"ආ එයාද......ම්ම් එයා රියා.....ඒ කලේ මට හිටපු හොදම යාලුවා...."
"එයත්??"
"අනී එයා ඉන්නවා....හැබැයි..."
මන් එහෙම්ම බිම බලාගත්තා...."හැබැයි මොකක්ද?"
එයා ඩ්‍රයිව් කරන ගමන්ම නොඉවසිල්ලෙන් ඇහුවා...."එයාට ඇවිදින්න බෑ..ඇවිදින්න තියා කකුලක් හොලවන්නවත් බෑ!!!"
"මොකක්...😶😶"
"දේ......😞😞මට හිතෙන්නෙම එයාටත් ඒ දේ වුනේ මන් නිසා කියලා......."
"ශ්හ් ඔයාගේ වැරැද්දක් නෑ...."
ඔස්කාර් වාහනේ නවත්තලා මගේ මූණ දෙපැත්තෙන් අල්ලගත්තා....හරියට දන්නෙවත් නැතුව මන් වැරදි නෑ කියන්නේ කොහොමද ඒම?
එයා කාර් එකෙන් බැහැලා ඇවිත් මටත් බහින්න දොර ඇරියා...අපි හිටියේ නිස්කලංක තැනට ඈතට වෙන්න ටවුන් එකත් පෙනුනා.....ඔස්කාර් මගේ එහාපැත්තෙන් කාර් එකට හේත්තු වුනා.....මන් එයා දිහා බලන් ඉද්දී එයා හිටියේ ඈත බලාගෙන...."කියන්න කැමතිනම් කියන්න..."
ඈත තිබුණු ඇස් මන් දිහාට හරවලා එයා එහෙම කිව්වාම මට හිතුනෙම එයාට කියලා මේ හැමදේම නිදහස් කරගන්න....මොලේ කියන දේ පැත්තකින් තියලා හදවත කියන දේ මන් කරන්න තීරණේ කලා..."හ්ම්ම්...දන්නවද.....එයයි මායි එකටමයි හැමදෙම කලේ..... ඩාන්සිනුත්!!! Ballet පටන් ගද්දී අපි දෙන්නටම හරියටම වයස 11යි...
ගොඩක් ආසවෙන් අපි දෙන්නා ඒක කලේ අවුරුදු තුනක් පුරාවට....... දන්නවද එදා එයාට ඕනී වුනේ Pole dance කරන්න මන් බලෙන්නම aerial silks කරමු කිව්වා.... Pole dance එකට වඩා ඒක අමාරුයි මට ඕනී වුනේ අමාරු දේවල් කරන්න ඒක physical challenge එකක් නිසා...😔 එයා බෑ කියද්දිත් මන් මුරණ්ඩු වුනා... මගේ වදේ නිසයි එයත් කැමති වුනේ....
අපි ප්‍රැක්ටිස් කරද්දි වුනත් එයා ඒක නියමෙටම කලා.....මට හොදට මතකයි බෑ බෑ කිය කිය කොහොම හරි එයා ඒක කලා...ඒ-එත් එදා ඒ මූසල දවසේ එයාට කොහොමද Aerial Rope එක අත ඇරුනේ?? (Aerial rope = Corde lisse <aerial tissues, Fabric> )
එයා එහෙම careless කෙනෙක් නෙවේ...කොනක්වත් අල්ලගන්න බැරි තරමට එදාම එයාට එහෙම වුනේ කොහොමද?"
මන් ප්‍රශ්නාර්තයක් ඉතුරු කරලා හොබී ඔප්පා දිහා බලන් හිටියත් මන් දන්නවා එයා කියලා මොනා කියන්නද?
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊