7) Romeo and Juliet

19 1 0
                                    


සතියකට විතර පස්සේ නාට්‍යයේ චරිතත් එක්කම audition එකෙන් select වෙච්ච අය notice board එකෙ දාලා තියනවාක් කියලා පණිවිඩයක් ආවා. ඉතින් හර්ෂයි ඉදුරයි දෙන්නම interval බෙල් එක ගහපු ගමන් එළියට බැස්සේ ඕක බලන්න.

"යකෝ නැහෙන්නේ නැතුව හිටහං උඹට අනිවාර්යයෙන් මොනවාහරි ඇති."

"ඒ වුණාට අරකා මට වැඩිය හොඳට කළා."

"හරි හරි. උඹට පාර අතු ගාන චරිතයක්වත් දීලා නැත්තම් මම toilet එක ලෙවකන්නම්"

"කෝ ඔය ඔතන අඩ අඩ ඉන්න එවුන් පොඩ්ඩක් එහාට ගිහින් අඩාගන්න. තමුසෙලට නෑ කියලා අපිට කොරන්න දෙයක් නෑ." එතන පිරිලා හිටපු එවුන්ව තල්ලු කරන් ගිය හර්ෂ ඉදුරට එන්න පාර හැදුවා.

ඉදුර ඉතින් යට ඉදන් උඩට ඇගිල්ල අරන් ආවා තමන්ගේ නම හොය හොය. නෑ නෑ නෑ තාම නෑ. අන්තිමට දැක්කා. උඩ ඉදන් දෙවනි නම. ඒ නම දිගේ ඉස්සරහට ඇගිල්ල ඇදන් ගිහාම තිබ්බෙ ඉදුරගේ චරිතේ. "Juliet" කියලා ඒක ඉස්සරහා print කරලා තිබ්බා. ඉතින් දැන් යන්තම් ඉදුරගේ මුණට හිනාවක් ආවා. ඒත් එක්කම ඉදුර දැක්කේ පළවෙනියට තියන නම

Avya De Sillva - Romeo

"F*ck" ඉදුරට නිකන්ම කියවුණා.

"Congrats" ඉදුරගේ හුසමත් හිරවෙන්න ආවා පට්ට ගැඹුරු කට හඬක් කන ගාවින්ම ඇහිච්ච නිසා. ඉතින් ඉදුර පිටි පස්සේ ඇගේ ගැවී නොගැවී හිටියේ ආව්‍ය. ඉදුර කතා කරන්න අනිත් පැත්ත හැරුණා විතරයි ඉදුරගේ ඔළුව කෙළින්ම තිබ්බේ ආව්‍යගේ පපුවේ. සෙනඟ හතර වටේ හින්දා හෙල්ලෙන්නත් බෑ, ඒ මදිවට හර්ෂත් කොහෙවත් පෙන්න නෑ, ඉදුරට ඔළුව උස්සන්නත් බෑ දැන් අර මූණ පිච්චෙන හැගීම ඉදුරට තදටම දැනිලා තිබ්බේ ඒ හින්දා එහෙම්ම "thanks. Excuse me" කියලා ඉදුර සෙනඟ අස්සෙන් තෙරපිලා යද්දී හර්ෂ ඉන්නවා බිත්තියකට හේත්තු වෙලා.

"ඉතින් හම්බෙලා නේ ?"

"ඔව් ඔව්. තමුසේ දැක්කේ නැද්ද අර යකා එනවා ?"

"මොකාද ?"

"අර ආව්‍ය "

"දැක්කා. ඇයි ?"

"එහෙනම් මට කිව්වේ නැත්තේ ??" ඉදුර ඒක කිව්වේ පොඩ්ඩක් තරහා ගිහිල්ලා වගේ

"ඈ යකෝ මම මොකටද ඌ එනවා කියලා උඹට කියන්නේ. ඇයි උඹලා වලියක්වත් දාගත්තද? අනික මොකද උඹ මේ පුපුරන්න ළඟ මදටිය ඇටයක් වගේ රතු වෙලා ? ඔක්සිජන් මදි වුණාද ? " හර්ෂ ප්‍රශ්න වැලක් අහගෙන ගියේ ඉදුර සාමාන්‍යයෙන් තරහ යන්නේ නැති එකෙක් නිසා.

"නෑ එහෙම එකක් නෑ. මේ පාර කරන්නේ Romeo and Juliet. Romeo හම්බෙලා තියෙන්නේ එයාට "

"මොකක් වෙන්න බෑ ?? ඌ එච්චර හොඳට කරාද ? මොකාද එතකොට Juliet ???"

"මම"

"ඔය සද්දේ අඩු කරගන්නවකෝ මට මේ කියන එකක් ඇහෙන්නේ නෑ.!!!! මොකද්ද මචං ඇහුණේ නෑ. ආයේ කියපං" හර්ෂ ඉදුරගේ පැත්තට කනත් දික් කරගෙන ඇහුවේ.

"මම යකෝ ! මම Juliet"

"දැන් නම් toilet එක ලෙව කෑවත් කමක් නෑ වගේ."

"අනේ හිටහං . මට කරන්නත් බෑ වගේ බං "

"පිස්සුද යකෝ කීපාරක් practice කරාද උඹ. කොහෙවත් යන එකෙක් හින්දා ඒක නැති කරගන්න එපා."

"හ්ම්ම්..."








මතු සම්බන්ධයි...

නිමේෂ (BL)Where stories live. Discover now