" රේස් එකේ වෙනසක් වෙනවලු පහ තුනකට අඩු කරන කතාවක් යන්නේ.. "
" ඒ මොකද ඒ.. "
Grym ටීම් එකම මේ ඇවිත් තියෙන්නේ අද අන්තිම රේස් එකට.. වෙනදා වගේම යාෂුයි ආග්රව්වුයි ගෙදරින් පැනගෙන මිගාරලා ඉන්න තැනට ගිහින් බයික් අරන් රේස් එක තියන තැනට ආවා.. ඒ වෙද්දිත් වේත්ලගේ සෙට් එක රේස් එක තියන තැනට ඇවිත් තිබ්බේ.. අද ෆයිනල් එක නිසා වේත්ලගේ සෙට් එක විතරක් නෙවෙයි මේ වෙනකන් රේස් එකට ආව හැම ටීම් එකක්ම ඇවිත්..
වේත් යාෂ්ලගේ සෙට් එක ලඟට ඇවිත් සෙට් එකට කිව්වේ අද රේස් එක වට තුනකට අඩු කරලා කියලා. ඒ එක්කම ආග්රව් ඒ මොකද කියලා ඇහුවම යාෂ් කට්ටියට පෙන්නුවේ එයාලගේ පැත්තට එන organizerව..
" මල්ලිලා අනිත් ටීම් එකත් ඇවිත් ඉන්නේ.. ෆයිනල් එක රේස් තුනකට අඩු කරලා තියෙන්නේ.. ඔයාලගේ ටීම් එකෙන් දාන තුන් දෙනාව කතා කරගෙන ඉක්මනට නම් දෙන්න එන්න.. "
යාෂ්ලා ලඟට ආව organizer අද රේස් එක වට තුනකට අඩු කරා කියලා ටීම් එකෙන් රයිඩ් කරන තුන්දෙනාව කතා කරන් නම් දෙන්න එන්න කිව්වා..
" මොකක් හරි තියනවා වගේ.. මොනා උනත් පරිස්සමෙන්.. ෂැඩෝගේ හැටි උබ නොදන්නවා නෙවෙයිනේ.. උබලා තීරණය කර ගනින් මං ගියා.. "
Organizer යන්න ගියාම වේත් ෂැඩෝ ගැන මතක් කරලා මොනා උනත් පරිස්සමින් කියලා යාෂ්ලට තිරණය කර ගන්න ඉඩ දීලා ආයෙත් එයාලගේ සෙට් එක ලඟට ගියා..
" උබලා තීරණේ කරපන් කවුද රයිඩ් කරන්නේ.. "
" උබයි ආග්රව්යි ශේනූයි රයිඩ් කරපන්.. "
යාෂ් රේස් එක වට තුකට අඩු කරපු නිසා ටීම් එකේ අනිත් අයට රයිඩ් කරන අයව තීරණේ කරන්න දුන්නම රන්දුනු දැනට හොදටම රයිඩ් කරන්න පුළුවන් තුන් දෙනාට රයිඩ් කරන්න කිව්වා..
" ශේනූ අවුලක් නැද්ද බං.. මේකී කෙල්ලෙක්නේ.. අරුන්ව ෂුවර් කරන්න බෑනේ.. "
" උබ මොකද කියන්නේ.. "
" මට අවුලක් නෑ.. උබලා කැමතිනම් මම රයිඩ් කරන්නම්.. මිගාරයා උබ මට කියලා හොම්බයි කටයි තලා ගන්න තමයි කෙල්ලෙක් කෙල්ලෙක් ගාන් ඇවිත්.. "
VOUS LISEZ
RaCe || සිංහල BL Story || Ongoing
Non-FictionRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️