ඉතිං අනුදිත මේ අත් දෙකෙන්ම තුරුළු කරගෙන කල්පනා කරන්නෙ ඒ යාළුකම මැරෙන්න නොදී පරිස්සම් කරගන්න විදිය, එහෙව් යාළුවො දෙන්නගෙන් එකෙක් ලෙඩ ඇඳකට වැටිලා ඉද්දි ඒකට හේතු කාරයො වෙච්ච දෙන්නම මේ කාමරෙන් පිට තවමත් ඉන්නවා කියලා දැනෙද්දිත් දැනෙන කේන්තිය පාලනය කරගෙන අනුදිත මේ කල්පනා කරන්නෙ මේ යාළුකම මැරෙන්න නොදී පරිස්සම් කරගන්න විදිය..!!
"ම්ම්ම්... හරි හරි.. කෝ දැන් ඔළුව උස්සපන් දෙන්නම.. K.D. අඬන එක නවත්තපන්. මූ මේ ඉන්නෙ හොඳට.."
ඇස්වලින් වැටෙන්න මාන බලපු කඳුළු කැටයක් ඇඟිලි දෙකකින් අල්ලලා පොඩි කරලා කලිසමේ පිහාගන්න ගමන් අනුදිත යාලුවො දෙන්නට සද්දෙ දැම්මා.. K.D අඬන එක නැවැත්තුවා වගේම තේජත් කඳුළු පිහදගත්තා..
"හිත හයිය කරගනින්.. කවුරු නැතත් උඹට අපි දෙන්නා ඉන්නවා. උඹ ඒක දන්නවා නේද.. I mean මේ ලෝකෙ කවුරුත්ම නැතිවුණත් උඹට අපි දෙන්නා ඉන්නවා.."
තේජගෙ මුළු මූණම දෝතට අරගෙන ඇස්වල කඳුළු පිහිදපු අනුදිත එහෙම කියලා යාළුවගෙ හිස් මුදුනින් හාද්දක් තිබ්බා.. ඒක ආදරේ, දරාගන්න බැරි යාළුකම, සහෝදරකම ඔක්කොම එකට කැටිවුණු වේදනාවෙන්ම බරවෙච්ච උණුසුම් හාද්දක්.. ඒ එක්කම දකුණු පැත්තෙ උරහිස උඩට දැනුණු හාද්ද ඉවාන්ගෙ.. තේජ හිනාවුණා.. ප්‍රශ්න දාහක් ඔළුව උඩ තියෙද්දි, හුස්ම ගන්න බැරි තරමට පපුව හිරවෙලා තියෙද්දිත් මේ සහෝදරකම දිහා බලලා තේජ හරි ලස්සනට හිනාවුණා..
ඒ අතරෙමයි වහලා තිබ්බ දොරට එළියෙන් තට්ටු කරන සද්දෙ ආවෙ. තුන් දෙනාගෙම ඇස් ඒ පැත්තට හැරෙද්දි දොරෙන් ඇතුළට ආවෙ තේජගෙ අයියා, සංජු.. තේජ වගේම මුහුණුවර තිබ්බත් සංජු කියන්නෙ හයේ හතරෙ සයිස් ඇඟකට උරුමකම් කිව්ව කොල්ලෙක්. සුදුයි, උසයි වගේම gym බඩගාලා බඩගාලා හදාගත්ත විශාල ශරීර කූඩුවක් සංජුට තිබ්බෙ.. උරහිසෙනුත් පහළට වෙනකම් වවලා තිබ්බ ස්ට්‍රේට් කොණ්ඩෙ මේ වෙලාවෙ උඩට කරලා පෝනියක් ගැටගහලා තිබ්බා.. Party එකේදි හිටියා වගේ නෙවෙයි, සංජු මේවෙද්දි හිටියෙ වෙන ඇඳුමක් මාරු කරලා...
සංජුගෙ පිටිපස්සෙන් කාමරේට තව කෙනෙක් ඇතුළ් වුණා.. ඒ ආවෙ තවත් ඒ වයසෙම වගේ හිටිය පිරිමි පරාණයක්.. සංජුට දැන් වයස අවුරුදු 29 ක්.. ඒ ආපු කෙනාත් ඒ හා සමාන වයසකම හෝ ඊට අවුරුද්දක් දෙකක් බාල ඈති කියලා අනුදිතට හිතුණා.. වැඩිමල් නම් වෙන්න බෑ.. ඇරත් ඒ මූණ මීට කලින් දැකලත් හුරු ගතියක් දැනෙද්දි අනුදිත තව ටිකක් හොඳට ඒ කෙනා දිහා ඇස් හීනි කරගෙන බලන් හිටියා..! ඔව් මේ මූණ හොඳටම දැකලා හුරුයි.. අනුදිත එතනට ආපු අලුත් රූපෙ ගැන scan කරන අතරෙ සංජු ඇවිත් තේජගෙ ඔළුවට අත තිබ්බා..
YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...