ඊයේ කට්ටිය විමල් අයියා එක්ක එකතුවෙලා කොහොම හරි බයික් ටික ගරාජ් වලට භාර දුන්නා.. එතන වැඩ ටික ඉවර වෙද්දී උදේ වෙලා තිබ්බ නිසා හැමෝම ශේනූගේ ගෙදර ගිහින් දවල් වෙලා කට්ටියම තමන්ගේ ගෙවල් වලට ගියේ ශේනූගෙන් ගත්ත පරණ ටියුට් එකක් ෆොටෝකොපි ගහගෙන.. බොරුව ගානට ගෙවල් වලට කිව්ව නිසා කාවවත් අහු උනේ නෑ..
.
.යාෂ් අදත් සුපුරුදු විදිහටම ගෙදර මිනිස්සුන්ට වද දීලා වද දීලා ඉස්කෝලෙට ආවා.. ඒ ඇවිත් හැමදාම වගේ ඉස්සෙල්ලම ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට..
" උබ ඉම්බ මල් පෙත්ත රතුවෙලා තිබුනාට හයිකීස් ටික මැකි යන්න වෙලා ගියා මචං.. තොල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතිං... ලාලලල් ලාලා ලා.. වේත් ප්ලාස්ටර් එකක්වත් ගෙනත් දෙන්නද මිස් කෙනෙක් එහෙම දැක්කොත් හරිනෑනේ.. "
" උබ අත්සන් කරලා ඉවරනම් පලයන් අනුජ.. "
" ඕකේ ඕකේ අපි ගියා.. "
යාෂ් ප්‍රිෆෙක්ට් රූම් එකට එද්දී ප්‍රිෆෙක්ට් රූම් එකේ වේතුයි අනුජයි. අනුජ යාෂ්ව දැක්ක ගමන් සිංදු කෑල්ලකුත් කියාගෙන වේත්ගෙන් ප්ලාස්ටර් එකක්වත් ගෙනත් දෙන්නද ඇහුවම වේත් අනුජට අත්සන් කරලා ඉවරනම් පලයන් කියලා එලවගත්තා..
" නුරාග්.. මං අනුජට කිව්වේ නෑ.. ඌ නිකන් ගෙස් කරලා කිව්වේ.. උබට ප්‍රොමිස් උනා වගෙ මං කාටවත් කිව්වේ නෑ.. "
යාෂ් අනුජ කියපු දේවල් ඇහුන්නෑ වගේ පොතේ අත්සන් කරලා ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එළියට යන්න හදද්දී වේත් යන්න ගියපු යාෂ්ව නතර කරන් කිස් කරපු එක එයා අනුජට කිව්වේ නෑ කියලා කිව්වා..
" ම්ම්හ්.. අරූ කිව්වා වගේ හයිකීස් ටික මැකෙන්න සෑහෙන වෙලාවක් ගිහින් වගේ.. කිව්වත් මට අවුලක් නෑ.. මට නෙවෙයිනේ කන්ට්‍රෝල් එක නැතුව ගියේ.. "
එයාට ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එළියට යන්න නොදී නතර කරන් ඉන්න වේත්ගේ ෂර්ට් එක එහාට කරලා බෙල්ල දිහා බැලුව යාෂ් දැක්කේ තාමත් ලාවට වගේ එයා තිබ්බ පාරවල් වේත්ගේ බෙල්ලේ තියනවා කියලා..
ESTÁS LEYENDO
RaCe || සිංහල BL Story || Ongoing
No FicciónRide it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️