මාධවී මැඩම් එක්ක මගෙ ඉවෙන්ට් එකේ වැඩ ටික කතා වෙලා ඉවර වෙනකොට අන්තිම පීරියඩ් එකත් පටන් අරන්.. මැඩම් කලබලෙන් වගෙ පොත් ටිකකුත් අතට අරන් පීරියඩ් එකට යන්න ලෑස්ති උනේ අද හවස ආෆ්ටර් ස්කූල් අපිට නවතින්න පුලුවන්ද කියල අහන ගමන්.. අද වෙනුරටවත් අනිත් අයියලටවත් ක්ලාස් නැති දවසක් නිසා හැමෝටම පහසු වෙන්නයි මැඩම් අදම දා ගත්තෙ.. අනික තාම ඉවෙන්ට් එක ප්ලෑන් කරලත් නැති නිසා අද දවස නවතින එක සෑහෙන වැදගත් කියල මැඩම් අපිට කිව්වා.. මැඩම් කියන විදිහට මාව පොඩ්ඩක් ට්‍රේන් කරන්නත් තියෙනවලු.. ඒකත් ඇත්ත.. කෙල්ලො යන විදිහට පුප නලව නලව යන්න මන් දන්නෙ නෑනෙ... ඉතින් මට කොහොමත් ට්‍රේනින් එකක් ඕන.. අනිත් එක මෙ විදිහට ස්කූල් එක ඉවර උනාට පස්සෙ කතා කර ගන්න නිසා මේක අපි කීප දෙනාගෙන් පිට යන්නෙ නැති නිසා ඒක හැමෝටම ලේසියි කියල මිහිරාන් අයියා පවා කිව්වා..
කොහොම හරි අද දවසෙ වෙනදා වෙලාවට ගෙදර යන්නෙ නෑ කියල වෙනුර යාලුවෙක් අතේ ස්කූල් බස් එකට පණිවිඩයක් යැව්වා.. ආ.. තව... මාධවී මැඩම් කතා කරලම අපි හැමෝගෙම ගෙවල් වලට දැන්නුවා අපි එන්නෙ වෙනදා වෙලාවට නෙවෙයි කියලා.. මැඩම් ඒ අතින් සෑහෙන්න්න අපි වගකීමෙන් වැඩ කලා.. විශේෂයෙන්ම අපි හැමෝගෙම ආරක්ෂාව ගැන හිතපු මැඩම් අපිට ආයෙම ගෙදර යන විදිහ ගැන පවා සෑහෙන්න වද උනා.. මැඩම්ට මහා ලොකු වයසක් නැති නිසා වෙලාවකට 'පුතා...පුතා' කියල කතා කරන එකත් අමුතුයි වගෙ.. පෙනුමින් වගෙම වයසෙනුත් මාධවී මැඩම් අපෙ අක්කා කෙනෙක් වගේ...
අපි ස්ටාෆ් රූම් එකෙන් ඇවිත් කෙලින්ම ගියේ ආයෙම ග්‍රවුන්ඩ් එකට.. අද දවස තනිකරම වෙන් කරල තිබ්බෙ 17න් පහල ස්පෝට්ස් වලට ලමයිව තෝර ගන්න නිසා අපේ කිසිම ලමයෙක්ට නිකරුනේ ක්ලාස් රූම් වලට වෙලා ඉන්න නම් දුන්නෙ නෑ.. ඔක්කෝටම හපන් අර හෙඩ් බෝඩ් එකයි ප්‍රිෆෙක්ට්ලා ටිකයි.. උන් ටික වතුර ටිකක් බොන්න ක්ලාස් එකට ආවත් කොල්ලො ටිකව එලෙව්වෙ පිස්සො බල්ලො ගානට.. නිකන් උන්ට නෝට් වෙන්න ඕන නැති නිසා මමයි වෙනුරයයි ග්‍රවුන්ඩ් එකෙ කොනක් අල්ලන් ගහකටත් හේත්තුවක් දාන් බෙල් කරනකන්ම බලාගෙන හිටියා.. කොහොමත් ග්‍රවුන්ඩ් එකෙ වට දෙකක් ගහනකොට පීරියඩ් එක ඉවරයි...

YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...