( ජූන්ජිත්තන් + කොටසක් තියනවා අකමැති අය ස්කිප් කරන් යන්න කතාවට හානියක් නෑ ස්කිප් කරා කියලා.. ** මාක් දාලා තියන්නම් පටන් ගන්න තැනටයි ඉවරවෙන තැනටයි)
.
.
." හෙලෝ දමිත්‍රයා සේරම ඉවරයි බං.. පතිරණව මරලා දාලා.. "
" මොකක්.. "
උදේ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් හිටිය දමිත්‍රට ගිම්හාන කෝල් කරලා කිව්වේ එච්චර හොද ආරංචියක්නම් නෙවෙයි. සපත්තු දෙක දාන ගමන් හිටිය දමිත්‍ර ගිම්හාන පතිරණව මරලා දාලා කියනකොටම වාඩිවෙලා හිටිය තැනින් නැගිටගෙනම 'මොකක්' කියලා ටිකක් සද්දෙට කිව්වා..
" ඔව් බං ඊයේ රෑ මරලා දාලා තියෙන්නේ.. උබ ගෙදරද තාම ?"
" ඔව්.. "
" ඔහොම ඉදපන් මං මේ එන ගමන්.. "
ගිම්හාන දමිත්‍ර ගෙදරද කියලා අහලා දමිත්‍රට ගෙදරම ඉන්න කිව්වේ එයා දමිත්‍රගේ ගෙදරට එන ගමන් හිටිය නිසා. ගිම්හාන එන ගමන් කිව්වම දමිත්‍ර කෝල් එක කට් කරලා ෆෝන් එක ඇඳ උඩට විසික් කරලා දාලා ආය ඇඳෙන් වාඩි උනේ ඔලුවත් බදාගෙන..
.
." උබට හොඳටම ෂුවර්ද ඒ පතිරණමයි කියලා. "
" ඔව් යකෝ.. උබ උදේ නිව්ස් බැලුවේ නැද්ද.. "
රූම් එකේ හිටිය දමිත්‍ර ගිම්හානගේ බයික් එකේ සද්දෙට සාලෙට ආවා.. ගිම්හාන ගේ ඇතුළට එනවත් එක්කම දමිත්‍ර ඇහුවේ මරලා දාලයි කිව්ව කෙනා පතිරණ කියලා හොඳටම විශ්වාසද කියලා.. ගිම්හාන ගේ ඇතුළට ඇවිත් ෆෝන් එක බලන ගමන්ම ඔව් කියලා දමිත්‍රගෙන් ඇහුවේ උදේ නිවුස් බැලුවේ නැද්ද කියලා.. ඒත් එක්කම නිවුස් චැනල් සයිට් එකක දාලා තිබ්බ නිවුස් එක එයාගේ ෆෝන් එකෙන් පෙන්නන ගමන් ගිම්හාන සෝෆා එකෙන් වාඩි උනා. ගිම්හානගේ ෆෝන් එක අතට ගත්ත දමිත්‍ර නිවුස් එක පහළටම කියවන් ගිහින් ගිම්හාන දිහා බැලුවා..
" හොරකම් කරන්න ආව එවුන් වගයක්ද මරලා දාලා තියෙන්නේ.. "
" එහෙම තමයි නිවුස් එක යන්නේ. ගෙදර රත්තරන් බඩු සල්ලි මුකුත් නෑලූ.. ඒත් මට නම් සැකයි බං.. මුන්ට ඉව වැටුනවත්ද.."
أنت تقرأ
RaCe || සිංහල BL Story || Ongoing
غير روائيRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️