👀Chap 14👣

123 41 48
                                    

"අහ් ඔව් ඉතින්......"
ආයෙත් ඒ නම ඇහුනාම මට ඉබේටම බිම බැලුනා....

"අහ් මියානේ ඔයාව අප්සට් කරන්න හිතුවේ නෑ..මියානේ..."

"අනී ඒකට කමක් නෑ.. .මොකක්ද ඔයා අහන්න ගියේ?"

"ම්ම්ම් එයාට මොකද වුනේ........"

"මැරුණා...🙂 ඇක්සිඩන්ට් එකක්... එයා ගියා....ගොඩක් දුරට....එයාගේ නංගිව දාලා ගියා.......ඈතට...."
ඒ ටික කියද්දිත් මගේ ඇස් වලට කදුලු පිරිලා තිබුණා.....

"මෝහ්??නංගි??"

"දේ ටෙහාන් කියන්නේ මගේ ඔප්පා........"

"මොකා?එ-එතකොට එයා ඔයාගේ ආදරේ නෙවේද?"

"අනී මගේ ආදරේ තමා....බනීගෙයි මගෙයි ඔප්පා..😊"
ටිකක් වෙලා එහෙමම ඉදලා ඔස්කාර්ටත් යනවා කියලා මන් ඉක්මනට ආවේ තව ටිකක් හිටියොත් මගේ කදුලු මගේ පාලනයෙන් ගිලිහෙනවා කියලා දන්න නිසා...
මට කවුරුත් ඉස්සරහ අඩන්න ඕනී නෑ... අයියලා දෙන්නා ඇර වෙන කවුරුත් ඉස්සරහ මගේ දුර්වලකම් මන් පෙන්නලත් නෑ.......මන් කදුලු දැක්කේ හැමදේටම බාදාවක් විදියට...
අයියා මට කියල තිබ්බෙත් හිතට නිදහසක් දැනෙන තැනක අඩන්න එහෙම නැතුව හැමතැනකම අඩලා මගේ වටිනාකම බාල්දු කරගන්න එපා කියලා...
මන් කිව්වේ ඇත්ත එයා තමා මගේ පලවෙනි ආදරේ...නොලැබුනු තාත්තගේ උනුසුමත් එක්ක මට ආදරේ දුන්නේ එයා....මගෙයි,බනීගෙයි අයියා.  
මගේ තාත්තා,අයියා,ආදරේ ඒ හැමදේම වුනේ එයා.... තමන්ගේ අයියගෙන් ලැබෙන සෙනෙහස ආදරේ නෙවේද? මදි නොකියන්න ආදරේ දුන්නා එයා මට... කවදාවත් දැකලවත් නැති තාත්තෙක්ගේ අඩුව මට දැනෙන්නේ දුන්නේ නෑ... මගේ අනාගතේ ගැන මට වඩා හීන දැක්කේ එයා......එයාටයි ඕනී වුනේ මන් මේ ඉන්න තැන බලාගන්න...අද එයා හිටියනම් එයා මට දාලා දුන්න මේ අඩිතාලම ගැන ගොඩක් සතුටු වෙයි...

බනී අයියගෙන් මරණෙන් පස්සේ ගොඩක් වෙනස් වුනා...එයා සෙල්ලක්කාර ජිවීතේ අත ඇරලා වගකීම් කරට ගත්තා...බනී මාව ඉස්සර දැක්කේ කරදරකාරියක් විදියට ඒත් එයා මාව ගොඩක් පරිස්සම් කරන්න පටන් ගත්තා...චූටී දේටත් කලබල වුනා..අයියගේ හීනේ දැන් එයාගෙත් හීනේ වෙලා......

..............................
Next day...

මුන්ගේ ආච්චිට හාල් ගරන්න මේ මොකක්ද මේ...🙂 මේ මංගළ්ලේ පැටලිලා වැටුනොත් එහෙම හොම්බ තලාගන්න තමා වෙන්නේ.....මේහෙම වස්ත්‍රයක් අදින්න තියෙන්නේ කියලා දන්නවනම් මන් එන්නෙත් නෑ...හෝව්ව් මන් කලින් මේක ෆිටෝන් කරලා බැලුවෙත් නෑ හැබැයි ගානටම තියෙනවා....
සා වෑව්ව්....කොණ්ඩෙත් කඩලා දැම්මනම් මෝහිනීගේ ලයිට් වර්ශන් එක වගේ ඉදී..😌

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now