අපි හතර දෙනාම...ඇත්තම කිව්වොත් එතන හිටපු හැම කෙනාම ෆෝන් වලට මුණු ඔබාගෙන හිටියේ.
කකුල් පැලෙන්න රිදෙනවා. නහර ටික ඇද්ද වගේ.
වෙලාව 5යි ගානක් ඇති.
අපිට ඒක බලන්නවත් ගානක් තිබ්බේ නෑ
නෙලුම් පොකුණ රගහල වටේට රෝස පාටයි සුදු පාටයි ලයිට් දාල බලන්න ලස්සනයි.
"Boom! ටෙස්ටින්ග්..."
ඔහෝම පැය බාගයක් විතර ඇතුලේ ඉඳල සද්ද ඇහෙනවා.
එකපාරට loud speaker එක on වෙනවා ඇහුන.
හැමෝටම මෙච්චර වෙලා පතුලටම බැහැල තිබ්බ ශක්තිය ආයිත් ඇගට එන්න පටන් අරන්.
"සිටගැනීමේ ප්රදේශයේ ඉන්නා සියලුම දෙනා දැන් ශාලාවට ඇතුළු වන්න...නැවතත් එම නිවේදනය...."
පලවෙනි වචනේ විතරයි හරියටම කියල ඇහුනේ.
පෝලිම මොකක්ද? හැමෝම අනිත් අයගේ අත කකුල් කඩන්න තල්ලුකරගෙන ඇතුලට යන්න ගත්ත.
එතන තුන්වෙනි ලෝක යුද්දේ වගේ.
ඇත්තම කිව්වොත් අපිත් සෙබලියෝ උනා.
පොඩි උනාම වාසි සහ අවාසි තියෙනවා.
සමහර කට්ටිය පොඩි ළමයිනේ කියල යන්න දෙනවා.
අනිත් අය පොඩි එකෙන් වාසි අරගෙන කඩාගෙන යන්න හදනවා.
අපිට ඉස්සරහ හම්බුනේ නැත්තන් පේන්නෙත් නැති වෙයි.
අපි හතර දෙනාත් අත් අල්ලාගෙන වැල වගේ ඉස්සරහටම ගියා.
Premium section එක පොඩි නිසා කොහොමත් එකේ පොඩ්ඩ දෙනාටයි ඉන්න පුළුවන් උනේ.
අපි ඉස්සරහට කොහොම හරි ගියා.
ඉස්සරහටම ගියොත් පේන්නෙම නෑනේ.
ඉතින් අපිට perfectම තැනක් හම්බුනා.
දැන් ඉතින් සිය දෙනෙකුගෙන් විතර වට වෙලා දාඩිය දදා පැය තුන හමාරක් වගේ ඉන්න තමයි තියෙන්නේ.
දන්නෙම නැතුව පැය බාගයක් ගියා.
Stage එකේ lights පත්තු උනා.
මම මගේ උගුර කැඩෙන්න හූවක් තිබ්බ.
"BLACKPINK IN YOUR AREA!!!!"
YOU ARE READING
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.