" මොකද යකෝ ඔච්චර ඈනුම් යවන්නේ දවසම මූසලයිනේ.. "
" නින්ද ගියේ නෑ බං.. උබ නිකමටවත් ආවේ නෑනේ මං අච්චර කෝල් කරලත්.. "
යාෂුත් ලෑස්ති උනාට පස්සේ මිගාරයි යාෂුයි දෙන්නම පහළට ආවා.. කෑම කාලා බෑග් දෙකත් අරන් කාර් එක ලඟට ආවේ ඉස්කෝලෙට යන්න..
මිගාර කන්න ආව වෙලවේ ඉදන් දැන් වෙනකන්ම එක දිගට ඈනුම් යවන නිසා යාෂ් ඈනූම් යවන්නේ මොකද කියලා ඇහුවම මිගාර මූණත් ඇඹුල් කරන් කිව්වේ නින්ද ගියේ නෑ කියලා..
" අරූ එන්න එපා කියලා කිව්වේ.. ඊට පස්සේ උබත් මුකුත් කිව්වේ නැති නිසා මම හිතුවා උබට අවුලක් නැතුව ඇති කියලා. ෆොටෝ එකකුත් දාලා තිබ්බේ... "
" මං දාපූ මඟුලක් නෙවෙයි යකෝ.. අරූ බලෙන් ෆෝටෝ එකක් අරන් දැම්මේ.. දැන් බලපන්කෝ ඉස්කෝලෙට ගියාම අරුන් ටික මාව මරගෙන කනවනේ බං. මිනූෂයා මොනා නොකරාවිද දන්නෑ.. උබෙන් මුකුත් ඇහුවේ නැද්ද.. "
යාෂ් ෆොටෝ එක ගැන මතක්කරාම මිගාර ඒක එයා දාපු එකක් නෙවෙයි කියලා යාෂ්ට කිව්වේ ඉස්කෝලෙට ගියාම සෙට් එකෙන් ගැලවිල්ලක් නැතිවෙයි කියලා..
" නෑ.. රන්දුනුයි ප්‍රාතිහයිත් ඔන්ලයින් හිටියේ නෑ මං හිතන්නේ.. මිනූෂයත් අන්තිමට බ්‍රවුනිස් වගයක ෆොටෝ එකක් දාලා තිබ්බා එතනින් එහාට ඌත් ඔන්ලයින් නෑ.. දැක්කනම් දකින්න ඇත්තේ බිඟුනයයි ශේනූයි.. "
ඊයේ රෑ රන්දුනුයි ප්‍රාතිහයි ඔන්ලයින් ආවේ නැති නිසා මිගාරගේ ස්ටේටස් දැක්කේ නෑ.. මිනූෂත් රෑවෙද්දී ඔන්ලයින් නොහිටිය නිසා ෆොටෝ එක බලලා තිබ්බේ නෑ. යාෂ් දැක්කනම් දකින්න ඇත්තේ බිඟුනුයි ශේන්‍යායි කිව්වට ඕක රෑ දැක්කේ ශේන්‍යා විතරයි.. අනුජ මිගාරට ෆෝන් එක දුන්න ගමන් මිගාර කිසි හෙවිල්ලක් බැලිලක් නැතුව ෆොටෝ එක ඩිලිට් කරලා දැම්මේ ස්ටේටස් එක බැලුවේ කවුද කියලවත් බලාගන්නේ නැතුව..
" සිරාද කියන්නේ.. දෙයියෝ බේරලා වගේ.. හොද වෙලාවට ෆෝන් එක ගත්ත ගමන් ෆොටො එක ඩිලීට් කරේ.. හා.. "
" වතුර ටිකක්වත් බීපන් බං.. උබ ඈනූම් යවනවා දැක්කම මටත් ඈනුම් යනවා.. "
ESTÁS LEYENDO
RaCe || සිංහල BL Story || Ongoing
No FicciónRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️