ඒත් එක්කම අර සීතළ වැස්ස වගේ සුවදත් ආවා. මට ඉතින් දෙපාරක් හිත හිත ඉන්න ඕන වුණේ නෑ ඒ කවුද කියලා.
"ආ ආව්ය !"
"Portello වලට ආසයි වගේ "
"ඔව් කට රතු වෙනවා නේ." අපිට ඉතින් ඔය ගෑණුන්ට වගේ lipstick, lipgloss, lip balm
ඔය හැට හුට හමාරක් ඒවා නෑනේ උලන්න. ඒ හින්දා පොඩ්ඩක් රතු කරගන්න ඕනේ නම් Portello හරි Necto හරි උගුරු තුනක් බොන්න තියෙන්න."හ්ම් එහෙමද? ඔයාගේ ඉතින් කොහොමත් රතුයි නේ"
හෑ මොකද්ද ඒ කිව්ව කතාවේ තේරුම!!
"මො- මොකක් ?"
"මම විහිළුවක් කළේ" අපෝ මහා ගොබ්බ ගොක් තියෙන්නේ. ඒ පාර මගේ මූණ දිහා කන්න වගේ බලන් හිනාවෙනවා.
"දැන් නම් තොල් විතරක් නෙමේ රතු වෙලා තියෙන්නේ"
හයියෝ!!!! මොන විසි ලැජ්ජවක්ද. මට මේ ළගදි ඉදන් මොකක් වෙලාද මන්දා .
"ආ ඔව් මේ- මේ- මෙතන රස්නියි නේ"
"ඔව් ඒක තමා" කියලා මට ආයේ කට පුරොලා හිනා වුණා.
යකෝ මේකා මාර ලස්සනයි නේ හිනා වෙද්දි. කොහෙද ඉතින් අපිට ඔරව ඔරව නේ හිටියේ ඉස්සර.
ආ අර එදා වෙච්ච මගුල අහන්නත් ඕනේ.
"මේ ආව්ය"
මම Portello තව ටිකක් දාගන්න ගමන් කිව්වේ.
"හ්ම්ම්" එයා Sprite බොන ගමන් හිටියේ. මම නම් ආස නෑ ඒවට තොල පාට වෙන්නේ නෑනේ. Portello තරම් ආතල් නෑ මොනවත්
"එදා drama එක දවසේ ඔයා එන්න පරක්කු වුණේ ඇයි ? personal දෙයක් නම් කියන්න එපා. මම නිකන් ඇහුවේ. ඔයාට මාත් එක්ක uncomfortable නම්-"
"ගෙදර පොඩි රණ්ඩුවක් වුණා."
"ආ හරි. මේ... ඒකෙන් ද එතකොට මේ තුවාලේ "
මම එයාගේ කම්මුල යන්තම් පේන කැළෙලට ඇගිල්ලක් දික් කරලා ඇහුවේ
"හ්ම්" එයා බිම බලාගෙන් කිව්වේ.
"හරි ආව්ය. Thank you කිව්වට." මම එහෙම කියලා හර්ෂ ඉන්න තැනින් ගිහිල්ලා වාඩි වුණා. මොකක් ගැන වෙන්න ඇතිද ? මම ඉතින් පොඩ්ඩක් ඕප දූප හොයන්න ආසයි. ඒ වුණාට එයා මාව ඕවා කියන්න තරම් අදුරන්නේ නැනේ. ඒ හින්දා ඇගිලි නොගහා ඉන්න එක හොඳයි.
YOU ARE READING
නිමේෂ (BL)
Romanceඉවසන්න ? ඉවසන්න මට තව ඉවසීමවත් මගේ සැනසිමවත් ඔයා මට ඉතුරු කරලා නෑ ආව්ය.