"කරෙන් අත අරගෙන කතා කරපන් තීර්ය මට උඹ එක්ක ගහගැනිල්ලක් ඕන්නෑ.."
"උඹට ඕන්නැති වුණාට උඹේ මේ මූණ දැක්කම සමතලා වෙන්න දෙන්න හිතෙන හේතු දාහක් මට මතක් වෙනවා.."
"ඕයි ඕයි... අනේ හුත්තනේ තොපිත් මෙතන ගහගන්න නම් හදන්නෙපා අරුන් දෙන්නා මොන හුත්තක් කරයිද කියලා මම මේ බයේ ඉන්නෙ.. අනේ පැත්තකට වෙයව්.. වඳින්නම්.. ගහගන්නම ඕනෙනම් අපි ආයෙ වෙලාවක් දාගෙන ගහගමු.."
කේෂුටයි, තේජටයි අමතරව මෙතන ඇවිලෙන්න හදන අනිත් උන් දෙන්නවත් දැක්ක මිහිත් ඉක්මනින් දෙන්නගෙම මැද්දට ඇවිල්ලා දෙපැත්තට කළා.. අභිරුගෙන් කෙසේ වෙතත් අනුදිතගෙන් නම් එවෙලේ මිහිත්ට ලැබුණේ එච්චරම හොඳ look නෙවෙයි. ඒ ඇස්වල තිබ්බෙ "කොයිවෙලේ හරි තෝත් අහුවෙයන්කො" වගේ බැල්මක්..
මිහිත් අතින් එහාට තල්ලු වෙච්ච අභිරු එහෙම්ම ගිහිල්ලා කනුවකට හේත්තු වෙලා ආයෙමත් කේෂුලා ඉන්න පැත්ත බැලුවා.. හැබැයි ඒ බැල්ම වැඩිවෙලාවක් ඒ පැත්තට නොරැඳි ආයෙමත් ඇවිත් නතර වුණේ එහෙ මෙහෙ වෙලා තියෙන අනුදිතගෙ shirt එක දිහාට.. සමහරවිට ඕනකමින් ගලවලා දාලා තිබිච්ච උඩම බොත්තන් තුන නිසා ඇතිවෙලා තියෙන හිඩැසින් පේන රතු පාට පැල්ලම් දිහාට..!!
ඒ බැල්ම දැක්ක අනුදිත කළේ දෙපාරක් නොහිතා එහෙ මෙහෙ වෙලා තිබ්බ ෂර්ට් එක ආයෙ හදාගෙන බොත්තන් තුනෙන් පහළම එකක් දාගත්ත එක.. අනුදිතගෙ සාමාන්‍ය චරිතෙ විදියටනම් ඔහොම බැල්මක් වැටෙන වෙලාවට අනුදිත කරන්නෙ තව බොත්තමක් පන්නලා දාන එක.. හැබැයි අභිරුගෙ හිස් බැල්ම නිසා බොත්තමක් පියවගන්න තැනට ඒ ඇඟිලි වැඩ කළේ ඇයි කියන්න අනුදිතටත් අදහසක් නෑ වගේ..
තව විනාඩි පහක් යන්න ඇති ඕනනම්, තේජ - කේෂු දෙන්නා ඉන්න පැත්තෙන් කටහඬවල් දෙකම උස් හඬින් ඇහෙන්න ගද්දි දැන්නම් වලියක් අතවනනවාමයි කියලා සහසුද්දෙන්ම ඉව වැටුණු අනුදිත දෙවෙනි තුන්වෙනි වතාවටත් තමන්ගෙ අත් මිටිමොළවගත්තා.. ආයෙ පාරක් තේජට එක ගුටියක් හරි කේෂුගෙ පැත්තෙන් ආවොත් අභිරු, මිහිත් නෙවෙයි දෙයියන් වහන්සේ අතින් අල්ලගත්තත් අද අනුදිතව නවත්තනවා නම් බොරු..
YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...