🏍️34

917 118 148
                                    

" ශ්වේත් අයියේ.. අම්මා ඇහුවා මෙතන වැඩ ටික ඉවරද කියලා.. "

" ම්ම්ම් මේ.. පොඩ්ඩක් ඉන්න බලන්න ඕන.. චූටී.. "

දම්සදී වේත් ලඟට ඇවිත් වේත්ගේ නම කියලා කතා කරනකොට මිහෙන්සව බදාගෙන හිටිය යාෂ් හැරිලා වේත් දිහා බලලා ආයෙත් මිහෙන්ස එක්ක කතා කරන්න ගත්තා..

" ඇයි .. "

" ඔයාලා එනවා කිව්වේ නෑනේ.. "

" නතාලි නැන්දා අම්මටත් එන්න කියලා.. ඇයි අපි අපිට එන්න බැරිද.. "

" පුළුවන් පුළුවන්. මෙහෙ එනවකෝ.. කවුරු හරි මං ඔයාගේ යාළුවෙක් එක්ක එෆෙයා එකක් තියනවද කියලා ඇහුවොත් ඔව් කියන්න හරිද.. "

" මොකක්.. ඒත් මොන එෆෙයා එකක් ගැනද කියන්නේ "

" ප්‍රශ්න අහන්නැතුව කියපු දේ කරනවකෝ.. කවුරු ඇහුවත් ඔව් කියනවා.. "

දම්සදීව ටිකක් එහාට එක්කරගෙන ගිය වේත් යාෂ් දිහා බලලා දම්සදීට රහසෙන් වගේ කවුරු හරි එයාට එෆෙයා එකක් තියනවද කියලා ඇහුවොත් ඔව් කියන්න කිව්වේ එයා යාෂ්ට ඉරිසියාවක් ඇති කරන්න කියලා හිතාගෙන කියපු බොරුව අහුවෙයි කියලා හිතලා..

" මේ.. නතාලි නැන්දා ඇහුවත්.. "

" මොළයක් නැද්ද "

" හරි හරි විහිළුවක් කරේ.. බලලා කියන්නකෝ වැඩ ටික ඉවරද කියලා.. "

" ඉන්න ඉන්න.. ඒ අනුජ.. වැඩ ටික හරිද බං.. "

" හරි හරි ඔක්කොම ටික හරි.. ඒත් තාම මාමලා නෑනේ.. "

" කෝල් එකක් දාපන්.. ආ නෑ එපා එපා ඔය එන්නේ.. "

අනුජ මේනකට කෝල් කරන්න ෆෝන් එක අතට ගන්නකොට මේනකගේ වාහනේ වත්තට දැම්මා. වාහනෙන් බැස්ස මේනකයි මාලතියි නුගාරායි පුදුම වෙලා බලන් හිටියේ වෙනදට ලඟින් ගියත් වලියක් දාගන්න සෙට් එක අද එකම ඇඳුම් ඇදගෙන සහයෝගයෙන් වැඩ කරන දිහා..

" චූටී.. අම්මට කියන්න නැන්දව එක්කන් එන්න කියලා.. "

මේනකයි ඉන්වයිට් කරපු අයගෙනුත් ගොඩ දෙනෙකුයි ඇවිත් ඉන්න නිසා වේත් දම්සදී අතේ ඇන්වසරි කපල් එක එක්කන් එන්න කියලා පණිවිඩය යැව්වා..

RaCe || සිංහල BL Story || Ongoing Wo Geschichten leben. Entdecke jetzt