🏍️09.

915 88 136
                                    

" පරිස්සමෙන් එන්න සුදු තාත්තී... "

" මට දැන් හොදයි බං තනියම ඇවිද ගන්න පුළුවන් "

දවස් තුනකට පස්සේ යාෂ්ව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරා.. යාලුවෝ රෑනම ඇවිත් යාෂ්ව අද ගෙදර එක්කන් ආවා.. මේ දවස් තුනටම විශේෂයෙන් කියලා උනේ වේත් එයාගේ ට්‍රෝෆී එකේ ෆොටෝ දාලා එයාගේ ෂෝෂල් මීඩීයා පුරවපු එකයි.. යාෂ්ගේ සෙට් එක ෆේක් එකවුන්ට් හදාගෙන ඒවට හා හා රියැක්ට් දාලා බැනලා කමෙන්ට් දාලා ආව එකයි තමයි. වේත් රේස් එකට යන්න කලින් හොස්පිට්ල් එකට ආවට පස්සේ ආයේත් ඒ පැත්ත පලාතේ ආවේ නෑ..

" චූටී පුතා... බලාගෙන දරුවෝ.. කෝ ඔහොම්මම රූම් එකට යන්.. ගෙදර ආවා කියලා නෑ හොදට රෙස්ට් කරන්න ඕනේ.. "

" මට දැන් හොදයි.. දවස් තුනක් හොස්පිට්ල් එකේ ඉදන් රෙස්ට් කරේ ඒ හොදටම ඇති.. "

" ඔය ඉතිං කියන එකක් අහන්නෑ.. ඊට පස්සේ තුවාල කරගෙන අපිට ගින්දර දෙනවා.. මිගාර පුතේ.. ඔන්න එලියෙන් හරි පොඩ්ඩක් වාඩි කරවන්න එහෙනම්.. මං බොන්න මොනාහරි හදන් එන්නම්..  "

" අහ්.. වීරයා ගෙදර එන්න දීලා වගේ.. "

" පොල් ටික ගාලා ඉවරද සේනක.. "

යාෂ්ගේ නැන්දා කේතකී යාෂ්ට එහෙම්මම රූම් එකට ගිහින් රෙස්ට් කරන්න කිව්වත් යාෂ් දවස් තුනක් තිස්සේ රෙස්ට් කරපු එක ඇති කියලා මිදුලේ තියන පුටුවලින් වාඩි උනා.. කේතකී බැන බැනම ආයෙත් ගේ පැත්තට යනකොට මිදුලට ආවේ යාෂ්ගේ මාමා සේනක.. සේනක ආවේ යාෂ් එක්ක කතා කරන්න උනත් සේනකව දැක්ක ගමන් කේතකී ඇහුවේ ගාන්න දුන්න පොල් ටික ගෑවද කියලා.. අද සේනක නිවාඩු දවසනේ... පොල් ගාන කොල කපන ළූණූ සුද්ද කරන මිදුල් අස් කරන වගේ වැඩ ටික අද සම්පූර්ණයෙන්ම බාර වෙන්නේ සේනකට..

" ඔව් ඔව් බෑයක් ගෑවා.. "

" බෑයක් මොනා කරන්නද මනුස්සයෝ.. මේ ගෙදර හරියාකාරව වැඩක් කරන්න කෙනෙක් නෑනේ ඇත්තටම.. උදේ ඉදන් වැඩ කරනවා කරනවා ඉවරයක් නෑ.. මං නිකන් කුස්සිඅම්මා වගේ.. "

" අපෝ යං යං බෑවක් විතරයි උඩින් තිබ්බේ.. ඒ නිසා මං හිතුවේ එච්චරයි කියලා.. යංකෝ ඕන තරම් ගාලා දෙන්නම්.. ටා..ර්  ගාලා එන්නම් කොල්ලෝ.. "

RaCe || සිංහල BL Story || Ongoing Donde viven las historias. Descúbrelo ahora