' මගෙ උන් දෙන්නට මුකුත් වෙලා තියෙන්න බෑ..!!'
පඩිපෙළ උඩට යද්දිම ඇස් දෙකට මුළින්ම අහුවුණේ නළලින් ලේ වැගිරෙද්දි වුණත් අමාරුවෙන් නැගිටින්න try කරන K.D, එතනම K.D ට නැගිටින්න නොදී කකුළක් පාගගෙන හිටන් ඉන්න මිහිත් දෙන්නව. K.D ගෙ කණ්ණාඩි දෙක පවා කුඩුවෙලා ගිහින් ඒ ළඟපාත වැටිලා තියෙන විදිය අනුදිතට නොපෙනුණා නෙවෙයි.. දත් මිටි කාපු අනුදිත ඊළඟට බැලුවෙ ඊට ටිකක් එහා කෙළවරකට වෙන්න හිටිය අනිත් තුන් දෙනා දිහා.. අභිරු හිටියෙ තේජගෙ අත් දෙක යටින් තමන්ගෙ අත් දෙක දාලා තේජට හෙළවෙන්නවත් බැරි විදියට තද කරගෙන.. ඊට ඉස්සරහින් දෙකේ දෙකේ සයිස් පොල්ලක් අතින් අරගෙන හිටියෙ කේෂු.. තේජගෙ මූණ ගන්න දෙයක් නෑ. ඇඳුම්වල පවා ලේ වගේම දූවිලි.. ඇස් දෙකෙන් ගිණි පිටවෙද්දි අනුදිත මහ හයියෙන් කෑ ගහගෙන උඩ තට්ටුවට නැග්ගා.. ඒ කෑ ගැහිල්ලට ඔක්කොම හැරිලා බැලුවත් අභිරුගෙ මූණෙ නම් ඇඳුණෙ ඒ කෑ ගැහිල්ල බලාපොරොත්තුවෙන් හිටියා වගේ බැල්මක්..
අනුදිතගෙ ඇස් ඔක්කොටම කලින් මුලින්ම එල්ල වුණේ තේජට ගහන්න දීලා අල්ලගෙන ඉන්න අභිරුගෙ දිහාවට. 'යකෝ එකෙක්ට දෙන්නෙක් එකතුවෙලා ගහන්නෙ, මොන හුකන වැඩක්ද ඒ..'
එතනින් පස්සෙ ඔළුවට වැදුණු දරුණු helmet පාරින් විසික් වෙලා ගිහින් බිම වැටෙන්න අභිරුට ගියේ තත්පරයයි.. අභිරුගෙ වාරුව නැතිවෙච්ච ගමන් තේජ කඩාගෙන බිමට වැටුණෙ තවත් හිටගෙන ඉන්න ඇඟේ ශක්තියක් නැති ගානට..අතේ තිබ්බ පොල්ල අතෑරලා අභිරු ගාවට දුවන්න ගිය කේශුගෙත් කකුළට වෙට්ටුවක් දාපු අනුදිත බිම වැටුණු කේෂුගෙ බඩ උඩින් ඉඳගෙන ඒ මූණ දෙපැත්තට ගහගෙන ගහගෙන ගියා.. තමන්ගෙ ඇස් ඉස්සරහ මැවුණු තේජගෙ ලේ පිරුණු මූණ මැවෙන මැවෙන ගානට ඒ පහරවල් තව සැර වුණා..
"අ...නූ.. Stop it.. ආහ්... නව..ත්තප..න්.."
මාරාවේෂ වෙලා කේශුගෙ මූණට ගහගෙන ගහගෙන යන අනුදිත ඒ වචන ඇහුණු ගමන් බැලුවෙ තේජ දිහා.. කේෂුට තවත් ඇස් ඇරලා බලන්නවත් පණ නෑ කියලා තේරුණු අනුදිත දණ ගාගෙනම ගියේ තේජ ළඟට..
"තේජ.. තේජ.. උඹට මොකද වුණේ.. මං අද මේ එක හුත්තෙක්වත් ඉතුරු කරන්නෑ.. තේජ කතා කරපන්.. "

YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...