🏍️07.

1K 96 60
                                    

" දෙගොල්ලොම ඇහිදිනවා ඔය කොල ටික.. එක කොලයක් බිම තියෙන්න බෑ.. "

ටයිගරයා කට්ටියටම කොල ටික ඇහිදින්න කිව්වම මිනූෂයා ඉස්සෙල්ලාම කොල ටික ඇහිදින්න ගත්තා. ඕකා කොහොමත් උස මහත එවුන්ට බයයි.. ටයිගරයා අනිත් උන් දිහා බැලුවම  උනුත් හෙමින් හෙමින් කොල ටික ඇහිදින්න ගත්තා.. මට තුවාලයි.. ඇදෙන් බහින්න බෑ.. ඒ නිසා උන් ටික අහුලගත්තාවේ කියලා මං ඇද උඩ වැටිලා තිබ්බ කොලයක් අරන් කියවන්න ගත්තා..

" තමුන් දෙන්නට වෙනම කියන්න ඕනද.. "

" දැන් කොල ටික බිම වැට්ටුවේ මංද.. නෑනේ.. මට අදාල නැති දේවල් මං කරන්නෑ.. පැත්තකට ගන්නවා ඔය මඟුල.. "

කොල්ලෝ ටික පනදාගෙන කොල ටික ඇහිදිනවා ශේනූවයි වේතුයි විතරක් පැත්තකට වෙලා බලන් ඉන්නවා. ටයිගරයා ශේනූට වෙනම කියන්න ඕනද කියලා ඇහුවම ශේනූවා කොල ටික බිම වැට්ටුවේ එයා නෙවෙයි කියලා එයාට අදාළ නැති වැඩ කරන්නේ නෑ කිව්වා.. වේත් නම් ඌ මෙතන නෑ වගේ ඉන්නවා..  ටයිගරයා ශේනූගේ පැත්තට දික් කරන් ඉන්න තඩි ලීයත් පැත්තකට ගසලා දාලා ගානක් නැතුව ඒකී මගේ ලඟට ආවා.. ටයිගරයා ශේනූ දිහා අන්දුන්කුන්දුන් වෙලා බලන් ඉන්නවා.. කෙල්ලෙක් නිසා එහෙම කතා කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඇතුව ඇති. උබ තව මොනාහරි කිව්වනම් පාරවල් දෙකතුනක් කන්නත් තිබ්බා..

" හ්ම්ම් කෝච් දෙන්න කිව්වේ.. ඉක්මනට හොද වෙන්න බලපන්.. උබ ගිය පාරත් ඔය ටූනමන්ට් එක මිස් කර ගත්තා.. මේ පාරනම් මිස් කර ගන්න එපා පුතෝ ලෝක අපරාදයක් "

" හ්ම්ම් කෝච් දන්නවද හොස්පිට්ල් කියලා "

" නෑ.. අපි දන්නෙත් මිගාරයා දාලා තිබ්බ මැසේජ් එක නිසා.. "

එහෙනම් මේ ටිකේ ෆෝන් එක ඕෆ් කරන් තියා ගන්න ඕන.. නැත්තම් දැන ගත්ත ගමන් කන පැලෙන්න අහගන්න පුළුවන්. ගිය පාරත් වලියක් දාගෙන මේකට යන්න බැරි උනා.. මේ පාරත් වැඩේ හරි වගේ.. ඔක්කොටම වඩා හපන් වදේ තාත්තගෙන්. දැං ඉතිං ඕකටත් බැනුම් අහපන්කෝ..

" මොකක්ද .. බොක්සිං ටූනමන්ට්.. උබට ට්‍රැක්ද ශේනූ.. මූ කොහොමද මේකට සෙල්ලම් කරන්නනේ.. "

RaCe || සිංහල BL Story || Ongoing Donde viven las historias. Descúbrelo ahora