•"ඔයා වගේ"
•"මො..මොකක්ද"
•"ඔව් අක්ක.ඔයා ගොඩ්ක් හොද කෙනෙක්.ඔයා විතරක් නෙවෙයි ඔයාලා පස් දෙනාම.ඉතිං අපි කැමති ඔයාලා වගේ වෙන්න.අද ඉදල අපි ඔයා කියල දුන්නු විදිහට ජීවත් වෙනව"
ඒ දරුවො දෙන්න කීවෙ මගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම දෑසට කදුලක් එක් කරලා.තවත් එතන ඉන්න බෑ කියල දැනුන නිසා වැස්ස පායල නොතිබ්බත් මම හැදුවෙ ගෙදර යන්න
•"එහෙනං අපි යන්නං.අම්ම බයවෙලා බලාගෙන ඇති .ඔයාලට වැස්ස පායනකං මෙතන ඉන්න දේවි.එහෙම නේද"
අන්තිම ටික මම කිව්වෙ මුදලාලි දිහාට හැරිලා
•"ආ..ඔ..ව්.ඔව්"
ඉතිං ප්‍රශ්නෙ ඉවර නිසා අපි හැදුවෙ යන්න ඒත් මං නැවතුනෙ අපි උදව් කල කාන්තාව මගෙ අතින් අල්ලා නැවත්තුව නිසා
•"ගොඩක් පින් දරුවෝ.අපිට මේ තරං උදව් කලාට.ඔයාවගේ දරුවෝ ලබන්න ඔය දරුවන්ගෙ දෙමව්පියෝ ගොඩක් පින් කරල"
ඇය එසේ කිව්වම ගොඩක් අය හිස සලා එය අනුමත කලා දුශී ලා හිනාවකින් පමනක් සන්ග්‍රහ කලත් නිතැතින්ම මට කතාකෙරුනා
•"මගෙ අප්පච්චිත් හිටියනං"
•"ඇයි දරුවො එහෙම කියන්නෙ.පුතාගෙ අප්පච්චිත් පුතා වගේම වෙන්නැති පුතගෙ ගෙදර අය යාලුවො නැදෑයො පුතාගෙන් අප්පච්චිව දකිනව ඇති.පුතා අප්පච්චි කිව්ව් විදිහටම ජීවත් වෙන්න .එතකොට පුතාගෙ අප්පච්චි කොහේ හරි ඉදගෙන සතුටුවෙයි"
•"හ්ම්"
මං අයට හිනාවෙලා මගෙ බයික් එකට නැග්ගා.ඔව් ඇය කිව්ව හරි අප්පච්චි කොහේ හරි ඉදන් මං දිහා බලං ඉන්නව ඇති.මං ඇස් කොනින් දැක්කා අනිත් හතරත් පස්සෙන් එනව.ඔවුන් දන්නව මට මේ මොහොත තනියම අවශ්‍ය බව ඒකයි නොකීවෙ මුකුත්ම ඔවුන්.හිතේ තිබ්බ දුක තරහව ඔක්කොම පිටකරේ මම් බයික් එක හයියෙන් රේස් කරලා.ටික දුරක් ගිහිං මම හැරිල බැලුවෙ හිතට දැනුන හැගීමෙන්.මම හිතුව වගේම අර දරුවො දෙන්න ලස්සනට හිනාවෙලා මං දිහා බලං ඉන්නව.හිතට දැනුන සිතුවිල්ලකට මම ඔවුන් දෙන්නට අත වැනුවා.ඔවුනුත් පෙරලා අත වැනුවෙ ඒ දේ බලාපොරොත්තුවෙන් ඉදියා වගේ
ВЫ ЧИТАЕТЕ
🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥
Детектив / Триллер🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓 වෛරයේ ගිණිදැල් මතින් යුක්තිය සොයන #ඇයත්, ජීවිත සමග හරි අපූරුවට සෙල්ලම් කරනා #දෛවයත් ඉදින් බලා ඉන්න කවුරු ජයගනීද? #යුක්තියද? #අයුක්තියද? *ඔවුන් දෛවය වෙනස් කරයිද නැතිනම් දෛවය ඔවුන්ව වෙනස් කරයිද #2 -Thriller Ranking out of 918 storie...
