4) කැමරාව

23 1 0
                                    

"කොහොමද පුතා අද ?" ආව්‍යගේ තාත්තා වෙච්ච ශාක්‍ය ගෙට අඩිය තියන්නත් කලින් ප්‍රශ්න් පත්‍රයක් දිග අරින්න ගත්තා.

"අවුලක් නෑ" කිසිම හැගීමක් නැතුව දුන්න ඒ උත්තරේට ශාක්‍ය පොඩ්ඩක් ඔළුව උස්සලා රැව්වා.

"පුතා ඔහොම ඉන්න. ප්‍රශ්නයක් ඇහුවාම හරියට උත්තර දෙන්න පුරුදු වෙන්න. අද ඔක්කෝම finalize කරගත්ත ද ? "

"ඔව් තාත්තා ඒ ඔක්කෝම හරි. තාත්තා මට අලුත් කැමරා එකක් ඕනේ අද." ආව්‍ය පොඩ්ඩක් බයෙන් ඒක කිව්වේ එවුනාට නොකියත් බැරි නිසා කියලා දැම්මා.

"ඒ මොකටද ?"

"මගේ අතින් ළමයෙක්ගේ එකක් කැඩුණා අද" ආව්‍ය කිව්වේ උඩ බිම බල බල.

"Are you serious චුටි පුතා ?? ඔයා ගිහිල්ලා දවසක්වත් ගියේ නෑ. Why are you this irresponsible? අක්කි නම් කවදා-"

"Ï know තාත්තා. I know. Akki is perfect and I'm not. මට එහෙම වෙන්නත් බෑ. වෙන්න ඕනෙත් නෑ. Everyone is not the same. Why can't you just let me be the way I am." ආව්‍යගේ සද්දේට ගෙදර වීදුරුත් දෙදරන්න ඇති.

"I'm not asking for you to be like her. All you do is go around racing like an idiot or come home and keep drawing. පුතා අපි අහිකුන්ඨක්යෝ නෙමේ. Racing or drawing won't get you anywhere in life. So use your brains for something useful for gods sake!!! And use your own money to pay for your own foolish things." ශක්‍යගේ සද්දෙත් ඊට වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ.


ආව්‍ය පුටුවකුත් පෙරලගෙන කාමරේට දුවලා ගිහින් දොර දමලා ගැහුවා.


**********************************************************************

කාමරේ දොර අරින සද්දෙට ඉදුර ඇහැරුණා.

"පුතා? ඔය පාඩම් කරලද නිදන් ඉන්නේ ? නැගිටින්න නැගිටින්න. " කාමරේට ආපු ඉදුරගේ අම්මා හැමදාම දෙසන දේශනාව පටන් ගත්තා.

"හරි අප්පා පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ." ඉදුර කොට්ටෙන් ඔලුවත් වහගන්න ගමන් කිව්වා.

"එනවකෝ ගෙදර ලකුණු අඩු වෙලා. ඒක නෙමේ අද අර මොකද්ද day එහෙකට හවස ඉන්නවා කිව්වා නේද ?"

"ආ මේ අම්මා... ඒක මේ... පොඩි අවුලක් වුණා. ඇත්තටම මගේ කැමරාවේ පොඩි අවුලක් වෙලා." කියලා ඉදුර ටක් ගාලා කාමරෙන් මාරු වෙන්න හැදුවේ.

"කෝ දෙන්න බලන්න." කියලා ඉදුරගේ අම්මා මේසේ උඩ තිබ්බ කැමරාව ගන්න ගියේ.

"නෑ නෑ එපා එපා ඔහොම ඉන්න." ඉදුර දුවලා ගිහින් පාර හරස් කළා.

"එහාට වෙනවා පොඩ්ඩක් බලන්න ඉතින්." අම්මා ඉදුරට වැඩිය කොට නිසා එහාට මෙහාට වෙවී කැමරාව ගන්න හැදුවා.

"නෑ අනේ ඕකේ මුකුත් නෑ. මම අපේ club එකේම අයියා කෙනෙක්ට දිලා ආවා පොඩ්ඩ්ක් බලන්න කියලා."

"ආ හරි ශෝක් එක එකාට දීලා නැති කරගන්නවකෝ. ආයේ නම් අරන් දෙන්නේ නෑ පුතා. ඔන්න දැන්ම කිව්වා." බුදුඅම්මෝ හොඳ වෙලාවට කිව්වේ නැත්තේ කියලා ඉදුරට ඒ වෙලාවේ හිතුනා, කාටහරි දුන්නා කියලා මෙහෙම බනිනවා නම් කැඩුණා කියලා දැන ගත්තොත් කොහොම තියෙයිද. ඒ වුණාට කවදා වෙනකන් මෙහෙම බොරු කියන්නද

"නෑ නෑ අනේ එයා හොඳට ඕවා ගැන දන්න පොරක්. අම්මා දැන් ගිහිල්ලා ඔයාගේ වැඩක් බලගන්නකෝ. මම පාඩම් කරන්නම්."

"මේ අම්මා.... තාත්තා ආවාද ?"ඉදුර අම්මාව කාමරෙන් එළියට තල්ලු කරන ගමන් ඇහුවේ.

"නෑ"

"හ්ම්ම්" දෙන්නගේම මුණේ තිබ්බ හිනාව ඒ වෙලාවේ මැකිලම ගියා.






මතු සම්බන්ධයි...

නිමේෂ (BL)Where stories live. Discover now