1) චීන මහා ප්‍රකාරය

85 2 0
                                    

එදා බ්‍රහස්පතින්දා දවසක් සුපුරුදු පරිදි උදේ පාන්දර අහල පහළ පන්තිවල ළමයින්ගේ කන් බිහිරි කරවන සද්දෙ වෙනද වගේම ඇහුණා. ඒ ශබ්දවලට කවදාවත් ඇහුම්කන් නොදුන් ඉදුර හිටියේ තමන්ට පේන්නම බැරි වුණත් නොකර බැරි History homework කර කර.

"මචං good morning"

මොන සද්දවලට තමන්ගේ අවධානය නොදුන්නත් තමන්ට හොඳට අහලා පුරුදු ඒ කටහඬට ඉදුර ඔළුව උස්සලා බැලුවා.

"Ah good morning" දත් නොපෙන්වා වුණත් පුංචි හිනාවක් එක්ක ඉදුර එහෙම කිව්වෙ තමන්ගේ හොඳම වගේම එකම යාළුවා වෙච්ච හර්ෂට.

"මොකද බං ඔය උදේ පාන්දර පොතක් බදාගෙන යමං එළියට" හර්ෂ කිව්වෙ ඉදුරගේ අතින් අදින ගමන්.

" කොහේ යන්න ද දැන් bell එක ගහනවා. උබ අර වර්සෙල්ස් ගිවිසුම ගැන කරුණු හොයන් ආවා ද ?"

"ඈ ??? එහෙම එකක් තිබ්බෙ මොන subject එකේ ද ? Civics ද ? ඉතින් අද civics නෑනෙ."

"තමුසේට කියනවට වැඩිය හොඳයි කට ගලක අතුල්ල ගන්නවා"

"අනේ ඔය කෙහෙල්මල් ගිවිසුම සර්ගේ අහවල් එකේ ගහගන්න කියලා වරෙන්කො" හර්ෂ දැන් ඉදුරව පුටුවත් එක්කම උස්සගෙන යන්න ලෑස්තිය.

කියලා කට ගන්න කලින් ඉදුර එක පාරට නැගිට්ටා.

"අන්න ඒ බය තියා ගනින්" කට කොනෙන් හිනාවෙන ගමන් හර්ෂ තමන්ට වඩා ටිකක් කොට යාළුවාගේ කරට අතක් දාගත්තා. ඒත් එක්කම ඉදුර ඒ අත ගස්සලා අයින් කරා.

"නෑ බං මම මගේ camera එක main gate එක ගාව දාලා ආවා. මොකෙක් හරි ඉස්සුවද දන්නෙ නෑ." කියන ගමන් ඉදුර දිව්වේ චොර වෙච්ච හර්ෂගේ කරට තට්ටුවක් දාගෙන.

Bell එක ගහන්න කලින් එන්න ඕන නිසා ඉදුර විදුලි වේගයෙන් gate එක පැත්තට දිව්වා. මේ කොළඹ 10 තියන මහා විශාල ඉස්කෝලෙ gate එකට යන්නම marathon එකක් දුවන්න ඕනෙ. Cameraව දැක්ක ගමන් ගත්ත ඉදුර අනිත් පැත්තට ආයේ දිව්වේ හුස්මක්වත් නොගෙන. විදුලි වේගයෙන් හති දමාගෙන දුවමින් හිටපු ඉදුරව පස්සට විසිවෙලා වැටුණේ නොහිතපු බිත්තියක් වගේ විශාල දෙයක වැදිලා. පාර මැද බිත්තියක් ගැහුවේ මොකාද බලන්න ඔළුව උස්සද්දිම ඉදුරට ඇහුණේ බිත්තිය කතාකරනවා.

නිමේෂ (BL)Where stories live. Discover now