16) Sketch

14 1 0
                                    



 මාස 5ට පසු



අද 12 වසරේ පළවෙනි දවස. මම Commerce කරන්නේ. නෑ. මගේ කැමැත්තට නම් නෙමේ. අපේ තාත්තාගේ කැමත්තට. මට ඕන වුණේ drama කරන්න Arts වලින්. ඒ වුණාට අපේ ගෙදර කවුද මම drama කරනවට කැමැත්තක් තිබ්බේ. Drama කරන්නේ ගෑණුලු මිනිහෙක් වෙන්න පුරුදු වෙන්නලු පවුලට ලැජ්ජා කරන්න එපාලු. මට තියන ලොකුම දුක තාත්තා කියන කුණුහරුප නෙමේ. මොකද මට ඒවා අහලම දැන් පුරුදුයි. ඒත් අම්මාත් තාත්තාටම එකතු වුණාම මම වැටෙන්න පුළුවන් අසරණම තැනට වැටුණා.

දවසක් මම මට කැමති දේ කරන්න දෙන්න කිය කිය අම්මාත් එක්ක රණ්ඩු වෙවී හිටියේ. ඒක ඇහිලා තාත්තා මට ගැහුවා. මට ගහපුවට වැඩිය රිදුණේ කියපුවා. ඒ වුණාට වෙනදාට මැද්දට පැනලා බේරන අම්මා එදා අයිනකට වෙලා බලන් ඉන්නවා දකිද්දි මට හැම දේම එපා වුණා. මම දවස් ගානක් කෑවේ නෑ. මම හිතුවා කොයි වෙලේ හරි ඇවිල්ලා කමක් නෑ පුතා ඔයා කැමති දේ කරන්න කියයි කියලා. ඒත් නෑ. එහෙම කියන්න කවුරුත් ආවේ නෑ. අන්තිමට මට කරන්න දෙයක් තිබ්බේ නෑ.

මට ඕ ලෙවල්වලට A නවයක් තිබ්බා. හර්ෂටත් තිබ්බා. ආව්‍ය ගැන මම දන්නේ නෑ. මොකද එයාව අන්තිමට ඕ ලෙවල් තිබ්බ දවසෙන් පස්සේ මම දැක්කේ නෑ. මට එයාව මතක් නොවුණා නෙමේ. අහන්න නොහිතුනා නෙමේ ඒත් මට ඊට වැඩිය ප්‍රශ්න තිබ්බා.

අද මට වෙන්දට ඉස්කොලේ එන ආසව තිබ්බේ නෑ. අද වෙනදා වගේ ඉස්කොලේ ලස්සනට පෙනුනෙත් නෑ. මම ගිහිල්ලා class එකෙන් වාඩි වුනා. හරිම් නිශ්ශබ්දයි. මට යාළුවෙකුත් නැති වෙයි කියන බය මට ඔක්කොටම වැඩිය තිබ්බා. මොකද හර්ෂ කරන්නේ Bio. ඌ දක්ෂයා කොහොමත්. මම ඩෙස්ක් එකට ඔළුව ගහගෙන හිටියා. මට අඩන්න හිතුණා.

"මිනිහෙක් වගේ හැසිරෙනවා" ඒ කටහඩ මගේ ඔළුවේ ආයි ආයි ඇහෙනවා. මට යන්තම් නින්ද යාගෙන වගේ එද්දි මගෙ උරහිස ගාවින් කවුරුහරි ඇල්ලුවා. ආ හර්ෂ !

"හර්ෂ උබ- ආව්‍ය ?" ඔව් එයා තමා එයාගේ කොළ පාට ඇස් දෙක දිලිසෙනවා. පේන නොපෙනෙන ගාණට හීනාවකුත් කට ගාවින් ඇදිලා තිබුණා. කොණ්ඩේ කලින් තිබ්බට වැඩිය ටිකක් කොටට කපලා. මම ඉක්මනට අනිත් පැත්ත බලා ගත්තා. නැත්තම් මතක නේ එක පාරක්.

නිමේෂ (BL)Where stories live. Discover now