02 වෙනි පරිච්ඡේදය ⏳

644 63 15
                                    

මෙච්චර වෙලා කොහේවත් තිබ්බෙ නැති පොද වැස්සකුත් බිංදුව දෙක ගානෙ බිමට කඩාගෙන වැටෙන්න පටන් අරගත්තා.. ඒකත් මේ හදිසියෙම.. හරියට නිකන් ඇවිලෙන්න ඔන්න මෙන්න තියෙන මේ ගිණිගොඩ පටන් ගන්න කලින්ම නිවලා දාන්න ඕනෙ කියලා හිතාගෙනද කොහෙද.. හැබැයි, මෙච්චර කාලෙකට මේ පිල් දෙක අතරෙ ඇවිලෙන ගිණි එහෙම ලේසියකට නම් නිවිලා ගියෙ නෑ..

"ඇයි කතා නැත්තෙ.. උඹ ගොළු වෙලාද තීර්ය.."

දෙවෙනි පාරටත් අභිරුගෙ කටහඬ ඇහෙද්දිනම් තව දුරටත් නැගගත්ත බයික් එකට වෙලා ඉන්න හිතක් අනුදිතට කොහොමත්ම තිබුණේ නෑ.. මෙච්චර වෙලා තිබිච්ච වෙරි මත වුණත් ආගිය අතක් හොයාගන්න නැති වෙද්දි අනුදිත බයික් එකෙන් බැහැලා පරිස්සමට අලුත් කෙල්ල Abella ව stand කරලා තේජගෙයි, ඉවාන්ගෙයි මැද්දෙන් ඉස්සරහට ඇවිත් හිටගත්තා.. ඇල්කොහොල්වලටම රතුවෙලා ගිහිපු ඒ හීනි දිග ඇස් කෙලින්ම එල්ලවෙලා තිබ්බෙ එතනට ටිකක් එහායින් ඒ විදියටම හිටගෙන අත් දෙකත් කලිසම් සාක්කුවල ඔබාගෙන බලන් ඉන්න රූපෙ දිහාවට.. වැඩිම වුණොත් මේ පිල් දෙක අතරෙ මීටර් හත අටක පරතරයක් තියෙන්න ඇති. අනුදිත වගේම අභිරුත් තමන් ළඟ තිබ්බ සමච්චල් සහගතම හිනාව තොල් අතරෙ රඳවගෙන ඒ පැත්ත බලාගෙනම හිටියා.

"කට තලාගන්නැතුව නම හරියට කියපන්.. Its anuditha for you!!"

"චහ්.."

ඒකට වුණත් අභිරුගෙ කටින් පැන්නෙ සමච්චලේට පනින හිනාවක් විතරයි..!

"ඇයි බන් යන යන තැන අපිට මේ පරයො තුන් දෙනාවම සෙට් වෙන්නෙ.."

වෙරි මතේ වුණත් අනුදිතගෙ උරහිස උඩින් තමන්ගෙ වැලමිට තියාගෙන එහෙම ඇහුවෙ තේජ..

" එහෙම නොවෙන්න තිබ්බා උඹලගෙ හෙළුවැලි photos අපිට ආවෙ නැත්තන්.. "

ඒකට උත්තර ආවෙ අභිරුට දකුණු පැත්තෙන් හිටගෙන හිටිය උස කොල්ලා කේෂුගෙන්..

"A La Mierda... මොනාද අනූ මුන් මේ කියන්නෙ.. කියන එකක්
තේරෙන්න කියපල්ලා යකෝ..."

"ඇයි තොපි තුන් දෙනා බබාලද සිංහල නොතේරෙන්න.. ආහ් උඹ ඉතිං කොහොමත් භාග සුද්දෙක්නෙ. උඹට නොතේරුණාට අනිත් උන් දෙන්නට තේරෙනවා ඇතිනෙ.. "

Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️Where stories live. Discover now