10 වෙනි පරිච්ඡේදය⏳

2.4K 241 64
                                    

"තීර්ය...."

සිංදුව අහගෙන සැනසිල්ලෙ පියාගෙන හිටිය ඇස් දෙක එකපාර ගැස්සිලා ඇරුණෙ පිටිපස්සෙන් ඇහුණු කටහඬට.. ඊටත් වඩා ඇහුණු නමට..!! අනුදිත අහන්න අකමැතිම තමන්ගෙ නමේ මුල් කෑල්ල සහ අනුදිත අහන්න අකමැතිම කටහඬ... ඒ කවුද කියලා අඳුනගන්න අනුදිතට තත්පරයක්වත් ගියෙ නෑ.. මොකද මේ මුළු විශ්වයටම ඔය නමින් අනුදිතට කතා කරන්නෙ ඔය කටහඬ අයිති හාදයා විතරයි..

හැබැයි මෙතන ඊළඟට සිද්ධවෙන්න යන කිසිම කතාබහක් ගැන හාන්කවිසියකවත් වැදගත් කමක් නොවිච්ච දිවුල්ගනේ මහත්තයා එහා පැත්තෙ garden එකේ ඉඳන් සිංදුවෙ ඉතුරු වචන ටික පාකරලා මේ පැත්‍තට එවනවා..

සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්...
හිරුට පෙම්බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්...
නුඹට නොහැගෙන මගේ ප්රේමය
වගෙයි මනරම්...
පුදුමවෙයි නුඹ නම්...

මෙච්චර වෙලාවක් තිබ්බ ලස්සනම mood එක නැත්තට නැතිවෙලා යද්දි දත්කූරු කාපු අනුදිත වැතිරිලා උන්නු තැනින් කෙළින් වෙලා ඉඳගත්තා.. හිතේ ටිකෙන් ටික පිරීගෙන එන කේන්තියත් එක්කම බෙල්ලට හිරවෙලා තිබ්බ ටයි පටිය ඇදලා දාලා ගලවපු අනුදිත ඒ අහළ පහළ ටයිල් පොළොව උඩටම විසි කරලා දාලා shirt එකේ උඩම බොත්ත දෙක පන්නලා දැම්මා.. පරණ ඇරියස් කෙසේ වෙතත් මේ පහුගිය දවස් කිහිපය ඇතුළෙත් අභිරු එක්ක පියවගන්න ඇරියස් බරගාණක් එකතු වෙලා තියෙද්දි මෙහෙම මූණට මූණ තැන් තැන්වල හම්බෙන එක කොහොමත් එච්චර හොඳ නෑ.. "අද එක්කො මූ, එක්කො මම.." කියලා දත්කූරු කනගමන්ම හිතාගත්තු අනුදිත කෙළින් හිටගෙන ලොකු හුස්මක් අරන් පපුව පුරවගත්තා.. ඊළඟට පිටිපස්ස හැරුණා.

අර pool එකේ තියෙන ලා නිල්පාට light එළිය මැද්දෙන් අඩි හතර පහක දුරකින් හිටගෙන හිටියෙ අනුදිත හිතපු තරහාකාරයමයි..! අභිරු දෙව්රම් අධිකාරි..!! වෙනසක් නෑ අනුදිත වගේම full black suit එකක් ඇඳලා අනුදිතටත් වඩා පොඩ්ඩක් උස නිසාද කොහෙද ඒ කෙට්ටු උස ශරීරෙ වෙනදට වඩා ටිකක් කැපිලා පේනවා...

Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️Where stories live. Discover now