11 වෙනි පරිච්ඡේදය ⏳

615 67 40
                                    

හැම සැරේකම පවුලෙ ඇතුළෙ සමරණ විශේෂ දේවල් මෝහන බණ්ඩාර කොහොමත් සැමරුවෙ මේ වගේ අති උත්කර්ෂවත් විධියට.. තේජගෙ, සංජුගෙ birthdays දෙක වගේම සින්තියා-මෝහන දෙන්නගෙ Wedding anniversary එක ඒ අතරෙ තවත් විශේෂ වුණා. වයසින් ලොකු වෙලා සංජු ගෙදරින් පිට වැඩිපුර රැඳෙන්න ගත්තට පස්සෙ ඒ birthday එක පිටිපස්සෙ වැඩියෙන් මෝහන වැඩියෙ පැන්නුවෙ නැතත් පොඩි පුතාගෙ birthdays ඔක්කොම ඊට හරියන්නත් එක්කම දැවැන්ත උත්සව බවට පත්වෙලා තිබ්බා.. Anniversary party එක නම් ඒ හැම දේකටම නොදෙවෙනි වෙන්න තමයි මෝහන සැමරුවෙ. සින්තියා කියන්නෙ party වලට වගේම social life එකට ගොඩක් කැමති කෙනෙක් නිසා තමන්ගෙ ආදරණීය බිරිඳගෙ සතුට වෙනුවෙන්ම තමයි ඒ දේ මෝහන අතින් සිද්ධවුණෙත්.. රටේ තාක්ෂනික අමාත්‍යවරයා වුණත් ගෙදරට ආදරණීය සැමියෙක්, පියෙක් වෙච්ච මෝහන තමන්ගෙ අතින් වෙන්න ඕන යුතුකම් උපරිමයටත් එහා ඉෂ්ට කරන්න ඕනවෙලාවක සැදී පැහැදී හිටිය කෙනෙක්..

අවුරුදු දහයකින් තිබ්බ වයස පරතරේ නිසා සංජු-තේජ දෙන්නා පොඩි කාලෙ ලොකු සහෝදරකමක් නොපෙන්නුවත් වයසින් ලොකු වෙද්දි ඒ සම්බන්ධය ටිකක් තදට හැදන්න පටන් ගත්තා.. පොඩි කාලෙ දුටු තැන වලි දාගත්ත අයියා මලෝ දෙන්නා ලොකු වෙද්දි එකටම වල බහින්න පුරුදු වුණා. ඒ ගැන වුණත් මෝහනට තිබ්බෙ අවංක සතුටක්.. තමන්ට ඉන්නෙ රූපෙන් වුණත්, ඉගෙනීම වගේම අනිත් දක්ෂකම් අතින් වුණත් මදි නොකියන්න කුසලතා තිබ්බ කොල්ලො දෙන්නෙක් කියන එක මෝහනව ආඩම්බර තාත්තෙක් කරන්න තව හේතුවක් වුණා. සංජුගෙයි, තේජගෙයි දඩබ්බර සීන් කෝන් එහෙමත් මෝහන නොදැන හිටියා නෙවෙයි.. හැබැයි ඒවට වැටකොටු බඳින්න මෝහන කැමති වුණේ නෑ.. කොල්ලො වුණාම ඔය වයසට ඔහොම තමයි කියන මතෙයි මෝහනට තිබ්බෙ. මේ හැමදේටමත් වඩා මෝහන සතුටු වෙච්ච ලොකුම කාරණය තවමත් ලස්සන තරුණ බිරිඳක් තමන්ට හිටිය එක.. සින්තියා මෝහනට වඩා අවුරුදු 13 ක්ම බාල වුණත් ප්‍රේම සම්බන්ධයක් නිසාම එක වහළක් යටට වෙලා අන්තිමට තමන්ගෙ කඩවසම් කොල්ලො දෙන්නගෙ අම්මා විදියටත්, තමන්ගෙ ආදරණීය බිරිඳ විදියටත් ළඟ ඉන්න සින්තියාට මෝහනගෙ ආදරේ එදා ඉඳන් අඩුවක් නොවී අද වෙනකනුත් තිබ්බා..!

හැබැයි ළඟකදි ඉඳන් තමන්ගෙ ආදරණීය පවුල ඇතුළෙ වෙච්ච කෙරිච්ච පුංචි පුංචි වෙනස්කම් මෝහනට නොදැනුණාම නෙවෙයි, සංජු කවදත් අවුරුදු 25 පැන්න දා ඉඳන් හුඟක් වෙලාවට රැඳුණෙ ගෙදරිනුත්, රටිනුත් පිට නිසා ඒකෙ විශේෂ යමක් නොතිබ්බත් වෙනදට වඩා තේජ ගෙදර රැඳෙන්නැති එකත්, උදේ පාන්දර එළියට බැහැලා ගිහින් මහ රෑ මත්වීගෙන එන එකත් මෝහන නොදැක්කා නෙවෙයි.. ඒ හැමදේටමත් වඩා මාස දෙකක විතර වෙලේ ඉඳන් සින්තියාගෙ වෙච්ච වෙනස්වීම් තමයි මෝහනට වැඩියෙන්ම දැනුණෙ.. පහුගිය ටිකේම සින්තියා රණ්ඩු වුණේ තමන්ට beauty salon එකක් පටන් ගන්න උවමනායි කියලා වෙද්දි අකමැත්තෙන් වුණත් මෝහන බිරිඳගෙ කැමැත්තට ඉඩ දීලා කොල්ලුපිටිය main road එකෙන්ම ලොකු building එකක් අරගෙන Salon Sinty නමින් beaty house එකක් පටන් ගන්න සින්තියාට අඩිතාලම හදලා දුන්නා.. ඒත් පවුලෙ වෙනස්වීම ඉවරයක් නැතිවෙද්දි තමන්ගෙ අතින් මොකක්ම හරි අඩුපාඩුවක් සිද්ධවෙලාද කියලා හිතාගන්න බැරි වුණු තැන තමයි මෝහන තීරණේ කළේ වෙනදටත් වඩා ඉහළින් මේපාර anniversary party එක සමරන්න..!!













Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️Where stories live. Discover now