ජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං මටම වෛර කරනවා..මං මගේ මුලු ආත්මයටම වෛර කරනවා.. " තමුන් කව්ද?... මගේ ලගට එන්න එපා... මට.... මට බයයි... " ඔය වචන මාව නොමරා මරණවා... මං මටම බයයි... මගේ මේ කාළකණ්ණී ජීවිතේට වගකියන්න ඕන උන්ගෙන් මං පළිය ගන්නවා... පසුව... සදහටම මේ ලෝකෙන් සමුගන්නවා... නැවත ආත්මයක් නොමැති නිසා.....💔 Just FanFiction