අනුදිතගෙ බැනුමක් අහගත්ත ඉවාන් අනිත් පැත්තට රවලා වුණත් ආයෙම කතාවට කන දැම්මා... ඕපදූපෙ දැනගන්න එපැයි කොහොමහරි..!!
"දැන් එතකොට උඹලා අතරෙ තියෙන්නෙ ගවුමක් බෙදාගන්න බැරුව ගිය වලියක්ද... මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා හැබැයි.."
" නෑ.. ඒකත් එකක් විතරයි.. ඇත්තටම බන් මට ඒ යකාව දෑහෙට පෙන්නන්න බැරිවෙන්න එක එක හේතු bucket list එකක්ම තියෙනවා.."
"අනේ අනේ මේ... Track out යන්නැතුව කතාව කියපන් අනූ... අර කැත එකී නිසා මොකක්ද වුණේ..?"
"මොනා වුණත් ඒකි කැත නෑ ඕයි.. එහෙම කියද්දි හිත වාවන්නෑ වගේ.."
අනුදිත කිව්වෙ යටිතොළත් pout කරගෙන පපුවටත් අත තියාගෙන ඉවාන්ගෙ මූණ දිහාට හැරිලා.. ඒකට හැබැයි පිට හරහා ගුටියක් ලැබුණේ තේජගෙන්.. ඒ ගුටියෙ තේරුම "තෝ නම් හැදෙන්නෑ" වගේ එකක්..!!
"කේතකී මුලින්ම යාළුවෙලා ඉඳලා තියෙන්නෙත් අභිරුවා එක්කමයි..උන් දෙන්නා O/L කාලෙ ඉඳන්ලු set වෙලා ඉඳලා තියෙන්නෙ.."
"හුකනවනෙ ඉතිං දාලා.. ඒ කාලෙ උන්ට love කරන්නත් time තිබිලද අනූ.. බලන් යද්දි මම විතරනෙ යකෝ තනිකඩව ඉඳලා තියෙන්නෙ මේ මුළු universe එකෙන්ම..Ahhh mierda.."
ඔන්න ඉතිං ඉවාන් ආයෙමත් තමන්ගෙ දුක් ගැනවිල්ල පටන් ගත්තා..
"ඇයි මම.. ?"
ආහ් තේජත් එහෙමලු..!!!
"අහපියව්කො ඉතිං කතාව.. උන් දෙන්නා ඒ කාලෙ ඉඳන්මයි set වෙලා ඉඳලා තියෙන්නෙ.. අරකි ඉන්නෙ බන් දහයට ගනින්න බෑ වගේනෙ.. ඒ වුණාට අභිරුව ගාණට ගොනා කරලා.."
"එතකොට ඒකි A/L පටන් ගත්ත කාලෙ ඉඳන්මනෙ උඹට try කළේ? මට මතකයි අර අපේ අශ්වින්ගෙ නංගි අතේ උඹට ලියුම් එහෙම එව්වනෙ.."
" අන්න ඒක තමයි මං කිව්වෙ අර ගොන් හුත්තා අහුවෙලා කියලා.. කේතකී ඌ එක්ක set වෙලා ඉන්න කාලෙත් සෑහෙන්නම වටේ ගිහින්. මමයි හෙනයි විතරයි මං හිතන්නෙ ගහලා නැත්තෙ.. කේතකීගෙ තාත්තා බන් active judge කෙනෙක්.. ඒකි හැමෝටම පෙන්නන්නෙ ගෙදරින් ඒකිව සෑහෙන පරිස්සම් කරලා හදනවා කියලා.. ඉස්සර මටත් කියනව බන් රෑට කෝල් එකක් එහෙම ගද්දි "අනී අනූ චාච්චි ගෙදර.. එයා ඉද්දි මම කෝල්ස් ගන්න බයයි" කියලා..." කෝමහරි අරූ එක්ක ඉන්න කාලෙම ඕකි තව තුනක් එක්කම ඉඳලා තියෙනවා.. ඒවත් බන් time pass වත්, one night stands වත් නෙවෙයි.. කෙළින්ම ආයෙ affairs.. Boyfriend ලෙවල් එකේ. එකෙක්ව උඹලා දන්නවා. අනිත් උන් දෙන්නව නම් මං අඳුනන්නෙත් නෑ.."
YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...