'|'~•දහනවවන ගිණිදැල්ල•~'|'🔥

274 64 6
                                    

බන්දනාගාර බස් එක විසික් වෙලා ප්‍රපාතයකට වැටුනෙ ලොකු සද්දයක් එක්ක.බස් එක පෙරලුනෙ සෙනග අඩු පාලු තැනක නිසා මිනිස්සුන්ට එතනට එන්න වෙලාවක් තිබුනෙ නෑ.ෂැඩෝ ගැන් එක උන්නෙ තුෂ්නිම්බූත වෙලා හරිනං ඩීකේ මේවෙනකොට එලියට එන්න ඕනෙ.ඔව් මේක ඩීකේගෙ සැලසුමක්.නමුත් ගැන් එක මේකට තදින්ම විරුද්ද උනේ මේකෙන් ඩීකෙගෙ ජීවිතෙ අනතුරේ නිසා.නමුත් ඩීකෙගෙ තීරණය වෙනස් නොවුන නිසා ඔවුන්ට කරන්න දෙයක් තිබුන්නෑ.අකමැත්තෙන් වුවත් ඩීකෙගෙ තීරණයට එකගවෙන්න සිදුවුනා ඔවුන්ට.කන්ටේනරය පදවන්න මිනිසෙක් ඔවුන් හොයාගත්තා.හරි වෙලාවට බස් එකේ වැද්දුවත් වැරැද්දක්වත්ද?ඇයි ඩීකේ තාම එලියට නාවෙ.සැලැස්ම වැරදුනත් ගැන් එකට නං ප්‍රශ්නයක් නෑ.නමුත් ඩීකේගෙ ජීවිතය.....................

•"ඩ්‍රැ...කී.....තා..ම ...ඩී..කෙ..ආ...වෙ...නැ...ත්....තෙ......

•"මයි ගෝඩ් ඩීකෙ එනව......"

ඔව් අන්තිමට ගැන් එකෙ අයට ලේ ටිකක් ඉනුවෙ දැනුයි.....ඩීකෙ ආවා.....නලල තුවාල වෙලා තිබුනත් අන්තිමට ඩීකෙ පැමිණියා....ඔවුන් හෙමින් බසයට ලං වුනා.එවිටමයි පොලිස් සයිරන් නලාහඩ ඇහෙන්න ගත්තෙ.ඒ වෙනකොටත් බසයෙ ඩීසල් ටැංකිය ඇරිලා තිබුනා.එය දුටුවිට නං ගැන් එකෙ අයට නැගුනෙ හිනාවක්.මොකද ඩීකෙ කියූ ලෙසටම සියල්ල සිදුවෙනවා

පොලිස් සයිරන් හඩ ලගලගම ඇහෙද්දි ඩ්‍රැකී අතට ගත්තෙ ලයිටර් එක........ඉන්පසු.........බූම්💥
බසය පිපිරීගියේ රනාගෙයි චුට්ටෙගෙයි වේදනාබර හඩත් එක්කම.......පොලිසිය එවිටමයි පැමිණියේ.නමුත් එවිට ෂැඩෝ ගැන් එකේ එකදු සේයාවක්වත් තිබුනෙනම් නෑ.......

රනා වැන්නවුන් පිලිලයක්.....ඔවුන්ව විනාශකල යුතුයි.නමුත් එයට ඩීකේ තෝරගත්තු මාර්ගය නිවැරදි නෑ.ඩීකේත් දන්නව ඒගැන.ඔව් ඩීකේ දන්නව එය වැරදි බව නමුත් නීතිය රැකිය යුත්තන්ම නීතිය බාල්දු කරන විට.යුක්තිය සාධාරණය සල්ලි වලින් යට ගහන විට ඩීකේට වෙන පිලියමක් තිබුණෙ නෑ පලිගැන්ම ඇර.මේ සමාජයමයි ඩීකෙව මේ තත්වයට පත්කලේ.ඩීකේගෙඅතින් මිනිස්සු සියගානක් මැරෙන්න ඇති.ඔව් ඩීකේ මිනිස්සු මැරුව හැබැයි ඒ එක මිනිහෙක්වත් අහිංසක මිනිස්සු නෙවෙයි.ඩීකෙගෙ අතින් මැරුණු අය අතර කවදාවක්වත් ලමයි ඉදියෙ නෑ කාන්තාවො ඉදියෙ නෑ වයසක අය ඉදියෙ නෑ.ඉදියෙ යුක්තිය සාධාරණ අදුරන්නැති පා%*#& විතරයි.නීතියට කරන්න බැරි උනු දේ ඩීකේ කලා.ඒ අතීතයේ තමංට සිද්ද උනු දේ තව කාටවත් නොවෙන්නයි .ඩීකේට උනෙ ලොකු අසාධාරණයක් ෂැඩෝ ගැන් එක දන්නව එය.ඒකයි ඔවුන් ඩීකේට එක් උනේ.දවසක ඩීකේ යන්නම යාවි.....ඔව් එහෙම දවසක් අනිවාරෙන්ම ඒවි.....

•••••••••••••••••••••••••••••••••••••••••••
CBI Oficer Randu හිටියෙ තමංගෙ ප්‍රධානියට පිළිතුරු දෙන ගමං.

•"ඇයි රන්දු ඔච්චර රිස්ක් එකක් ගත්තෙ"

•"සර් ඒ මම නෙවෙයි"

•"මො...කක්ද....එතකොට රනාව මැරුවෙ කවුද"

•"සර් මං රනාව ඉවරයක් කරන්න ප්ලෑන් එකක් ගැහුව තමයි...ඒත් ඔහොම නෙවෙයි මං දන්නෑ මොකක් උනාද කියල...රනාට මම කේන්තියෙන් කෑගහල ඒ දෙන්න ඉදපු එක ලොක් කරල ඉස්සරහට ආවෙ වතුර ටිකක් බොන්න.එතන අනිත් ඔෆිසරුයි ඩ්‍රයිවර් එක්කයි කතාකලේ අද තීන්දුව ගැන...එතන විනාඩියක් ඉන්න ඇති මම.ආපහු අනිත් පැත්තට යන්න හැරුනා විතරයි මොකක් හරි බස් එකෙ වැදිලා අපි තුන්දෙනාව එලියට විසික් වෙලා ගියා විතරයි මට මතක.ආයෙ සිහිය එනකොට මං ඉදියෙ හොස්පිටල් එකේ...එතනදි තමා දන්නෙ රනාවයි චුට්ටෙවයි පිච්චිලා කියල"

ඊලගට පිළිතුරු දුන්නෙ අනිත් ඔෆිසර් හා බස් එකේ ඩ්‍රයිවර්.ඔවුන්ගෙ පිළිතුරුත් රන්දුගෙ පිලිතුරම උනෙ රනාගෙ හා චුට්ටෙගෙ මරණය හදිසි අනතුරක් ලෙස සනාත කරමින්

•"හ්ම් දැං යන්න "

•"ඕකේ සර්"

රන්දු හා අනිත් දෙදෙනා කාර්‍යාලයෙන් එලියට ආවෙ තරමක් අපහසුවෙන්.ඔවුන්ගෙ තුවාල තවම සුව වී නෑ.දවස් දෙකකට පෙර බස් අනතුර නිසා......කන්ටේනරය පදවා ආපු කෙනා බීමතින් සිට ඇති බව ඒ වෙනකොට පොලිසිය තහවුරුකරගෙන තිබුනා.......

************************************
#DewNash📝

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Onde histórias criam vida. Descubra agora