කලින් ඒ වෙලාවේ කලබලේට පෙනුනට වඩා ගොඩක් පැහැදිලිව ඉදුරට දැන් එයාව පෙනවා. එයාට මී පැණි පාට පැහැදිලි තල එලලු හමක් තිබ්බේ. කොණ්ඩේ එච්චර දිගත් නැති කොටත් නැති වෙන්න ගාණට කපලා තිබුණා. ඇස් දෙකේ තිබුණේ එයා කවදාවත් දැකලා තිබුණේ නැති ලා කොළ පාටක්. ඒක එයාගෙ හමට වගේම මුණට හොඳට ගැලපුනා. ඒ විනාඩි දෙක තුනටත් තව ටිකක් උස ගගිහිල්ලාද මන්දා. ඒ කොහොම වුනත් මේ කොහෙන් ආපු එකෙක්ද කියලා තමයි ඉදුරට තාම හිතා ගන්න බැරි.
"යකෝ මුගේ අප්පා නන්දිමිත්ර ද? ඒ වුනාට බන් ඔය face cut එක මට හොඳට දැකලා පුරුදුයි." හර්ෂ ඇස් දෙකත් පොඩි කරගෙන කිව්වේ.
"Good morning ළමයි. We have a new friend in your class today. This is Avya De Silva. I think most of you already know him. I know this Is your last few days in this class but he just came back from America to write his Ols and I want everyone to treat him with no difference. Good luck Avya. You may come to me if you have any issues. You may sit down and continue your work now." Sectional head ඉංග්‍රීසියෙන් දොඩෝගෙන ගිය ටික අහපු හර්ෂගේ කට නිකන්ම ඇරුණා.
"අඩෝ ඉදුරයා මාව පොඩ්ඩක් කොනිත්තපන්. ආව්ය කියලා නේද කිව්වේ ? ආව්ය දි සිල්වා ??" හර්ෂගේ ඇස් දෙක පුපුරන්න තරම් ලොකු වෙලා.
"ඔව් ඔව්. ඇයි උඹ අදුරනවද?"
"යකෝ අදුරනවද අහන්නේ උඹ අදුරන්නේ නැත්තේ කොහොමද කියලා මට තෙරෙන්නේ නැත්තේ. මූයි මායි 3,4,5 එක පන්තියේ හිටියේ. මට පෙන්න බෑ ඕකව ඒ කාලේ ඉදන්. මූට හෙන ඉක්මනට කෙන්ති යනවා. ඉස්සර එක සැරයක් මම කැන්ටිමේ පොළිම පැන්නා කියලා මූ මට පෙරලගෙන ගැහුවා කියහන්කෝ.මගේ නහයත් කැඩෙනවා තව පොඩ්ඩෙන්. යකෝ nose job එකක් කරලවත් මේ ෂුට්ටි නහය ආයේ ගන්න පුලුවන්ද. අර voldermote වගේ තමා අන්තිමට මට ඉන්න වෙන්නේ. කොහොමහරි අන්තිමට පිනාගේ office එකේ තමා නැවතුණේ."
"ඉතින් උඹනේ පෝළිම පැනලා තියෙන්නේ" ඉදුර කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්.
"එහෙමයි කියලා ගහන්නේ මොන ප*යද. කොහොම හරි මූ ශිෂ්‍යත්වෙන් පස්සේ රට යනවා කියලා ගියා. මම ඉතින් පට්ට ආතල් එකේ හිටියේ ඌ යනවා කියලා දැනගත්ත දවසේ ඉදන්. කොහෙද මේ කාල්කණ්ණියා ආයි ඇවිල්ලා නේ. මූ එහේ ගියාට පස්සේ skate bording, racing වගේ රෙද්ද්වල් කරන්න පටන් අරන්. දැන් මිනිහාට racing field එකේ හොඳ තැනක් තියනවාලු. මම නම් ඕවා ගැන එච්චර දේවල් දන්නේ නෑ හැබැයි මිනිහා Instagram එකේ හෙනට දානවා ඕවා ගැන. කොහෙද ඉතින් උඹ මම කිව්වට මුකුත් social media එකක් දාගන්නේ නෑනේ ඉතින් කොහෙද කිසි දෙයක් දන්නේ."
"උඹව derana උකුස්සා එකට ගන්න තිබ්බේ."
ඉතුරු period 4 ත් ඔහේ ගෙවිලා ගියා. ඒ වුණාට ඒ පැය කිහිපය ආව්යට ජීවිතේ දිගම පැය කිහිපය වුණා. තමන්ගේ තාත්තාගේ වගේම සීයාගේ සාම්ප්‍රදායික අදහස් නිසා National Curriculum Ols කරන්න වෙච්ච ආව්යට දැනුනේ තමන් කිසිම අනන්‍යතාවයක් නැති කෙනෙක් වගේ. ඒ කොහොම වුණාත් Instagram නිසා ඉස්කෝලේ වගේම පන්තියේත් ගොඩක් අය ආව්යව දැනටමත් දන්නවා. ඒ හින්දා ආව්යට ලොකු තනිකමක් දැනුනෙත් නෑ.
කොහොමහරි interval එකත් වුණා. බෙල් එක ගහපු ගමන් පන්තියට දුවන් ආපු class teacher ආව්යට අඩ ගැහුවා. ඒත් එක්කම,
"කෝ අපේ පන්තියේ monitor. මේ අලුත් දරුවට පොඩ්ඩක් sports room එක තියන තැන පෙන්නන්න." ඒ වෙලාවෙ තමා ආව්ය දැක්කේ කවුද monitor කියලා.
"OH SHITTT" දෙන්නම එකටම තමන්ට ඇහෙන්න කියා ගත්තේ මුණට මූණ බලාගෙන.
මතු සම්බන්දයි...
YOU ARE READING
නිමේෂ (BL)
Romanceඉවසන්න ? ඉවසන්න මට තව ඉවසීමවත් මගේ සැනසිමවත් ඔයා මට ඉතුරු කරලා නෑ ආව්ය.