ආග්‍රව් POV
" හරි නැන්දේ.. මායි මාමයි එද්දි තව ටිකක් පරක්කු වෙයි. ගාඩ්ස්ලා දාලා තියෙන්නේ නැන්දා බය නැතුව නිදා ගන්න.. මං තියන්නම්."
හම්මේ දැන් තමයි සැනසීමක් දැනෙන්නේ.. හොයන පුළුවන් හැම තැනම හොයලත් නෙවෙයිනේ යාෂ්වයි ශ්වේත්වයි හොයා ගන්න පුළුවන් උනේ. කමක් නෑ දැන් කොහොම හරි ගෙදර ගිහින්නේ..
" මුන්ගේ ආණ්ඩුවේ වැරැද්ද සේනා.. දැන් අවුරුදු දෙකකුත් ගියා මුන් එක සැකකාරෙක් අල්ල ගත්තද..මුන් කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික හොරා කකා ඉන්න එක විතරයි.. "
ඔන්න පටන අරන්.. යාෂ්වයි වේත්වයි හොයා ගන්න බැරි උන නිසා කරන්න දෙයක් නැතුව මං මේනක සර්ට කතා කරා.. ඒ වෙලාවේ සරුත් මීටින් එකකට හිරවෙලා නිසා ලොකු බොසාට කතා කරලා. මං ආය ගරාජ් එකෙන් කොල්ලො ටිකත් අරන් ගෙදර යද්දී ලොකු බොසා එහෙට ඇවිත්.. ගෙදර සේෆ් එකත් බලලා විමල් අයියගේ ගාඩ්ස්ලව ගේ වටේටම දාලා මමයි සේනක සරුයි ලොකු බොසයි විමල් අයියයි ආවේ වෙනදට මීට් වෙන තැනට. ලොකු බොසයි මේනක සරුයි පිටට තරහාකාරයෝ නිසා අනිත් අයට පේන්න මීට් වෙන්න බැරි නිසා සෙනඟ අඩු පැත්තක තියන සර්ලගෙ තැනක තමා හම්බවෙන්නේ.. තාම මේනක සර් මීටින් එක ඉවර කරලා ඇවිත් නෑ.. අපි ඔක්කොම මේ බලන් ඉන්නේ සර් එනකන්.. ලොකු බොසා ආව වෙලාවේ ඉදන් මේනක සර්ලගේ ආණ්ඩුවට බනිනවා.. දැන් ඉතිං ඉතුරු අඩුපාඩුත් ආවම ලස්සන වලියක් බලාගන්න පුළුවන්.. පුත්තු දෙන්නව බලාගන්න එක ලේසී තාත්තලා දෙන්නව බලා ගන්නවට වඩා.. එක වෙලාවකට හිතෙනවා තාත්තලා දෙන්නගේ පුත්තු දෙන්නා මාරු වෙලාද කියලා.. ශ්වේත් මේනක සර් වගේ යාෂ් නාරද සර් වගේ.. නාරද සර්ටත් මේනක සර් හුස්මක් ගත්තත් ඇති වලියක් ඇදලා ගන්න.. මේ ජොබ් එකෙන් අයින් වෙන දාට අංගොඩ නොයා බේරෙන්න තිබ්බොත් ඇති..
" ඇත්තට.. දැන් මීට කලින් බලයේ හිටියේ උබලනේ ඇයි උබලට එකෙක්වත් අල්ල ගන්න බැරි උනේ.. අපි ආණ්ඩුව අරන් තාම අවුරුදු දෙකයි. ඊට කලින් ඉදන්ම මේක තිබ්බනේ.. දීපන්කෝ බලන්න මේකට උත්තර.. "
හ්ම්ම් හරි ඔය ආවේ මේනක සරුත්.. දැන් ඉතිං ප්‍රශ්නේ ගැන කතා කෙරෙන්නෑ ආණ්ඩුවෙයි විපක්ෂෙයි වැරදි ටික අරන් බැන බැන ඉදී..
YOU ARE READING
RaCe || සිංහල BL Story || Ongoing
Non-FictionRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️