"කේශු මේ... මගෙ යකා අවුස්සන්නෙපා.. කොන්ද කැඩිලා කියලා බලන්නැතුව ගහනවා දැනගනින්.."
"උඹ හෙන හුරතල් පාටයි... මට ඒකයි මේ හිනාගියේ.. කොච්චර වස වෙන්න හැදුවත් මූණෙ තියෙන ඔය පූස් පැටියා look එක නැතිවෙන්නෑ.."
මේ කිසි හේතුවක් නැතුව කේශුගෙන් එළියට එන අමුතු කතන්දර තේජගෙ කේන්තිය වැඩි කළත්, ඒක කේන්තියක්මත් නෙවෙයි පුංචි නොරිස්සුමක් විතරයි කියන්න තේජට තේරුමක් තිබ්බෙත් නෑ.. තමන්ගෙ මූණ දිහා බලාගෙන හරි හරියට හිනාවෙන, වෙලාවකට කොන්දෙනුත් අත තියාගන්න මේ විකාර පිරිමි රූපෙ දිහා තේජ බලන් හිටියෙ ඒ අමනාපයත් එක්කමයි... හුරතල් ලු, පූස් පැටියෙක් වගේලු... කවුරු කවදා කියපු කතාද කේශු මේ කියන්නේ... ඇරත්, මේ ඉන්නෙ කේශු.. නිතර දෙවේලෙම වලිවල පැටලෙන කවදාවත් අද වෙනකම් මූණට කතා බහක් නොවිච්ච කේශු... ඔන්න ගෙදරදි ඇනි අම්මා නම් සමහරක් වෙලේට කියනවා තේජ පූස් පැටියෙක් වගේ කියලා.. ඒ උදේ පාන්දර ඇඳෙන් නැගිටගෙන ඇවිත් කුස්සියෙ ඉන්න ඇනි අම්මා ළඟට තුරුල් වෙන වෙලාවට.. එතනින් එහාට කවුරුත් තේජට ඔය වගේ කතා කියන්න ඇවිත් නෑ... ඇරත් අහුවෙන අහුවෙන කෙල්ලව පිස්සු වට්ටන, සංජුගෙ night clubs වල අනිවාර්‍යෙන්ම පේන්න ඉන්නෙ සංජුගෙ මල්ලි කියන මේ වසවර්ති කොල්ලට කවුරු නම් පූස් පැටියෙක් වගේ කියලා මූණට කියයිද...
"කේශු...."
"හිනාව නවත්තපන්...!! නැත්තන් උඹ හිනාවෙවී ඉඳපන් මං යනවා.."කේශුගෙ වචනවලට කොහේවත් තිබිච්ච නැති හීනි ලැජ්ජාවකට කන් පෙති රත් වේගෙන එද්දි තේජ එතනින් යන්නයි හැදුවෙ.. ඔව් ඉතිං ඇත්තනෙ..! හරියන්නෑ මේ මංගල්ලෙ...! හැබැයි යන්න හැරුණට අඩියක්වත් තියන්න නොලැබුණේ අතින් අල්ලගත්තු කේශු නිසාමයි.. තමන්ගෙ අත ආපස්සට ඇදිලා යද්දි තේජ කේශු දිහාට රවලා බැලුවත් ඒ මූණෙ ලස්සන හිනාවක් ඇරෙන්න වෙන මුකුත් නෑ.. ඉතින් තේජගෙ ඒ රැවිල්ල හේතු රහිතව එතනම දියවෙලා නැතිවෙලා යන්න ගියා..!
"ඉඳපන්... යන්නෙපා..."
"ඇයි එහෙම කළේ....?"
"ම්ම්ම්ම්...?"
"ඇයි මට ගහද්දි උඹ පැන්නෙ.. එහෙම කරන්න හේතුවක් නෑනෙ.. ඔක්කොම හිතන්නෙ උඹ වැටුණෙ K.D ගෙ පාරට කියලා but ඊට වඩා මිහිත්ගෙ පොලු පාරයි උඹට තදටම වැදුණෙ.."

VOUS LISEZ
Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
Non-Fictionමට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහො...