"කේශු ඌව hospital අරන් යන්.. ඉක්මනින් උස්සගනින් මම car එක ගන්නම්.. ඉක්මන් කරපන්.."
"තීර්ය please ගහගන්න එක පස්සෙ කරමු.. මූට හොඳටම අමාරුයි.."කේෂුටයි, අනුදිතටයි දෙන්නටම කෑ ගහපු අභිරු දුවගෙන ගියේ ගියේ phone එකෙන් කාටද call එකක් ගන්න ගමන්.. තේජව හරහට උස්සගෙන පපුවට තියාගත්තු කේශුත් ඒ පිටිපස්සෙන් යද්දි දත් මිටි කාලා කොණ්ඩෙන් ඇදගත්තු අනුදිතත් පිටිපස්සෙන් දිව්වා...!!
ඊළඟ පැය භාගෙ ඇතුළත අමාත්‍ය මෝහන බණ්ඩාරගෙ පවුල, කැස්ත්‍රෝ පවුල වගේම රත්නසිංහ පවුලෙ හැමෝමත් හිටියෙ නවලෝක hospital එක ඇතුළෙ. ඊට අමතරව කේශු, අභිරු දෙන්නත් ඒ අය එක්කම බලාගෙන හිටියෙ ඉස්සරහා තියෙන කාමරේ දොරෙන් 'patient ට ප්‍රශ්නයක් නෑ' කියන ආරංචියත් අරගෙන නිල් පාට ඇඳුම ඇඳගත්තු doctor කෙනෙක් එළියට එනකම්.. අනුදිතගෙ දැනුම් දීම අනුව සාහිත රත්නසිංහගෙන් වෙච්ච සිද්ධිය ගැන දැනගත්තම ගෙදර තිබුණු party එක යකාට ගියාවෙ කියලා Hospital එකට දුවගෙන එන තීරණේ ගන්න මෝහන දෙපාරක් තියා එකපාරක්වත් හිතුවෙ නෑ.. තමන්ගෙ පොඩි එකාව සිහි නැතුව hospital ගෙනාවා කියන ආරංචිය මිසක මේ වෙනකම් කාගෙන්වත් හරිහමන් හේතුවක් දැනගන්න නොලැබුණු කොට ඇස්වල කඳුළු පුරවගත්තු ඒ ගාම්භීර චරිතෙ වුණත් හිටියෙ හදිසි ප්‍රතිකාර අංශයෙ දොර ළඟ තිබුණු පුටුවකට බර දීලා අත් දෙකෙන් මූණ වහගෙන.. !!
ඉවාන්ගෙ තාත්තා වෙච්ච මයිකල් කැස්ත්‍රෝ වගේම අනුදිතගෙ තාත්තා, සාහිත රත්නසිංහත් තම තමන්ගෙ පුත්තු දෙන්නත් එක්කම තව තැනක කතාවක්.. අනුදිතගෙ ගිණියම් වෙච්ච මූණෙන් එතන වෙච්ච කෙරිච්ච සෑහෙන දේවල් ගැන දන්නවා කියන එක සාහිතට පෙන්නුම් කළත් පුතාම කියනකම් ඒ ගැන හාර අවුස්සැන්නැතුව ඉන්න සාහිත තීරණේ කළේ මෙතනට ආපු, අනුදිතව දැකපු මොහොතෙමයි..!! මේ සේරම සිද්ධවෙන වෙලාවෙ party එකට ආපු කෙල්ලෙක් එක්ක සේරෝන්ගෙම ඇස්වහලා ටිකක් මුල්ලකට වුණු ඉවාන් නම් හිටියෙ මේ දැන් වුණත් මෙතන වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව!! තවමත් ඉවාන් පවා දැනන් හිටියෙ 'තේජට සිහි නැති වෙලා hospital අරන් ආවා' කියලා අනුදිතගෙන් ආපු call එක ගැන විතරයි.. හැබැයි සැරෙන් සැරේට අනුදිතගෙන් එල්ල වෙන මාරාවේෂ වෙච්ච බැල්ම එක්ක ,මෙතනින් ටිකක් පැත්තකට වෙන්න ඉඳගෙන ඔළුවෙ අතගහන් ඉන්න කේශුත්, කේශුගෙ උරහිසට අත තියාගෙන කල්පනා කරන අභිරුත් වගකිවයුත්තො වෙන්න ඇතියි කියලා ඉවාන් නිගමනයකට එළිඹිලා තිබ්බා..
YOU ARE READING
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...