දෙන්නෑමයි.

RaCe || සිංහල BL Story || Ongoing Donde viven las historias. Descúbrelo ahora