විස්කි - ටෙකීලා - බ්‍රැන්ඩි සුවඳවල්වලින් පවා මත් වෙච්ච හුස්ම සද්ද, එකට එකක් නොනැවතී ගැටෙන වීදුරු සද්ද, කන කඩාගෙන යන්න ඇහෙන DJ සද්ද, ඒ විතරක්ද එකකට එකක් තෙරපගත්තු ඇඟවල්වලින් නොනවත්වා පිටවෙන කිඳිරිලි සද්ද මැද්දෙම කොල්ලො ටිකක් මේ ලෑස්ති වෙන්නෙ සෙට් එකේ ඉන්න ලොකුම දඟකාරයගෙ 19 වෙනි උපන්දිනේ celebrate කරන්න.. සාමාන්‍ය පන්තියෙ උපන්දින සාදවල වගේ අයිසින් කරපු chocolate cake එකක් මේ chiller room එකේ මේසයක් උඩ තිබ්බෙ නෑ. හැබැයි ඒ වෙනුවට එකම එක red color candle එකක් විතරක් තොල් අතරෙ තියාගෙන table එක උඩ වැතිරිලා හිටියේ රාගය උතුරලා යන ගැහැනු රූපයක්. Icing වෙනුවට ඒ කාම ශරීරය පුරාවට ඉතුරුවෙලා තිබ්බෙ රතු පාටම tube top එකක් එක්ක match වුණු Ripped hole short එකක් විතරමයි. හරියට තෑග්ගක wrapping paper එකක් ඕනවට එපාවට කඩලා විසිකළාම එහෙන් මෙහෙන් ඉතුරුවෙන සෙලෝටේප් කෑලි දෙකක් වගෙයි ඒ ඇඳුම් දෙක. තිබ්බට වැඩකුත් නෑ, හැබැයි තෑග්ගට ඇලවිලා.. ! Cake එකේ උඩින් දාන Icing pearls වෙනුවටද කොහෙද රතු පාටම Devil horn head band එකකුත් කොණ්ඩෙට උඩින් තදවෙලා තිබ්බා..
සේරම ලෑස්තියි.. හුස්ම වැටෙන cake එකත් කාමරේ මැද තියෙන table එක උඩ ගානට ready.. ප්‍රධාන අමුත්තා එනකම් තමයි දැන් set එකම මේ බලාගෙන ඉන්නෙ.. හරි.. !!! තවත් විනාඩි 5 ක් ගෙවිලා ගියාට පස්සෙ chiller room එකේ දොර ඇරුණා.. දොරෙන් ඇතුළට ආවේ full face helmet එක වැලමිට ගාවට තද කරගත්තු උස අඩි 5'10 ක් විතර තියෙන, ඉටියෙන් අඹලා වගේ තිබ්බ රූපෙ කිසිම තැනකින් වැරැද්දක් හොයාගන්න බැරි කඩවසම් රූපයක්.. 'තීර්ය අනුදිත රත්නසිංහ". රත්නසිංහ business group එකේ අනාගත උරුමක්කාරයා.. room එක ඇතුළ දැක්ක ගමන් ඒ කඩවසම් මූණෙ ඇස් දෙක හීනි වෙලා කට කොණකට හිනාවක් ආවෙත්, වටේට හිටිය ඒ වයසෙම හෝ ඊටත් අවුරුද්දක් දෙකක් බාල, එහෙමත් නැත්තම් වැඩිමල් කොලු රූප හත සද්දෙට කෑ ගැහුවෙත් එකම වෙලාවෙ..
" yoooo Anuu... Happy birthday bro.."
"comeoooon man.. Lets celebrate.. අදනම් වැටෙන්නම ගහන්නෝනෙ ආහ්.."
" වරෙන් වරෙන්... උඹ එනකම් අපි මේ බලන් හිටියෙ.."හතර වටෙන්ම ඇහෙන කෑ ගැහිල්ල මැද්දෙන් හිනාවීගෙනම ඒ කඩවසම් රූපෙ ඇදිලා ගියේ sofa එකේ පැත්තක ඉඳගෙන හිටිය තවත් ඒ වගේම රූප දෙකක් හොයාගෙන..
KAMU SEDANG MEMBACA
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Nonfiksiමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...