👣Chap 9👀

189 53 30
                                    

අහ් මම මේ....කොල්ලෙක්!!!ඔව් මට පිටුපාලා කොල්ලෙක් හිටියා......එයාව ගොඩක් උසට මට පෙනුනේ....අහ් හරි ඉතින් මන් බිමනේ...ටිකක් වෙලා ඒ කොල්ලා දිහා බලන් ඉද්දී එයා මගේ පැත්තට හැරුනා......

වාහ්හ්...ඉස්සෙල්ලම මන් බැලුවේ එයාගේ සපත්තු දිහා...ඔය තියෙන්නේ දිලිසි දිලිසි...එහෙම්මම මන් ඇස් මට්ටම සුට්ට සුට්ට උස්සලා බැලුවා සුදු පාට කලිසමක් හූම්ම් සුදු පාට අදින්නේ කවුරු හරි වලකජ්ජ ගහලද දන්නේ නෑ පව් කොල්ලා දුකින් ඇත්තේ🙁එහෙම්මම උඩට ආවා...හා හා මගේ ඇස් වෙන කොහෙවත් නතර කරන්නේ නැතුව කෙලින්ම මූණ ලගට ආවා හූම්😒 ඒ තොල්....ඒ තොල්වල ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා..බොරු කියන්න ඕනී නෑනේ ඒ තොල් දැක්කාම කිස් කරන්නමයි හිතුනේ🙂ඊළගට නහය....අහ් ඒ ඇස්!

ජ්-ජිමින් ඔයා...ඔව් එතන හිටියේ Children's Park Jimin👉🏻👈🏻 හෙවත් කොට පාත්තයා...ඒත් එයා හරියට ලස්සන කොල්ලෙක් වගේ...අහ් කොහොමත් කොල්ලෙක් තමයිනේ....ලස්සන?මේ කොට පාත්තයගේ මොන ලස්සනක්ද?හැබැයි සුදු පාට එයාට මාර විදියට මැච් වෙනවා😍හිත ඇදිලා යනවා...අනී මොකටද හිත ඇදිලා යන්නේ ඇයි හිත ඇදෙන්න ඉලාස්ටික්ද?..මොහ්! එයා මන් දිහා බලලා එයාගේ තොල් අතර තිබුණු සිහින් හිනාව තවත් වැඩි කලා අහ්..එයා ටිකෙන් ටික මන් ලගට අඩිය තිව්වා...මන් ලගටම ඇවිත් නැමිලා මට හරි ලස්සන විදියට අත දික් කලා... අහ් හරි මන් මේ මෝඩයා දිහා මෙච්චර වෙලා බිම ඉදගෙනනේ බලන් ඉදලා තියෙන්නේ...
බනී එහෙම ලග පාත හිටියනම් චාටර් කරලා මරන්නේ...එයා අත දුන්නා මන් ඉතින් හිමීට අල්ලගෙන නැගිට්ටා.මොකෝ අතින් පයින් යනවා කියලද නෑනේ....ජිමින් මන් දිහා උඩ ඉදන් පල්ලෙහට බලලා හිනා..මට කියන්න එපා දැන් මන් අංගවිකල ගොබ්බ විදියට ඉන්නවා කියලා...ඒත් එක්කම මන් බැලුවේ මන් දිහා දෙවියෝ ඉතින් පන්න පන්න මට කෙලවන එකනේ කරන්නේ😒..ඇහ් වාහ්හ් ඔය ඉන්නෙ සුදු කපුටෙක් වගේ😊 ඔව් මන් හිටියේ සුදු පාට ගවුමක් ඇදගෙන....මෙච්චර දිග ගවුමක් ඇන්දමද කොහෙදෝ😑මේ අටමගලේ පටලගෙනද දැන් මන් ඉන්න ඕනී..
ආයේ මුකුත් හිතන්නවත් නොදී ජිමින් මාව එයාගේ ලගට ඇදලා ගත්තා...මොන රෙද්දක්ද කරන්නේ කියලා අහන්න මන් එයා දිහා බැලුවා

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now