" යාෂ් උබ පරක්කුයි බල්ලෝ. "
ඔන්න ඉතිං පටන් ගත්තා. පරක්කුයි තමයි ඇයි යකෝ තාත්තා ගෙදර ඇවිත් කාලා කරලා වොෂ් දානකන් ඉදලා අම්මා කුස්සිය අස්කරලා දොරවල් ඔක්කොම වහනකන් ඉදලා ගෙදර යක්සනී මූණේ උලන්න තියන ඔක්කොම උලනකන් ඉදලා සේරම ටික නිදාගන්න ගියාට පස්සෙනෙ යකෝ මට ගෙදරින් පැන ගන්න පුළුවන් වෙන්නේ. ඒ මදිවට ඇරිස්ටෝටල් නිදාගන්නකන් ඉන්නත් ඕන.
" අනෙ පලයන් හුත්තො යන්න මමනෙ දන්නේ ගෙදරින් පැන ගන්න තියන අමාරුව. කෝ දෝණි. "
" ඉන්නවා ඉන්නවා යමන්කෝ.. මේ උබට මං වැදලා කියන්නම් අදනම් රණ්ඩු දාගන්න ලෑස්ති වෙන්න එපා. පල්ලියගුරුගෙ පුතත් ඉන්නවා. "
" අනෙ මෙ බිගුනයො.. ඇයි ඌ ලොකුද .. ඌ ගේමෙන් නම් මාත් ගේමෙන් තමයි. අපි උගේ අතපල්ලෙන් වැටිලද ඌට බය වෙන්න. කොයි වෙලාවක හරි මං ඌට ගහන්නේ උගේ තාත්තට උණ ගන්න. "
" ඌ ලොකුද පොඩිද කියලා මං දන්නෑ.. වලි දාගන්නේ නැතුව ඉදපන්කෝ.. උබලා දෙන්නගෙ තාත්තලත් එකයි උබලා දෙන්නත් එකයි. තාත්තලනම් පක්ෂ නිසා හරි කියතැහැකි උබලා මරා ගන්නේ මොන ඉලව්වකටද "
" මං දන්නෑ ඌව දැක්කම මට ගහන්නමයි හිතෙන්නේ.. පිස්සු පකයා. "
" වරෙන් යන්න උබලා දෙන්නටම තාත්තලගෙ ඌස්නෙ තියෙන්නේ. "
තාත්තගෙ ඌස්නේ තමයි යකෝ.. ඌගේ තාත්තා වගේද මගේ තාත්තා ආණ්ඩු පක්ෂේ.. උගේ තාත්තා මොන සොකඩ පාංකඩයෙක්ද ..
" යාෂ්.. වරෙන් වරෙන් අපි මේ දෙලෝ රත්වෙලා හිටියේ උබ නැතුව. යමං උබේ දෝණි රෙඩි. "
මිගාරයා මගේ අතට හෙල්මට් එකත් දීලා දෝණිව පාක් කරලා තියන තැන පෙන්නුවා. දැන් ඉතිං තියෙන්නේ ඉගිල්ලෙන්න. වෙලාව පාන්දර දෙකයි. සතියෙ හැම බදාදම මේ වගේ බයික් රේස් එකක් තියනවමයි. දිනන්න ඕනම එකක් නම් අපේ ටීම් එකෙන් යන්නේ මම. මම දෝණි ලඟට ගිහින් හෙල්මට් එකත් දාගෙන දෝණිව රේස් එක පටන් ගන්න තැනට අරන් ආවා.
" යාෂ්.. මේක දිනන්නම ඕන එකක්. ගේමක් ගහපන් කොල්ලා. පොලිස්සියෙන් ප්රශ්නයක් වෙන්නෑ උබ බය නැතුව පැදපන්. "
VOCÊ ESTÁ LENDO
RaCe || සිංහල BL Story || Ongoing
Não FicçãoRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️