" ආපු දිහාවකට යනවා ඕයි යන්න. "
" අහ් "
හිතුවා වගේම හරි. මූ කතාකරන්නවත් දන්නේ නෑ.. මාව ගානකටවත් ගන්නේ නැතුව ඌ උගේ පාඩුවේ ආයෙත් උඩට යන්න හැරුනා. ඇත්තමයි මගෙ එකෙක් නම් කනපැලෙන්න දෙන්නේ. බලමුකො තව දවස් කීයක් ඔහොම රඟයිද කියලා.
" කොහෙද එන්නේ.. සිංහල තේරෙන්නැද්ද.. මං දැන් කිව්වනේ මට ගාඩ් කෙනෙක් ඕන නෑ.. "
" ඔයාට ගාඩ් කෙනෙක් ඕනද නැද්ද කියන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි යාෂ්. මං ඔෆීෂියලි මගේ ජොබ් එකේ වැඩ පටන් අරන් දැන් ටික වෙලාවක්. ඒ නිසා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් මේනක සර් එක්ක ඒ ගැන කතා කර ගන්න පුළුවන්. සර් අයින් වෙන්න කිව්වොත් හැර මට මේ ජොබ් එකෙන් අයින් වෙන්න බෑ. මං හිතනවා යාෂ්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මට ඔයාගේ ටයිම් ටේබල් එක අවශ්‍යයි. ඒ වගේම ඔය තියෙන්නෙ මගෙ නම්බර් එක. ඔයාට මං නැතුව මේ ගෙදර ගේට් එක ලඟට විතරයි යන්න පුළුවන්. අනවශ්‍ය විදිහට මගෙ ජොබ් එකට කරදර කරන්න ගත්තොත් මට මේනක සර්ට ඒ ගැන කම්ප්ලේන් කරන්න වෙනවා. තව දෙයක් ඔයාගේ දවසේ විස්තර ටික මං හැමදාම මිස්ට තෙන්නකෝන්ට දෙන්න ඕනේ. "
" සීයට.. සීයද තමුසෙව එව්වේ.. "
" ඔව්. "
මේනක සර් කිව්වා වගේම මූ සීයටනම් බයයිද කොහෙද.. සීයා එව්වා කිව්වා විතරයි මූණත් එක්කම වෙනස් උනේ. හිච්චි වලිසිංහගෙ නම්බර් එක මේනක සර් කලින්ම දුන්න නිසා මං මගේ ෆෝන් එකෙන් ඒ නම්බර් එකට රිග් කට් එකක් දුන්නා.
" ටයිම් ටේබල් එක දෙන්නම්. මට තමුසෙ නැතුව යන්න බෑ කිව්වේ ගෙට් එකෙන් එහාටනේ.. ගේ ඇතුලෙවත් මගෙ පස්සෙන් එන්නැතුව ඉන්නවා. "
මිනිහව මට්ටු කරන්න ආයුධයක් හම්බුනා වගේ. ගේ ඇතුලෙත් ගාඩ් කරන්න ඕන නෑ කියාගෙන හිච්චි වලිසිංහ ආය උඩට යන්න ගියා. මාත් එහෙම්මම ආවේ මගෙ ඇඳුම් බෑග් එක තියලා තිබ්බ තැනට. කොහෙද දන්නෑ ඉන්න තියෙන්නේ..
" එන්න පුතේ.. පුතාට හම්බෙලා තියෙන්නෙ නම් ලේසි රස්සාවක් නෙවෙයි. චූටී පුතා ලේසියෙන් කෙනෙක් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි දරුවෝ. ටිකක් හරි බය අපෙ තාත්තට විතරයි. අයියට බයයි වගේ පෙන්නන් හිටියට අයියට හොරෙන් කරන්න තියන ඔක්කොම නොසන්ඩාල වැඩ ටික කරනවා. "
YOU ARE READING
RaCe || සිංහල BL Story || Ongoing
Non-FictionRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️