10) Kiss

18 1 0
                                    


"ළමයි අපිට තව මොනවා කරන්නත් සතියයි තියෙන්නේ ඒ නිසා අද final scene එක ඉවර කරලා දවස් දෙක තුනක් stage rehearsal කරලා, ඊටපස්සේ dress rehearsal එකක් කරන්න ඕනේ. ඒ හින්දා දැන්ම පටන් ගමු. "

මේ දවස් ටිකේ final rehearsals යන්නේ ඒ හින්දා හැමදාම හය හත වෙනකන් ඉස්කෝලේ ඉන්න ඕනේ. ඒ මදිවට ඊට පස්සේ සතියේ term test. ඕ ලෙවලුත් හොදටම ළඟයි දැන්නම් ඉදුරගේ ප්‍රෙශර් වැඩි වෙලා තිබ්බේ.

ඉදුරට අන්තිම සීන් එකේ තිබ්බේ මැරිලා වගේ ඉන්නයි. Lines දෙක තුනකුයි වගේ හැබැයි ඒක කියන තරම් ලේසි නෑ මොකද ඒ Romeo and Juliet ගේ ආදරේ පෙන්වන හොදම අවස්ථාව. තමන් ආදරේ කරන කෙනා නැත්තම් තමන්ගේ ජීවිතෙනුත් වැඩක් නෑ කියලා පෙන්වන මොහොත. ඉතින් ඒක පුළුවන් තරම් ප්‍රේක්ෂකයාට දැනෙන්න දෙන්න ඕනේ.ඉදුර ගිහින් බිම දිගා වෙලා ඇස් දෙක වහ ගත්තා.

ආව්‍ය ඉදුරගේ පිට යටින් අත් දෙක දාලා තමන් දිහාවට ඇදලා ගත්තා. ආව්‍යගේ අත් දෙක මාර සීතළයි නිකන් fridge එකෙන් එළියට අරන් වගේ. ඒත් එක්කම ඉදුරට හරිම අමුතු සුවඳ දැනුණා. මේ පළවෙනි පාර නම් නෙවේ ඉදුරට ඒ සුවඳ දැනුණ. ඩ්‍රාමා practice තිබ්බ හැම දවසකම වගේ ඒක දැනුණා. ඒක හරියටම කියනවන් වැහැලා පැව්වහම එන සුවඳ වගේ හරිම නැවුම් වගේම සීතල සුවඳක්.

"හරි. Lights Camera Action" කිව්වත් එක්කම ආව්‍ය පටන් ගත්තා.

"O my love! my wife!
Death, that hath suck'd the honey of thy breath,
Hath had no power yet upon thy beauty:
Thou art not conquer'd; beauty's ensign yet
Is crimson in thy lips and in thy cheeks,." (Romeo and Juliet - Act 5, Scene 3)

ඉතින් ඉදුරව ආයේ බිමින් තියලා ආව්‍ය නැගිටලා බිම හැප්පි හැප්පි ඇඩුවා. අඩලා අඩලා ආයේ අත් දෙකෙන්ම බදාගෙන තමන්ගේ පැත්තට ඇදලා ගත්තා. අඩන සද්දේ එන්න එන්නම වැඩි වුණත් වගේ ඉදුර ආව්‍යට තව තව තුරුල් වුණා. තව තද වුණා. අර සුවඳ නහය කඩාගෙන යනවා ඉදුරට තේරුනා. තමන් කවද්ද කාටහරි මෙච්චර ළං වෙලා හිටියේ කියලා ඉදුරට මතකයක් නෑ. සමහරවිට කවදවත්ම නැතුව ඇති. ඒ කටහඩ ළං වෙනවත් එක්කම ඉදුර ටික ටික පිච්චෙන්න ගත්තා ඒත් ආව්‍යගේ සීතල අත් දෙකට ඒ පිච්චිල්ල අඩු වුණා.

හොව්.. හොව්.. මේකෙ kiss කරන කෑල්ලක් තියනවා නේද ? එක පාරක්ද, කීපරක් කරන්න තියනවද !! නෑ නෑ නෑ. ඉදුර මේකට කොහොමත්ම ලෑස්ති වෙලා නෙමේ හිටියේ. එහෙම කරන්නේ කොහොමද? මෙතන ඇසළ පෙරහැර බලන්න තරම් සෙනගත් ඉන්නවා. බෑ ! බෑ !! කොහොමටවත් බෑ!!!

නිමේෂ (BL)Where stories live. Discover now