9) කර්මය

19 1 0
                                    


ආව්‍ය මොකක් හරි කියන්න හැදුවා එත් කළු පාට Range Rover එකක් ඒ දෙන්නා ඉස්සරහට ඇවිල්ලා horn එක ගහපු නිසා ඒ කියන්න හදපු දේ කියාගන්න බැරි වුණා.

"බායි එහෙනම්" ඉදුර යන්තම් හිනා වෙලා කිව්වා.

ආව්‍ය කාර් එකේ දොර ඇරියා ඒත් එයා නැග්ගේ නම් නෑ. ඒ වෙනුවට,

"නගින්න"

"ආහ් ?"

"නගින්න කාර් එකට"

"නෑ ඒකට කමක් නෑ ආව්‍ය මම බස් එකේ යන්නම්. ඔයා යන්න. Thanks."

"ඔයා කොහෙද ඉන්නේ."

"ආහ් මේ නුගෙගොඩ "

ඒක කියලා ඉවර වුණත් වගේම ඉදුරව කාර් එක ඇතුළට තල්ලු වුණා.

"මොන-"

"මාත් ඒ පැත්තෙන් යන්නේ"

මේක නිකන් පැහැරගැනීමක් වගේනෙ මේවට පොලිසි යන්න ඕනේ හරි නම් අනවසරයෙන් වාහන ඇතුළේ දාගෙන යනවට. ඒ වුණාට ඉදුර මුකුත් කියන්න ගියේ නෑ. මොකද ආව්‍ය බලහත්කාරෙන් හරි එයාව කාර් එකට ඔබා ගත්තේ නැත්තම් එයාට කීය වෙනකන් පාරෙ ඉන්න වෙයිද දන්නේ නෑ.

"ඔතන පාර ගාව නවත්තන්න. Thank you so much ආව්‍ය. ලොකු උදව්වක් ."

"හ්ම් bye." ෆෝන් එක ඔබ ඔබා හිටපු ආව්‍ය ඔළුව උස්සන්නේත් නැතුව කිව්වා.

ඉදුර වහනෙන් බැහැලා ගෙවල් පැත්තට ගියා. දොර ඇරපු ගමන් ආපු නහය කඩන් යන ගදට ඉදුරට එහෙම්මම හැරිලා යන්න හිතුණත් නෑ එයා එහෙම කරේ නෑ. තාත්තා පුටුව උඩ පත බෑවිලා ටීවි එකේ හින්දි ෆිල්ම් එකක් බල බල හිටියා. ඉදුර වැඩිය අවධානයක් ගන්නේ නැතුව කාමරේට යන්න හැදුවත්,

"ඉදුර ? කො~හේද මෙ~ච්චර රෑ වෙනකන් හිටියේ? ආහ් !? " තාත්තා පුටුවෙන් නැගිටිණ ගමන් ඇහුවේ. මෙච්චර මහන්සි වෙලා ආපු ඉදුරට ඕවට උත්තර දෙන්න තරම් පණක් තිබ්බේ නෑ.

"drama practice තිබ්බා. බස් එක එන්න පරක්කු වුණා." එහෙම කියලා ඉදුර කාමරේට යන්න ගියත්

"ඩ්‍රාමා ?? තමුසේ ආයේ අර නල්ල මලේ ගෑණු චරිතෙකට රගනවා නම් වහාම මේ ගෙදරින් දොට්ට බැස්සොත් හොඳයි! මාව නරක මිනිහා කරගන්නේ නැතුව."

ඉදුර හොද හුස්මක් අරන් අනිත් පැත්ත හැරුණා.

"නාට්‍යක ගැහුණ චරිතද පිරිමි චරිතද කියලා වෙනසක් නෑ. ඒ දෙකේම වෙන්නේ තමන්ගෙ හැකියාව පෙන්නන එක විතරයි."

"ආහ් එහෙමද දැන් තෝ එකට එක කියාගෙනත් එනවද ? ආහ්! මුළු ඉස්කොලෙයක් ඉස්සරහ පරම්පරාවෙම රෙද්ද ගලොනවා මදිවට මෙතන කට ගහගෙනත් එනවා. ඉද තොට-" ඉදුරගේ තාත්තා ළගට එන්න කලින් ඉදුර ඉක්මනට ගිහිල්ලා කාමරේ දොර වහගත්තා.

"ඇරහන් මේ දොර!!!"

හැමදාම ගලන් දියැල්ල ඉතින් ආයේ කඩන් වැටෙනවා. ඉදුර ඒක නැවෙත්තුවෙත් නෑ. නවත්තන්නත් බෑ. මේ අපායෙන් කවදා ගැලවෙන්නද ? නැත්තම් තමන් මෙතනම විනාශ වෙලා යයිද? මෙච්චර විදවන්න තරම් කලින් ආත්මෙක තමන්ම කාට හරි මෙහෙම කරන්න ඇති කියලා හිතුන වාර ගණන අනන්තයි. ඒකට හරි යන්න විදවනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද. ඒක තමා කර්මය. කර්මෙන් බේරෙන්න පුළුවන් කාටද ?







මතු සම්බන්ධයි...

නිමේෂ (BL)Where stories live. Discover now