පැය එකහමාරකට විතර පස්සෙ අර අංක දෙක ගහපු කාමරෙන් අනුදිත එළියට ආවෙ නිරුවත් උඩු කයත් එක්ක. එද්දි ඇඳගෙන ආව කළු පාට shirt එක හැමදාම වගේ මේ වෙලාවෙත් එක අතක පැටලිලා. ඇස් තවමත් තියෙන්නෙ තද රතු පාටට. ඇතුළට යද්දි පිරුණු කේන්තිය දැනටත් ඒ ඇස්වලින් අඩුවෙලා ගිහින් නෑ වගේ. බෙල්ල පුරාවටමත් chest එක පුරාවටමත් තියෙන තද රතු පාට පැල්ලම්, නියපොතු පාරවල් ඒ පැහැපත් පළල් පපුව පුරාවට අමුතුම ලස්සන රටාවක් මවලා තිබ්බා.. ඒවා නොපෙනෙන්න කියලා හිතාගෙනද මන්දා අනුදිත shirt කරකවලා අරන් අත් දෙක දාගත්තා.. බොත්තන් එකින් එක පියවන ගමන් ඇස් කරක කරක හෙව්වෙ එයා එක්ක මෙතැනට ආපු අනිත් දෙන්නා කොහෙද කියලා..
Bar එක අයිනෙ table එකට හේත්තුව දාගෙන ශාන්ගෙ මල්ලි විශේන් එක්ක මොනාදෝ කිය කිය හිනාවෙන ඉවාන්ව අනුදිතගෙ ඇහැට අහුවුණේ ඒ වෙලාවෙ. තේජව නම් හොයාගන්න බැරි වුණ නිසා අනුදිත ඉවාන් ඉන්න පැත්තට ගියා..
"උඹ අද වේලස්සන.."
ඉවාන් එයාගෙ අතේ තිබ්බ liquor glass එක අනුදිතට pass කරද්දි විශේන්ගෙන් තමයි ඒ කතාව එළියට ආවෙ.. ශාන් අනුදිතලට වඩා අවුරුදු තුනකින් වැඩිමල් වුණාට විශේන් අනුදිතලටත් වඩා අවුරුද්දක්ම බාලයි.. හැබැයි ඇඟ පතේ සයිස් එකෙන් නම් ඒක කොහෙත්ම කියන්න බෑ.. සාමාන්යෙන් නම් කෙල්ලෙක්ව අරගෙන අනුදිත කොහෙට හරි අතුරුදහන් වෙනවා කියන්නෙ ආයෙ සෑහෙන වෙලාවකට දකින්න වෙන්නෙ නැති වැඩක් කියලා ඔතන හිටිය හැම කොල්ලම වගේ දන්නවා.. ඒක ඒ තරමටම ප්රසිද්ධ රහසක්. හැබැයි අද වෙනදා වෙලාවට වඩා ඉක්මනින් අනුදිත පේන්න ආපු එක තමයි විශේන්ට තිබ්බ ප්රශ්නෙ..
"අද mood නෑ බන්.."
ඉවාන්ගෙන් හම්බුණු glass එක හිස් කරපු අනුදිතත් bar eke පැත්තකට හේත්තු වුණා.. Bar එකේ කොල්ලා වැඩ දාලා cocktail එකක් හදනවා.. ඉවාන් විශේන් එක්ක ආයෙමත් ලොකු කතාවක.. දෙන්නගෙ කතාවට ප්රධාන මාතෘකාව වුණේ මොකක්ද කියලවත් අනුදිතට හරි අදහසක් තිබ්බෙ නෑ.. කොහොමහරි ඒ කතාව මැද්දෙ අජිත් අතපත්තුගෙ සෙකට්රි ගැනත් සඳහන් වුණා කියලනම් අනුදිතට වටින් ගොඩින් ඇහුණා. ඒත් ඉතිං වෙන කාගෙවත් කතාවලට ඇහුම්කන් දීලා පුරුද්දක් නැති තැන අනුදිත කළේ එතන තියෙන table එකට හේත්තු වේගෙන barman අතින් වැඩ දාලා හැදෙන cocktail එක දිහා බලාගෙන හිටිය එක.. තවමත් අර හිතේ තියෙන තරහා අඩුවක් වෙලා නෑ.. ඒ තරහා කේතකීව ඇස් දෙකටම අභිරු එක්ක දැක්ක නිසාද, කිසි බයක් නැතුව අභිරු තමන් ඉන්න තැනටම කේතකීව එක්කන් ආව නිසාද, නැත්තන් වෙන මොකක් හරි නිසාද කියන්නවත් අනුදිතට තේරුමක් නෑ.. කොහොමහරි තරහයි!! එච්චරයි...!!!
YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...