" ඔහොම ඉදපන් යාෂයා එනකන්.. මූව නලවන්න අපිට තේරෙන්නෑ.. "
ෂැඩෝගේ කට්ටිය යන්න ගියාම හැංගිලා හිටිය සෙට් එක එළියට ආවා.. හැමෝගෙම බයික් වලට ගොඩක් ඩැමේජ් වෙලා. බයික් ටික දැකලා තෙනුල්ටයි රන්දුනුටයි ශේනූටයි හොදටම තදවෙද්දී මිනූෂ එයාගේ බයික් එක දැකලා කෑගහලා අඩන්න ගත්තා.. මිනූෂ බයික් එකත් බදන් නොතේරෙන භාෂාවකින් මොනවදෝ කියව කියව නතර නොකරම එක දිගටම අඩනවා.. ඉමාෂ කොච්චර ට්‍රයි කරත් මිනූෂ අඩන එක නතර කර ගන්න පුළුවන් උනේ නෑ..
යාෂ්ට කෝල් එකක් දීලා ෂැඩෝගේ අය ගියා කියලා එන්න කියපු රන්දුනු කෝල් එක කට් කරන ගමන් ඉමාෂට කිව්වේ එයාලට මිනූෂව නලවගන්න තේරෙන්නෑ යාෂ් එනකන් ඉන්න කියලා.. යාෂ් සද්දයක් දැම්මම මිනූෂ අඩන එක නතර කරනවා කියලා දන්න රන්දුනු මිනූෂව ගණන් ගන්නැතුව එයාගේ බයික් එක වටේ ගිහින් ගිහින් කොච්චරක් ඩැමේජ්ද කියලා බැලුවා..
" මිනූ බබා.. නතර කරන්නකෝ.. අපි බයික් එක හදා ගමු.. "
" උ.. න් ම.. ගේ ම්හ්ම්.. ම..ගේ.. "
" හරි හරි දැන් හුස්ම ගන්නත් බැරිවෙනවා ඔහොම අඩලා.. කෝ නවත්තන්නකෝ මිනූෂ.. "
" මං බලන්නම්. "
මිනූෂ තාමත් අඩන නිසා ඉමාෂ මිනූෂ ලඟට ගිහින් ඔලුව අතගාලා අඩන එක නතර කර ගන්න කියලා බයික් එක හදා ගමු කියලා කිව්වා. ඒත් මොන මිනූෂ නෙවෙයි අඩන එක නවත්තන්නේ.. බලන් ඉන්න බැරිම තැන බිඟුනුත් අඩන එපා කියලා මිනූෂ ලඟට ලං වෙද්දී ඉමාෂ බිඟුන්ට මිනූෂ ලඟට එන්න බැරි වෙන්න මැද්දට ඇවිත් එයා බලන්නම් කිව්වා..
" මිනූ බබා.. කෝ බලන්න ඔහොම අඩන්න එපා අනේ.. අපි උන් ටික හොයාගෙන අතපය කඩලා දාමූ අඩලා හරියන්නෑනේ.. "
" ඇ..ත්ත..දහ්.. "
" ඔව් ඔව් ඇත්තටම තමයි.. කෝ අඩන එක නවත්තන්නකෝ.. අඩ අඩ ඉදලා බෑ.. උන්ව හොයා ගන්න ඕන.. කෝ ඔලුව උස්සන්න.. "
බයික් එක බදාගෙන අඩන මිනූෂට ඉමාෂ අඩ අඩ ඉදලා හරියන්නෑ උන් ටික හොයන් අතපය කඩලා දාන්න ඕන කියලා කිව්වම යාන්තම් මිනූෂ ඔලුව උස්සලා ඉමාෂ දිහා බැලුවා.. ඉකිගගහම ඇත්තද කියලා මිනූෂ ඇහුවම ඉමාෂ මිනූෂව උන් ටික හොයා ගන්න ඕන කියලා බයික් එක ලඟින් අයින් කර ගත්තා..
ESTÁS LEYENDO
RaCe || සිංහල BL Story || Ongoing
No FicciónRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️