🏍️25

995 89 437
                                    


ටික වෙලාවක් යාෂ් දිහා බලන් හිටිය වේත් යාෂ්ගේ නළලට කිස් එකක් දීලා යාෂ්ව එයාගේ පපුවට තුරුල් කර ගත්තා..

" ඇයි බන් උබ ඔච්චර මුරණ්ඩු.. කියන එකක් අහන්නම බැරිද උබට.. උබ ඇයි විහින්ම ප්‍රශ්න වලට පැටලෙන්නේ.. අම්මා හරි.. උබත් උබේ තාත්තා වගේම තමයි.. ප්‍රශ්න කොතනද උබ එතන.. මට තේරෙන්නෑ බං මං උබව කොහොම බලා ගන්නද කියලා.. පොඩ්ඩක් ඔය අයිස් කුට්ටිය වගේ තියන හිත දිය කරන් මං දිහා බලපන්කෝ.. අඩුම දැන් මං උබට මෙච්චර ලංවෙන්න හේතුවවත් උබ උබෙන් අහන්නේ නැද්ද... උබ දවසින් දවස උබේ ආදරේ ගණන් උස්සනවා බං.. හැබැයි මේකත් මතක තියාගනින් උබ කොච්චර ගණන් ඉස්සුවත් උබේ ආදරේ අයිතිකාරයා මං විතරයි.. උබ කොච්චර ගණන් ඉස්සුවත් උබේ ආදරේ මං කවදා හරි මගේ කර ගන්නේ උබ ඒ ආදරේට දීලා තියන වටිනාකමට තව එක අංශුමාත්‍රයක හරි වටිනාකමක් මගෙන් එකතු කරලා.. උබ මහා කාලකන්නියෙක් බං මට මාවම නැතිකරන්න ආව කාලකණ්නියෙක්.. හැබැයි මං මේ කාලකන්නියට කියාගන්න බැරි තරම් ආදරෙයි.. මට උබව නැතිකරන්න එපා යාෂූ.. එහෙම උනොත් මට පිස්සු හැදෙයි බං..  "

යාෂ්ව පපුවට තුරුල් කරන් ඔළුව අතගාන ගමන් එක එක දේවල් කියෙව්ව වේත් එයාගේ ෆෝන් එක අරන් අන්ලොක් කරන් සේව් කරපු නම්බර් එකකට මැසේජ් එකක් සෙන්ඩ් කරලා ෆෝන් එක තියලා ආයෙත් යාෂ්ව තුරුල් කරන් යාෂ් හුස්ම ගන්න සද්දේ අහගෙන ඉන්න ගමන් වේත් එහෙම්ම ඇස් දෙක පියා ගත්තා..

.

.

" වේත් ආය එන එකක් නෑ.. මේක තමයි ඔෆිස විඩියෝ එක.. "

වේත් යාෂ්ගේ රූම් එකට ගිය නිසා ආය එන එකක් නෑ කියලා අනුජ වේත්ගේ ෆෝන් එකෙන් එයාගේ ෆෝන් එකට දාගත්ත විඩියෝ එක අරන් දමිත්‍රට පෙන්නුවා.. අනුජගෙ ෆෝන් එක අතට ගත්ත දමිත්‍ර සද්ද නැතුව දෙපාරක් තුන්පාරක්ම විඩියෝ එක බලලා එයාගේ ෆෝන් එක අරන් හදිස්සියෙන් කෝල් එකක් ගත්තා..

" ගිම්හාන.. මං එවන ලොකේෂන් එකට පුළුවන් තරම් ඉක්මනට වරෙන්.. උබේ බයික් එකේ එන්න එපා.. වීල් එකක ඇවිත් මඟින් බැහැලා ඉතුරු ටික පයින් වරෙන්.. "

" ඇයි.. "

" තව ඔෆිස කෙනෙක් එනවා අවුලක් නැතිවෙයිනේ.. "

RaCe || සිංහල BL Story || Ongoing Where stories live. Discover now