👀Chap 2👣

327 71 20
                                    

"සිප්.."
එහෙම කියනවත් එක්කම මන් අයියා දිහා බලලා දවා අලු කරන බැල්මක් දැම්මා😒ආව මෙතන.

"නෑ මන් මේ කිව්වේ අයූරා එන්න මාත් එක්ක යමු"
හුටා නයි කයිද රෝස් පාන් යන් කිව්වා නේද😶මෙයත් එක්ක යන්න බෑ බෑ බෑ.🤧බණ අහන්න වෙන්වනේ මේ මනුස්සයා එක්ක ගියොත්.මගේ මරණ සහතිකෙත් ඒත් එක්කම ලියන් එන්න පුලුවන් වෙයි.මේ වෙලාවේ මට මතක් වුනේ මගේ ෆියුනරල් එක කරන විදිහ.රෝස මල් ගොඩක් මැද මාත් රතු පාටට ඇදලා.ඈ හෝව් ෆියුනරල් වලදි රතුද අදින්නේ🙄අහ් මොකක් හරි.අම්මා අරහේ ඉදන් අඩනවා.බලන බලන හැම තැනම හැමෝම අඩනවා.මට ආයෙත් එන්න කියනවා.මාව ගොඩක් මතක් වෙනවලු.හුහ් ඉන්න කාලෙවත් මතක් වුනේ නැති හැම එකාටම දැන් මතක් වෙනලු😑 ඕනි නෑ වෙනම නෑයෝ ටිකක් හයර් කරන් තියාගන්න ඕනී.පොඩ්ඩ්ක් ඉන්න මගේ ෆියුනරල් එක මෙයාලා මෙහෙදි කරයිද.අන්ද්වේ🥺🥺🥺🥺🥺මාව මගේ මව් රටේ නිදන් කරපියව්ව්ව්ව්🤧‍මේ යක්ඛ දෝණි ඉපදුනු තැනම තමයි මැරෙන්න ඕනී හ්හ්..මන් මගේ ෆියුනරල් එකත් ප්ලෑන් කරගෙනම කාර් එකට නැග්ගට මොකෝ බනී නෙවෙයි කතා කලේ.

"ම්ම්"
කතා කරන්නද යන්නේ දැන්නම් බනී කෙසේ වෙතත් බනීම තමා😶

"ඔප්.ඔප්පා දන්නවද ඔප්පා හැන්ඩ්සම් වෙලා.කෙල්ලෙක්වත් සෙට් වුනාදා ආව්ව් අව්ව් මනමාල පාට බලන්නකෝ මට නෑනෙක් ගේන්නද යන්නේ😁"

"නෑනෙක් ගෙනාවොත් හොදට තියෙයි ලෝක විනාසේ තමා😏"
ඒ මොකක්ද ඒ කිව්වේ.නරකට තියෙයි නෑනෙක් ගෙනාවොත්.ගෙනාවත් මට මොකද පයින් දෙන්නේ පයින්😑මගෙත් ඉතින් කට නලියනවා හොදට කියන්න මේ වෙලාවේ කියවලා යක්ශයා කුපිත කරන එක එච්චරටම ඇගට ගුණ නැති නිසා මන් දත් තිහම දාලා හිනා වුනා😁ඔව් ඔව් ඔයාලට වගේ මට දත් වැඩියෙනුත් නෑ ගානටත් නෑ.පොඩි කාලේ පැණි රස කාලා වැඩි වෙලා හක්කේ දත් දෙකක් ගලෝලා😏හිතන් ඇති මන් කන එක නවත්තන්න.මගෙයි පැණිරස වලයි තියෙන ආත්මීය බැදීම බනීගෙයි මගෙයි පරම සහෝදර ප්‍රේමයට වඩා කොහොමත් මට වටිනවා.

මුකුත් කියන් නැතුව මන් කාර් එකෙන් එලියේ සෝල් දිහා බලන් පාඩුවේ ගියත් මගේ මොලෙන් හිතට පණිවඩ යැව්වෙම හොම්බ එලියට දාලා කෑගහපන් කියලා😒හොද වෙලාවට අපි හිතින් හිතන ඒවා ලග පාත ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න නෑ එහෙම වුනාන්ම් ශුවර් එකට මාව පිස්සන් කොටුවට ගිහින් දානවා ඒ තරමට මොලේට එන අදහස් ගොබ්බයි කුජීතයි.
ම්ම් මම අයූරා හිතුවා වගේම මන් ලංකාවේ කෙනෙක්. සිරි ලංකාවේ ජාතියේ පිනට පහලවුනු යක්ඛ දුවක්😊මන් මෙහේ මොකද කරන්නේ නේද ම්ම් නෑ නෑ මන් හයිබ්‍රිඩ් නෙවේ මන් සම්පූර්ණෙන්ම ලංකාවේ ඔම්මා ඔම්මා ගෑවට අම්මයි තාත්තයි දෙන්නම ලංකාවේ මෙහෙ එන්න වුනේ මේ එහා පැත්තේ ඉන්න හිවල් මොටාගේ ස්ටඩීස් නිසා එක්කෝ ඇවිත් පාඩුවේ ඉන්න ඕනි මගුලක් නොකර අපිවත් ඇදන් ආවා.මෙහෙට එද්දී මට වයස 14යි එදානම් එයාර්පෝට් එක දෙක වෙන්න හූ තිව්වා. ඇයි දෙයියනේ මාව මගෙ රටෙන් වෙන් කරලා දේශද්‍රෝහිකමක්නේ කරන්න ගියේ😒කොහොම හරි මාව ප්ලේන් එකට නග්ගත්තේ කෑම ජාති ගොඩක් දීලා😊සල්ලි වලට බෑ කිව්වත් කෑමවලට බෑ කියන්න බෑනේ නේද.හිතුවා වගේම මට මෙහෙ කිසි යාලුවෙක් නෑ🙂වැඩේ කියන්නේ මන් සෝශල් ඒත් කටට බ්‍රේක් නෑ.එහෙමමත් නෙවේ මට ලොකු ලයින් දීගෙන ආවොත් මාත් එහෙමම කාටවත් ඔලුව නවන්නේ නැති නිසා වෙන්න ඇති.කෙල්ලෝ කියන එවුන්ගේ ලොකුකම නිසාම හොම්බට අනින්න හිතෙන සීන් එකක් තියෙන්නේ.ඒ වගේම කොල්ලෝ ම්ම්ම් නෑ අපි ඒ ගැන කතා නොකර ඉමු.මගේ මේ එහා පැත්තෙන් යන බනී වුනත් මට එච්චරක් ආදරේ මගේ කට නිසා.බනී නේද, එයාට බනී කියන්නේ මොකක් නිසා කියලද ඔයාලා හිතන්නේ..........😑 බනී කියන්නේ හාවෙක් නිසාවත් හුරතල් නිසාවත් නෙවේ කොයි වෙලෙත් නැට්ට ගිනි අරගෙන මට බැන බැන ඉන්න නිසා😒

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now