8) වෙනස

20 1 0
                                    

සතියක් යන්නත් කලින් නාට්‍යයේ වැඩ පටන් ගත්තා. ඉදුර එන්න කලින් දෙතුන් පාරක් script එක කියෙව්වා. මොකද මෙච්චර වැදගත් චරිතයක් ඉදුරට හම්බවෙච්ච පළවෙනි වතාව නිසා. වෙනදට ඉදුරට හම්බ වුනේ ඔය පොඩි පොඩි side characters. වැඩිම වුණොත් main character එකේ නැන්දා හරි නැන්දගේ දුව හරි නැන්දගේ මිණිබිරි හරි මොකක් හරි ගොබ්බ චරිතයක් තමා. ඒක නිසාම ඉදුර මේ චරිත්‍යට තමන්ගේ උපරිමයම දෙන්න හිතා ගත්තා.

මුලින් practices තිබ්බේ සදුදා දවසක ඉතින් ඉදුර හැම අවුරුද්දෙම අදිනDrama Committee එකේ shirt එකයි. කළු පාට bottom එකකුයි ඇන්දා.

හැමදාම වගේ ළමයි හූ තියන සද්දේ හෝල් එකෙන් අහුණා.ගිහින් හැමදාම පුරුදු වෙන තැනවාඩිවෙලා.

හැමදාම වගේ තමන්ටම ඇහෙන්න lines ටික කියා ගත්තා.

ඒත්. ඒත් එක දෙයක් හැමදාම වගේ නෑ. තමන් කියන්න ගිය දෙබස ඉදුරට එහෙම්මම ගිලුනේ ඒ වෙනසට. කළු පාට bottom එකට අළු පාට ටී ශර්ට් එකක් ඇදන් හිටපු ආව්‍ය ඇතුළට ආවේ කාත් එක්කද කතා කර කර කවදාවත් අවධානය නොබිදෙන ඉදුරගේ අවදානේ කඩන්න එයාට ගියේ තත්පර ගාණයි. ඉතින් අයෙත් අර මුණ පිච්චෙන් හැගීම ඉදුරට දැනුණා. පපුවේ වේගෙ එන්න එන්න වැඩි වුණා. කණ ගාව බෙරයක් ගහනවා වගේ ඒක ඇහුණා. මේ හැගීම. මේ වෙන්නේ මොකක්ද කියන්න ඉදුර දන්නේ නෑ මොකද ඒක එයාට හැමදාම වෙන දෙයක් නෙමේ. ඒක අලුත්. හොදටම අලුත්.

"ළමයි අපි පටන් ගමු. හැමොම එන්න."

මිස් ඒ කියපු දේට නම් යන්තම් ඉදුරගේ පපුවේ වේගෙ අඩු වුණා. Pratices වෙලාවේ ඉදුර තමන්ගේ උපරිමය දාලා කළා. මිස්ගේ අතින් දෙතුන් පාරක්ම very good කියලාත් අහගත්ත නිසා ඉදුර දැන් full satis.

ඉවර වෙච්ච ගමන් ඉදුර ගේට් එක පැත්තට ගියේ bus එකක් අල්ලගන්න. ඉතින් බස් එක එනකන් ඉදුර පාර දිහා බලන් හිටියා. ඉදුරට පාර දිහා බලන් ඉන්න පුරුද්දක් තිබ්බා. එක එක මිනිස්සු හැසිරෙන හැටි එකිනෙකට වෙනස්. ඒ වෙනස බලන්න ඉදුර හරි කැමති. වාහන ඇතුළේ වෙන කතා, පාරේ යන couples, විශේෂයෙන්ම ඔය ත්‍රී විල් කාරයෝන්ගේ රණ්ඩු බලන්නත් ඉදුරට පොඩි ආසවක් තිබ්බා. ඔහොම බල බල ඉද්දි එක පාරටම,

නිමේෂ (BL)Where stories live. Discover now