'|'~•පළමු ගිණිදැල්ල•~'|'🔥

1.6K 118 34
                                        

මම නැගිටිනකොට අටට විතර😀පුරුදු ඉතිං නැතිවෙන්නෑනෙ.උදේ පාන්දර නැගිටිනවට වඩා සැපයි රෑට නිදාගන්නැතුව ඉන්නව.සාප මෙව්ව සාප......

•"ආ....කෙල්ලට ඉර පෑව්වද?"

•"ඔව්නෙ ස්වීටි....වෙනදට මාව ඇහැරවන නිල නොලත් එලාම් එක අද ඇහැරෙව්වෙ නෑනෙ.ඉතිං සැපට නින්ද ගියා"

අමිතට හිනා ගියෙ ඇය මේ කියන්නෙ තමට වග දන්න නිසා.ඇයි ඉතිං දේවව වෙන්දට ඇහැරවන්නෙ අමිතනෙ.නිල නොලත් එලාම් එක් තමා දේව් දාලා තියෙන නම😂
•"ඇති ඇති කෝලම් කලා අන්න  කෑම බෙදුව.මල්ලිනං  කනව ඔයත් කන්න"

•"ආ...අපේ මලය නැගිටලද?පුහ්.ලෝක
පුදුම "

•"අනේ නිකං ඉන්න සුදු දුව මගෙ කොල්ල එහෙම් නෑ ඔයාතමා කුමාරි හාමි වගෙ දවල් වෙනකං නිදාගන්නෙ"
•"අනෙ අම්මේ ඉතිං ...ඔව් ඔව් අම්මගෙ සුදු පුතා එහෙම නෑ...ඇයි දෙයියනේ මේම..පේන්නැද්ද මේ බැතිමතාට වෙන අසාදාරණ කං...කෲර ලෝකෙ....මුවාටත් ඉතිං පස්සෙ ආපු අග ලොකු උන එකේ මේ මනුස්පයො ගැන කවර කතාද?හුම්..."

අත් දෙකත් අහස දිහාට දික්කරකර යන දේවා දිහා අමිත බලා උන්නෙ සෙනෙහසින් "පිස්සු කෙල්ලෙක්"ඇසට ඉනූ කදුලු පිසදාලා ඇය නැවත කර කර ඉදපු වැඩේ කරන්න ගත්තා.තාත්තත් නොමැතිව දරුවො දෙන්නව උස් මහත් කරන්න ගත්ත් මහන්සිය දන්නෙ ඇය .දැන් ඇය අවුරුදු 24 ක කෙල්ලෙක්ගෙයි අවුරුදු 20 ක කොල්ලෙක්ගෙයි ආදරණීය මවක්.ඉදින් දැන් ඇය දිනල ඉවරයි.සතුටුයි ඇයට ඔවුන් උස් මහත් ඌ ආකාරය ගැන .ඒකයි දෑසට කදුලු ඉනුවෙ

මං කෙලිම්ම ආවෙ සාලෙට .ඔන්න ඉන්නව අපේ මලයා කකුල් දෙකත් උඩට කරං.යකෝ ඒකා නිකං අයිතිකාරය වගේ

•"ආ කුමාරිහාමි නැගිට්ටද..."

•"එසේය එසේය දැං ඔය සේවකයා වහා ගොස් කුමාරි හාමිට අනුභව කිරීමට යමක් රැගෙන එව.යනු යනු "

•"ඵල යන්න ගස් ගෙම්බි...මහ ලොකු කුමාරිහාමි...මං කියන්නෑ තමුසෙට"

•"කියන්න සුද්දො මං  අහං ඉන්නෙ...කෝ කෝ කියන්න ඉතිං"

•"සැක් තමුසෙනං...එහාට ඵල මට කන්න දීලා"

•"සරි සරි ... ඕකට ඉතිං කෑ ගහන්න ඕනෙයෑ..."

මං කෑම එකත් අරගෙන වාඩි උනේ වාශ් ගාවින් ගාෆීල්ඩ් බලන්න(ඇයි උබල ඕම බලන්නෙ අවුරුදු 24 ක් කියල සිගිතිගතිය නැති වෙනව කියලද😉)
ආයි ඉතිං ඒක ඉවර වෙනකං අපි දෙන්න නගිටිනව බොරු හුම්..😂

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Where stories live. Discover now