යාෂ් !!! "
" තාත්තේ.."
" තාත්තා තමයි.. මට පැහැදිලි කරනවකෝ බලන්න නිදාගන්නවා කියලා ගිය එකා කොහොමද හොස්පිට්ල් එකෙන් මතු උනේ කියලා. "
" නිදාගෙන තමයි හිටියෙ තාත්තෙ.. මිගාර කෝල් කරලා කිව්වා අපෙ ඉස්කෝලේ ළමයි වගයක් රණ්ඩු කර ගන්නවා කියලා. මං තාත්තට කියලා යන්න තමයි හැදුවේ ආය තාත්තට මහන්සි ඇතිනෙ කියලා මම කියන්නැතුවම ආවා. කට්ටියට අවවාද කරලා යවන්න හැදුවේ. ඒත් එතනට යද්දී කට්ටියම හොදටම රණ්ඩු වෙනවා. ඉස්කෝලෙටත් කැලලක්නෙ තාත්තේ ඔහොම තැන තැන රණ්ඩු කර කර හිටියම. "
" දැන් එතකොට ඔය රණ්ඩුවෙන් ඔය දෙන්නට විතරද තුවාල.. හොස්පිට්ල් ඉන්නේ ඔය දෙන්නා විතරනේ. "
" අනිත් අයටත් තුවාලයි තාත්තේ ඒත් හොස්පිට්ල් ගේන්න තරම් අමාරු නෑ.. එක්කෙනෙක්ව නම් ප්රයිවට් අරන් ගියා "
" හරි මට කියනවකෝ එහෙනම් කවුද රණ්ඩු කර ගත්තේ කියලා.. ආ මේඝාර.. කවුද රණ්ඩු කර ගත්තේ "
ඒකටනම් උත්තරේ අරූ දෙනකන් ඉන්න ඕන. උගෙනුත් ඇහුවනේ.. දෙන්නම කියන්න ගියොත් රට පැටලෙන පුළුවන්.
" හරියටම දන්නෑ අංකල්.. මගෙ ඔලුවට වැදුන පාර නිසා මට ආයෙත් සිහිය ඇවිත් තියෙන්නේ හොස්පිට්ල් එකේදී. ඒ නිසා එතන උන දේවල් ලොකුවට මතක නෑ.. මං හිතන්නේ කෙල්ලො ප්රශ්නයක්ද කොහෙද. ඉස්කෝලෙට ගිහින් තමයි විසඳ ගන්න ඕනේ.. "
හරිනෙ ඔය කිව්වේ.. දැන් ඉතිං මගෙන් අහයි. ඌට සිහිය නැති උනාට මට සිහිය නැති උනේ නෑනේ.. මේ බේසිකයට ඕකට හරියට බොරුවක් කියා ගන්න බැරි උනානේ..
" හ්ම්ම් මම ප්රින්සිපල්ව හම්බවෙන්නම්කෝ.. හැබැයි පුතෝ බොරුවක් කියලා තිබ්බොත් මං උබට ගහන්නේ එල්ලා කියලා මතක තියා ගනින්. තිලක්.. මේවා මීඩියා වලට යන්න නොදී බලා ගන්නවා. මෙයා මේකෙම ඉදපුදෙන් ප්රයිවට් හොස්පිට්ල් ඕන නෑ.. එතකොට තමයි ආයෙත් මේවගේ වැරැද්දක් කරන්න යද්දී මතක් වෙන්නේ.. යාෂ්.. හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරනකන් මේකෙම ඉන්න ඕනේ.. බලෙන් ගෙදර එවිලි බෑ.. මෙහෙ කෑමම තමයි කන්න තියෙන්නෙත්. තිලක්.. මාලතිට මේ ගැන මුකුත් කියන්න යන්න ඕන නෑ. ඩිස්චාජ් කරපු හැටිය ගෙදර ඉන්න ඕනේ තේරුනාද යාෂ්? "
STAI LEGGENDO
RaCe || සිංහල BL Story || Ongoing
SaggisticaRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️