🏍️26

955 104 156
                                    

" ඇයි .. "

" දමිත්‍ර ගන්නෑ.. "

දමිත්‍රගේ නම්බර් එකට එක දිගට කෝල් කරන ආග්‍රව් දිහා බලලා අනුජ ඇයි කියලා ඇහුවම ආග්‍රව් දමිත්‍ර ගන්නෑ කියලා කිව්වේ මේ පාරත් රිග් වෙලා කට් උන කෝල දිහා බලාගෙන...

" හෙලෝ.. "

" හෙලෝ.. ආග්‍රව්. දමිත්‍රව හොස්පිට්ල් ඇඩ්මිට් කරා.."

ආග්‍රව් ආයෙත් දමිත්‍රගේ නම්බර් එකට කෝල් බැක් කරන්න යද්දි නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එනවා දැකලා කෝල් එක ආන්ස' කරලා කනේ තියා ගත්තා.. ආග්‍රව් හෙලෝ කියනවත් එක්කම ආග්‍රව්ට අනිත් පැත්තෙන් ඇහුවෙ හති දාන ගිම්හානගෙ කටහඬ..

" යාෂ්.. මට පොඩි වෙලාවක ලීව් එකක් ගන්න පුළුවන් වෙයිද.. "

" හ්ම්ම් "

" මං සර්ට කතා කරන්නම්. තනියම කොහෙවත් යන්න එපා. මං ආයෙත් ඉක්මනට එනවා.. "

" හ්ම්ම් "

ගිම්හාන කතා කරලා දමිත්‍රව හොස්පිට්ල් ඇඩ්මිට් කරා කිව්වම ආග්‍රව් සෝෆා එකේ වාඩි වෙලා ඉන්න යාෂ් දිහා බලලා පොඩි වෙලාවකට ලීව් එකක් ඉල්ලුවා.. යාෂුත් ආග්‍රව්ට ලීව් එක ගන්න කිව්වම ආයෙත් ෆෝන් එක කනේ තියාගෙන ගිම්හානගෙන් හොස්පිට්ල් එක අහන්න ගියත් ඊටකලින් ආග්‍රව් යාෂ්ට තනියම කොහෙවත් යන්න එපා කාර් එකේ කී එකත් අරන් වාහනේ ලඟට ගියා..

" කේස් එක බරපතලයි වගේ.. "

" ම්ම් මොකද කියලා කිව්වෙත් නෑනේ.. "

" බලමු ඉක්මනට එනවා කිව්වනේ.. "

ආග්‍රව් යන දිහා බලන් හිටපු වේත් කේස් එක බරපතලයි වගේ කිව්වම අනුජ ආග්‍රව් ආව කෝල් එක ගැන එයාලට මුකුත් නොකියා ගිය නිසා ඒ ගැන මොනවත් කිව්වෙත් නෑ කිව්වම ආග්‍රව් ඉක්මනට එනවා කියලා ගිය නිසා එනකන් ඉමුයි කියලා වේත් අනුජගේ රූම් එකට ගියා..

.

.

" නුරාග්.. අත කොහොමද.. "

" ... "

" නුරාග් උදේට බෙහෙත් බිව්වද.. "

" ... "

ආග්‍රව් යන්න ගියාම ආයෙත් කට්ටිය ටිවී එකත් ඕෆ් කරලා දාලා කලින් කරකර හිටිය වැඩ ටිකම පටන් ගත්තා.. රන්දුනු ප්‍රාතිහට හේත්තු වෙලා දෙන්නත් එක්කම මැච් එකක් බලනවා. ඉමාෂ සෝෆා එකක වාඩිවෙලා එයා ලඟින්ම ඉදන් ඉන්න මිනූෂගේ ලෝකේ නැති කතා ටික අහගෙන හිනා වෙවී ඉන්නවා.. තෙනුලුයි මෙනුලුයි කේසරයි ෆෝන් එකෙන් ගේම් ගහනවා. ශේනූ නම් මේ පැත්කවත් නෑ.. උඩට ගිහින් පන්චින් බෑග් එකත් එක්ක ඔට්ටුවෙනවා.. ඒ අතර මිගාරයි යාෂුයි බයික් රේස් එකක් බලනවා.. මේ සෙට් දෙකෙම්ම පොතක් අතේ තියෙන්නේ බිඟුන්ගෙ විතරයි... කට්ටියගෙන්ම අයිනට වෙලා බිඟුන් නම් පාඩම් කරනවා..

RaCe || සිංහල BL Story || Ongoing Donde viven las historias. Descúbrelo ahora