07 වෙනි පරිච්ඡේදය ⌛️

564 66 21
                                    

රෑ 12 විතර වෙනකම්ම අනුදිත එක්ක rooftop එකට වෙලා වැටිලා හිටිය අනිත් දෙන්නා ගෙවල්වලට යන්න ගියාම අනුදිතත් කාමරේට ඇවිත් ඇඳට පැන්නා... වැටුණ පරක්කුව විතරයි අනුදිත හිටියෙ තද නින්දක.. වෙනදට යාළුවො දෙන්නා ගෙවල්වලට යනකම්ම ඉඳලා පරිස්සමින් ගියා කියලා comfirm කරගත්තට පස්සෙ නිදාගන්න මනුස්සයට අද ඒ ගැන වගේ වගක් නෑ. නිදිමත ඊටත් වඩා උඩින් තමයි තිබ්බෙ.. තේජටයි, ඉවාන්ටයි උඩින් හදවතේ වෙන කාටත් ඉඩක් නෑ වගේ ලොකු කතා කිව්වට සමහරවෙලාවට නිදිමත එහෙම ඊට උඩින් තමයි තිබ්බෙ..

අල්ප දයන්නක් වගේ අත් කකුල් හදාගෙන නිදාගෙන හිටිය අනුදිතට හීනෙන් වගේ ඇහුණා bedside table එක උඩ තිබ්බ phone එක කෑ ගහනවා.. ඒ call එක answer කරන්නවත් ඇස් ඇරලා නොබලපු අනුදිත කලේ කොට්ටෙකින් මුළු මූණම වහගෙන ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදාගත්ත එක.. ටිකකින් ඔන්න දෙවෙනි වතාවටත් phone එක කෑගහනවා.. අමු තිත්ත කුණුහරුප පේළියකුත් කියාගෙන තනි ඇහැක් විතරක් ඇරලා බලලා call එක answer කරපු අනුදිත phone එක කන උඩින් balance කරලා තියාගෙන ආයෙමත් ඇස් වහගත්තා.. 'නින්ද මේ හැම හුප්තටම වඩා වැදගත් සගෝ..'

"හෙ...ලෝ...."

"හෙලෝ.. හෙලෝ... අනේ මල්ලෙ මේ අපේ උක්කුන් පුතා ඔය පැත්තට ආවද.."

"W...hat.. කු..ක්කු..?

එහා පැත්තෙන් ඇහෙන ගෑනු කටහඬට නිදිමරගාතෙම අනුදිතත් උත්තර දෙනවා..

"කුක්කු නෙවෙයි මල්ලෙ උක්කුන් උක්කුන්.. උක්කුන් පුතා ආවද.."

ඔන්න එතකොටයි අමාරුවෙන් හරි ඇස් දෙක ඇරගත්තු අනුදිත කනෙන් phone එක අතට අරගෙන caller ID එක දිහා බැලුවෙ.. ම්ම්ම්හ්හ්හ්.. දන්න අඳුනන number එකක් නෙවෙයි.. ඇස් දෙක ඇඟිලිවලින් පොඩි කරලා අමාරුවෙන් හරි ඇරගෙන ඇඳේ ඉඳගත්ත අනුදිත ආයෙ phone එක කනේ තියාගත්තා..

"හෙලෝ.. කවුද මේ?"

"හෙලෝ.. හෙලෝ අනේ මල්ලේ අපේ උක්කුන් පුතා ඔය පැත්තට ආවද කියන්නකො..?"

ඔන්න දැන්නම් අනුදිතට හොඳම එකෙන් මල පැනගෙන එන්නෙ.. වෙලාව පාන්දර දෙකහමාරයි.. මොකාද යකෝ මේ මල පාන්දර කෝල් කරලා හුක්කුන් පුතෙක් ගැන අහන පරයා.. කොහෙ ඉන්න හුක්කුන් පුතෙක්ද.. ගෑනු කටහඬක් නිසා බනින්නත් බෑ.. නැත්තන් මේ වෙද්දි අනුදිත සුද්ද සිංහලින්ම අමතලා....

Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️Where stories live. Discover now