14) විභාගේ අභාගේ

16 1 0
                                    


Author's note

Hi ළමයි,

මම කතාවේ pov එක ටිකක් මාරු කරන්න හිතුවා මොකද මට තේරෙන විදිහට third person pov එකකින් කෙනෙක්ගේ හැගීම් හරියටම පෙන්න එක ටිකක් අමාරු දෙයක්, විශේෂයෙන් මට, මොකද මේක මගේ පළවෙනි කතාව ඒ හින්දා please කියවන එක නතර කරන්නේ නැතුව කියවගෙන යන්න. මෙතන ඉදන් තියෙන්නේ ඉදුරගේ pov එකෙන්.

Thanks.

Inudhra's pov :

එදා competition එක දිනපු දවසේ ගෙදර යනකන්ම මට ආව්‍යගේ මුණේ තිබ්බ ඒ පාර මොකද්ද කියලා හිතන එක නතර කරගන්න බැරි වුණා. මම දන්නවා. මම හොදටම දන්නවා එයයි මමයි එවාගේ දේවල් බෙදා ගන්න පුළුවන් තරම් හොද යාළුවෝ නෙමේ. ඒත් මගේ හිත කිව්වෙම එක ගැන ගිහිල්ලා අහන්න කියලා. සමහර වෙලාවට අපේ මොළේ කොච්චර අපේ සිතුවිලිවල පාලනේ අතට ගන්න හැදුවත් හිතට පරාද වෙනවා. හරියට එදා මට වුණා වගේ. හැබැයි ඒකේ තේරුම හිත වැරදි කියන එකද ? නෑ. මම නම් එහෙම හිතන්නේ නෑ.

මම ඕක අහනවමයි කියලා කොච්චර ලෑස්ති වෙලා ගියත් වැඩක් වුණේ නෑ. මොකද ඊළඟ සතියේ ඉදන් අපිට එක දිගට වාර විභාගේ. ඉතින් කොහෙද ඔය හු**වල් හිත හිත ඉන්න වෙලා. මම බොක්ක රත් වෙලා සුපුරුදු පරිදි මරණ මංචකෙදි පණ අදින්න ගත්තා. ඒ අස්සේ මේ පණ අදින නාකි මිනිහාට මාරයා පේනවා වගේ අපේ අම්මා සැරින් සැරේ දොරෙන් එබි එබි,

"ආහ් ඔය කරගෙන තියෙන්නේ නට නට ඉදලා."

"එනවකෝ තෝ ලකුණු නැතුව."

"කැමරාව විසික් කරනවා බේරෙ වැවට " වගේ එක එක මගුල් කියලා මගේ මේ වැඩි වෙලා තියන ප්‍රෙශර් තවත් වැඩි කරනවා.

සදුදා ඉස්කොලේ ගිහිල්ලා ඉතිහාසය පොත දිග ඇරගෙන ඉන්නකොට මම දැක්කා ආව්‍යත් හිටු කියලා මේසේ පුරාම සිතියම් ටිකක් අතුරගෙන බලනවා. පව් ඉතින් පොරටත් මට වගේම ඇති. මේ ඉස්කෝලෙට කප් ගහලා දෙන්න ගිය අසරණ නාට්‍ය කණ්ඩායමට අවසානයේ වෙච්ච වැඩේ.

කමක් නෑ ඔන්න ඔහේ අර රත්න ශී විජේසිංහ මහත්තයා කිව්වා වගේ "කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස" කියලා හිතලා මම නොසැලී ඉදිරියට යනවා. ඒ කවි ටික හැබැයි පට්- යකෝ අද ඉතිහාසය දවසේ කවි අගයලා හරි යනවද !! අම්මා පොඩි කාලේ සති පාසල් යවන්න හදනකොට ගියා නම් මගේ සිහිය මීට වඩා හොද වෙන්න තිබ්බා. What to do දැන් ඉතින්.

ඔහොම කොහොමහරි මම සති දෙකක් නිදි මරලා නිදි මරලා බොහොම අමාරුවෙන් පණ පිටින් මේ මගුල ලියලා ඉවර කළා. ප්‍රතිඵල ගැන නම් නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් දෙන්න අමාරුයි. කමක් නෑ කොහොමහරි ඉවරයි නේ දැන් ඉතින් ඕ ලෙවල් තමා. අපේ ලකුණු දෙන්නේ නිවාඩුවෙන් පස්සේ ඒ හින්දා අපි අනිතිම දවසේ ඉතින් class party තමා.

මම නම් එච්චර ඔය party කියලා නටන්න කැමති නෑ. සාමාන්‍යයෙන් පෙප්සි බෝතලෙකින් වගේ මගේ යුතුකම ඉටු කරනවා. තව ඔන්නම් පන්තියේ එවුන් සින්දුවක් කියද්දි අයිනක ඉදල මුමුණණවා ඇරෙන්න මට එහෙම ලොකුවට අවදානය ගැනීමේ ආසවක් තිබ්බේ නෑ.

එදා ඉතින් උදේ ඉදන්ම අපේ එවුන් බජව්ව පටන් ගත්තා. මුලිකත්වය ඉතින් සුපුරුදු පරිදි හර්ෂ තමා ගත්තේ. ඇත්තටම මට මේ ටිකේ drama එකයි විභාගෙයි එක්ක ඌ එක්කවත් හරියට කතා කරන්න වෙලාවක් තිබ්බේ නෑ. අදවත් කතා කරන්න ඔනේ. ඌට ඉතින් මම විතරක් නෙමේ යළුවෙක්ට ඉන්නේ මට ඌ විතරක් වුණාට.අනේ ඉතින් මට උඹ විතරක් වුණාට උඹට ඉන්නේ මට විතරද ඉහි ඉහි. කමක් නෑ ඉතින් මට යාළුවෝ නෑ කියලා ඌ මොනවා කරන්නද

මම මගේ ආසම පානය වන Portello එකත් රස කර කර බිබි ඉද්දි පිටි පස්සෙන් අලි හෙවනැල්ලක් වැටුණා.

"ඉදුර"



මතු සම්බන්දයි...

නිමේෂ (BL)Where stories live. Discover now