🏍️11

1K 99 189
                                    

" අද මුන් එක්කද රේස් එක තියෙන්නේ.. "

යාෂ් වේත්ගේ සෙට් එක දැක්ක ගමන් ඇහුවේ අද රේස් එක තියෙන්නේ වේත්ලා එක්කද කියලා. මොකද මේ රේස් එක GRYM Ridersලා දින්නොත් ෆයිනල් රේස් එකට සිලෙක්ට් වෙනවා.

" ඒ වගේ උන්ගේ සෙට් එකම ඉන්නවා. බයික් ටිකත් ස්ටාට් එක ලඟ"

වේත්ලගේ ටීම් එකේ ඔක්කොම හයයි. වේතුයි අනුජයි ඉමාෂයි මෙනුලුයි තෙනුලුයි කේසරයි. රේස් එකට නැති ටීම් වල බයික් රේස් එක තියන තැන නතර කරන්න දෙන්නේ නැති නිසා රන්දුනු කිව්වේ අද වේත්ලා එක්ක වෙන්න ඇති රේස් එක කියලා..

( Crimson riders- ශ්වේත් මේඝාර, අනුජ විහංස, නවිඳු ඉමාෂ , ඔවේන් කේසර, මෙනුල් සුවහස්, තෙනුල් සුවහස්, )

යාෂ් වේත්ලගේ සෙට් එක දිහා බලාගෙන ඇවිත් එයාලට බයික් නතර කරන්න දීලා තියන තැනින් බයික් එක නතර කරා. ඒ අතර යේෂ් වටපිට බලලා හෙව්වේ එයාට ඕන කරන කෙනා අදත් මෙතන ඉන්නවද කියලා හොයා ගන්න.. වටේම බැලුවත් එයාවනම් අද යාෂ්ට හොයා ගන්න ලැබුනේ නෑ..

.
.
.

" ඉමාෂ.. වරෙන්කෝ යන්න "

" අර ඉන්නේ උබ ගිහින් දීලා වරෙන් "

" තනියම යන්න බෑ යකෝ උබත් වරෙන්කෝ.. "

" මට කියපන් ඉස්සෙල්ලම උබට නම දැම්මේ කවුද කියලා.. පුදුම වදයක් තියෙන්නේ උබගෙන්.. කොල්ලෙක් නේද ගැම්මෙන් ඉදපන්කෝ.. "

" මෙහෙ වරෙන් බං "

" ශ්.. ශේන්‍යා... "

කේසර මේ ඉමාෂවත් ඇදගෙන ආවේ යාෂ්ලගේ සෙට් එක ඉන්න පැත්තට. ඒ ඇවිත් මඟක් දුර ඉදන් කේසර ශේන්‍යාට කතා කරාම යාෂ්ලගෙ සෙට් එකම ඒ පැත්ත බැලුවා.

" උබ පලයන් අපෝ අර මයික් ටයිසනයත් ඉන්නවා.. "

" ඒ බලු වැඩ කරන්න එපා යකෝ ඔහොම ඉදපන්කෝ.. ඉමාෂ.. ඉමාෂ.. "

ඉමාෂ කේසර එක්ක ආවත් යාෂ්ලගේ සෙට් එකේ මිනූෂ ඉන්නවා දැකලා ෂේප් එකේ මාරු වෙලා ගියා. කේසර ඉමාෂට කතා කරත් ඉමාෂ ඇහෙන්නේ නැති ගානට වේත් ඉන්න පැත්තට ගියා..

" කියපන් මොකද "

" මේ ඔයාගේ මොකක් හරි නේද.. මගේ ඇදුමේ පැටලිලා තිබ්බේ.. "

RaCe || සිංහල BL Story || Ongoing Où les histoires vivent. Découvrez maintenant